හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනයෙන් ජීවතක්ෂයට පත්ව ඇති පිරිස සහ එම ඝාතනය සිදු කර ඇති පිරිස හිටපු විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාරගේ සමීපතමයින් කණ්ඩායමක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රියන්ත ජයතිලක නැමැත්තා තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ හිනිදුම මහාබෝධිවත්ත පදිංචි දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු වන 55 හැවිරිදි පි.ඩබ්ලිව්.ඩී ඉඳුනිල් සමන් කුමාර, බටපොල නාමල් සෙවණ පදිංචි 34 හැවිරිදි එස්.එම්. නෙවිල් සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි 39 හැවිරිදි චතුරංග කුමාර බටගොඩ යන තිදෙනාය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පි.ඩබ්ලිව්.ඩී ඉඳුනිල් සමන් කුමාරත් එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති තවලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රියන්ත ජයතිලකත් හිටපු විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාරගේ සමීපතමයින් දෙදෙනෙකි. තවලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රියන්ත ජයතිලකත් හිටපු විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාරගේ හිනිදුම ආසනයේ සම්බන්ධිකරණ ලේකම් වශයෙන්ද කටයුතු කර ඇත
ඉකුත් 30 වනදින රාත්‍රි 11ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර තිබූ අතර ඝාතන සිදුවු ස්ථානයේ තිබි ටී 56 උණ්ඩ කොපු 28ක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
උක්ත ඡායාරූපයේ හිටපු ඇමති මනූෂ නානායක්කරගේ දකුණු පසින් සිටින්නේ ඝාතනයට ලක් වූ පි.ඩබ්ලිව්.ඩී ඉඳුනිල් සමන් කුමාර නැමැත්තා වන අතර වම් පසින් සිටින්නේ තවලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රියන්ත ජයතිලක නැමැත්තාය.