පාර්ලිමේන්තු කෑම පිඟාන ප්‍රොඩාවක්: ක්‍රම වෙනස වෙනුවට පැලැස්තර
(Sri Lanka Brief/28.01.25) පාර්ලිමෙන්තුවෙහි මහජන නියෝජිතයින් සඳහා ඇති ආපන ශාලාවෙහි දිනක ආහාර මිල රුපියල් 2000 කිරීම ප්‍රශංසාවට ලක් කරමින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බ්‍රිෆ් පලකළ ලිපිය සම්බන්ධයෙන් විපක්ෂ මංත්‍රීවරයකු පසුගිය සිකුරාදා ඇමතුමක් දුන්නේය.
ඔහු කී කතාව මෙයයි.
“පාර්ලිමේන්තුවට පිටිං කෑම ගෙන්න දෙන්නේ නැහැ.
“මංත්‍රීවරු පමණක් නොවෙයි පාර්ලිමෙන්තු සේවක සේවිකාවන් කන්න ඕනෙත් මේ ආපන ශාලාවෙන්මයි. එතන 1000ක් විතර ඉන්නවා.
“වෙනම පොඩි කැන්ටිමක් තියෙනවා මංත්‍රීවරුන්ගේ රියදුරන්ට. එතන මෙහෙම කෑම නැහැ.
“ මම ඊයේ උදේට කෑවේ ඔම්ලට් දෙකක් ඔම්ලට් විතරයි. ඒකට රුපියල් 600ක්. දවාලට රතු බත්, පොල් සම්බෝල සහ එක වෑන්ජන දෙකක්. මං පාර්ලිමේන්තු කෑමට මස් ෙගන්නේ නැහැ. මං ඩෙසර්ට් ගන්නේත් නැහැ. ඒකට රුපියල් 1,200ක්.
“ මේ දවල් කෑම වේල මිහිරි හරි වෙන ඒ වගේ තැනකින් ගත්තොත් වෙන්නේ රුපියල් 350යි. බිත්තර ඔම්ලට් එකක් වැඩිම උනොත් රුපියල් 180යි.
“හවස තේ එකට රුපියල් 200යි.
“ මංත්‍රීවරයකුගේ වැටුප රුපියල් 55,000යි. ඒ වැටුපෙන් සමාජ සේවය කරන දේශපාලනඥයකුට ජීවත් වෙන්න කොහොමටත් බැහැ. විපක්ෂ මංත්‍රීවරුන්ට හුඟක් වෙලාවට වෙනත් ආදායම් මාර්ග තියෙනවා. නමුත් ජාජබ අයට නැහැ. පක්ෂයෙන් ගාණක් දෙනව ඇති. මට නම් වෙනත් බිස්නස් නැහැ.
“ඒත් උතුරේ දෙමළ මංත්රීවරුන්ටත් එහෙම නැහැ. ඔවුන් එන්නේ කෝච්චියේ. තමන්ගේ වාහනයක ආවොත් විසි තිස් දාහක පැට්රල් යනවා. ඔවුන් වැල්ලවත්තට ඇවිත් පික් මී එකක එන්නේ. ඒ අයත් මෙතනින් මේ විදිහට කන්න ඕන.
“ජනාධිපතිතුමා අවුරුදු 24ක් මේ පාර්ලිමේන්තු කැන්ටිමෙන්නෙ කෑවේ. අඩු ගාණට. අපි හැමෝම දැකල තියෙනවා මලිත් සමරවික්‍රමත් එක්ක වාඩිවෙලා පැයක් විතර දවල් කෑම කනවා.
“මං දන්න තරමට පාර්ලිමේන්තු සුලු සේවකයෙක්ගෙන් මාසයක කෑමට වැටුපෙන් කපන්නේ රුපියල් 1000යි. විධායක ශ්‍රේණියේ 300ක් විතර ඇති. එ අය ටිකක් වැඩිපුර ගෙවනවා ඇති.
“ ඒ අය කන්නෙත් මේ කෑම. සමහර විට ඩෙසර්ට් නැතිද දන්නෑ.
“මං ඔය ස්විස්ටර්ලන්තේ ජිනීවා විහ්වවිද්යලයේ කැන්ටිමෙන් දවසක් කෑව. එතන පොපෙසෙර්ලත් පෝලාමේ ඇවිත් සැලඩ් එකක් විතරක් වගේ ගන්නවා. එතකොට ගෙවන්නේ ඒ සැලඩ් එකේ ගාන විතරයි. ඒ හැමෝටම කාඩ් එකක් තියෙනවා. එකට සුලු ගාණක් අඩුවෙන් තමයි කෑම ලැබෙන්නේ.
“මතකද ඒ කාලේ කොටුවේ වයිඑම්සීඒ එකේ කැන්ටිම. අපි කැමති කෑම අරං එන කොට කැෂියර් නෝනා පිඟාන දිහා බලල ගාණ කියනවා. ගෙවන්න තියෙන්නේ ගත්ත කෑම වලට. අතේ තියෙන ගාණට කන්න පුලුවන්.
“ ක්‍රම වෙනසක් ගැන කතා කරනව නම් කරන්න තිබුණේ ඒ වගේ වෙනසක්. ගන්න ගානට ගෙවන්න. දැන් කරල තියෙන්නේ ප්‍රෝඩාවක්.
“ ඇත්තටම කියනව නම් මේ වෙනස කරල තියෙන්නේ ජාජබ මංත්‍රීවරුන්ට උගන්නන්න වෙන්න ඇති. 159ක්ම කන්නේ ජාජබ මංත්‍රී සෙට් එකනේ. ඒ අය හරියට ඉස්කෝලෙ ළමයි වගේ. හැමෝම හැමදාම එනවා. 12.30ට හැමෝම කෑමට යනවා. 1.30 හැමෝම ඇවිත් තමන්ගේ ආසන වල වාඩි වෙනවා.
“ මං හිතන්නේ එන්නෙ නැති දවසට පක්ෂ කමිටුවෙන් ලියුමක් ගෙන්න වෙනව ඇති.
“ඇත්තටම නම් මේ පාර්ලිමේන්තු කැන්ටිමේ වැඩිම පාඩුව වෙන්නේ එහි සේවක සේවිකාවන්ට දෙන කෑම වලින්. ඒ අඩුම ගාණේ අය දවස් 22ක් කනවා. අපි යන්නේ මාසයකට දවස් 08. ඒ දවස් අටට රුපියල් 16.000ක් කැපෙනවා.
“ තේ හරි කෝපි හරි බොන්න උණු වතුර මැෂින් හයිකරන්න බැරිද? අපට කැමති තේ එකක් ගෙනැත් හදා ගන්න පුලුවන්. ඒකට ඕනේ නම් පොඩි ගාණක් කපා ගන්න පුලුවන්.
“ මේක විහිළුවක් සුනන්ද. දන්න කෙනෙකුට තියන්න ගන්න ගානට සාධාරණ ගාණක් අය කරන්න කියලා. මේ වගේ සෝබන වලින් රටක් හදන්න බැහැ.”