Thursday, January 30, 2025

අනුර සහෝදරය, බොරු වළවල් මඟ හරින්න ඉගෙන ගන්න! ආණ්ඩුව ඊ සෙට් කර ගන්න!!

ජාතික ජනබලවේගය ආණ්ඩුව තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ සෙල්ලම කරන බවක් පෙනෙන්නට තිබෙි.පැරණි ආණ්ඩුවල හයියෙන් පොදු මහජන දේපොල සොරා කෑ එවුන්ට එරෙහිව මීට අවුරුදු දහයකට පහලොවකට පෙර ලැබී තිබුණ පැමිණිලි සම්බන්ධයෙන් සිඳු කරන ලද පොලිස් විමර්ශනයන් යටත්ව නීතිපතිවරයා විසින් නඩු පැවරීම සිදු කරන්නේ වර්තමානයේදීය.මේ ව්න විටත් එලෙස පවරන ලද නඩු කිහිපයක විත්තිකරුවන් අධිකරණය මගින් ඇප මත මුදා හැරිණි.

ඔවුන් අධිකර⁣ණයෙන් පිටතට පැමිණ ගෙදර ගියේ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ රෙදි ,චීත්ත,හා අමුඩ සියල්ල ගලවා දමිනි.මේ සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව අදහසක් නැති ජනතාව සිටින්නේ අන්ද මන්දවය.ඒ මන්ද යත් අධිකරණයෙන් ඇප මත මුදා හැරුණ ඒ දූෂිතයන් ගේ කෙරුවාව ජනතාවට අමුතුවෙන් පහදා දෙන්නට අවශ්‍ය නැති බැවිනි. නීතිය හා සාමය බාර ඇමති ආනන්ද විජේපාල නීතිපති හා දූෂිත විනිසුරුවරුන් විසින් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාත් ගොනාට අන්දාගෙන ඇතැයි සිතන තරමට ජනතාව තුළ මේ නාඩගම ගැන සැක සංකා පහල වී තිබේ.

මෙහිදී අප දූෂිත විනිසුරුවරුන් ගැන සඳහන් කරන්නේ … වැනි අයවළුන්ගේ කෙරුවාව ගැන අප හොදින් දන්නා බැවිනි. ඒ ගැන දන්නේ අප පමණක්ද නොවේ.ජාතික ජන බලවේගයේ පර්ලිමේන්තු කෝඩුකාරයන්ට මේ හාදයන්ගේ කෙරුවාව ගැන අදහසක් නැති වෙන්නට පුළුවන.ඒත් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඔවුන් ගේ තක්කඩි පැටිකිරිය ගැන ඒ ටු ඉසෙඩ් දන්නා බවද සැකයක් නැත.නීතිපතිවරයා රනිල් වික්‍රමසිංහගේ රූකඩයකි. නීතිය හා සාමය බාර ඇමති ආනන්ද විජේපාල ගැන දන්නේ ඔහු ඇසුරු කරන්නන්ය. අප නම් දන්නේ මේ උන්නැහේලා එක්වී ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ සිත් බිඳවමින් තිබෙන බවය.

තාජුඩීන් ඝාතනය සහ පොලිස් ඇමති

නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාලගේ උපදේශකයා තාජුඩීන් ඝාතනය හා සම්බන්ධ සැකකාර පොලිස් විශ්‍රාමිකයෙකි. අපට දැන ගන්නට ලැබී ඇති තොරතුරු වන්නේ පසුගිය මැතිවරණයේදී මොහු  අනුර සහෝදරයාට ආරක්ෂාව සැළසීම නිසා මේ උපදේශක තනතුර⁣ට පත් කළ බවය.ඉතා කෙටි කාලයක් අනුර සහෝදරයාට ආරක්ෂාව සැළසීම නිසා පැටිකිරිය සොයා නොබලා උපදේශක තනතුරක් දීමට තරමේ විශ්වාසවන්තයකු බවට පත් වීමට හැකි වූයේ නම් නෙවිල් වන්නිආරච්චි කමල් ගුණරත්න වැන්නන්ට පවා මාලිමාවට සෙට් වීම⁣ට ඉඩ හැකියාව තිබුණි.

මිනිස් ජාවාරම්කාරකුටත් කල්ල මරේ

 ඒ අතරේ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න සමග රුසියාවට හමුදා සෙබළුන් යැවීමේ ජාවාරමට සම්බන්ධ වූ බවට චෝදනා නැගුන ⁣විශ්‍රාමික පොලිස් අධිකාරීවරයකු වූ පියනන්ද නැවත සේවයේ පිහිටුවා ජාතික බුද්ධි සේවාවට අනුයුක්ත කර තිබේ.මේ පිනා චාන්ස් එක එම පැන්ෂන් කාරයාට හිමි වූයේ ඔහු පසුගිය මැතිවරණ වලදී කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් සාමූහිකයේ සංවිධායක වරයා වූ නිසා බව පැහැදිලිය.

සාගලලාගේ වජිරලාගේ ගේම්

මේ සියල්ල කිරා මැණ බලා තක්සේරු කරන විට අපට සිතෙන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුවට කෙදිනක හෝ කෙල වෙන්නේ මාලිමාවේ විශ්‍රාමික පොලිස් සමූහයට සම්බන්ධව සිටින ප්‍රධාන පෙලේ නියම තක්කඩි බඩු සෙට් එක නිසා බවය.මේ වන විටත් නීතිය හා සාමය අමාත්‍යංශය අරක්ගෙන ඇති මේ වාහෙලා ඇතමුන් සාගල රත්නායක වජිර අබේවර්ධන හා පොදු ජන පෙරමුණේ නායකයන් සමග හොර රහසේ එක පතේ කන රෙන වුන්ය.මේ කුලකයේ ඇතමුන් මාලිමාවේ  පොලිස් විශ්‍රාමික සමූහය තුළ පැල කරවන්නේද වජිර හා සාගල ගේ මෙහෙයවීමෙනි.ඒ අතරේ පරණ යාළු සබඳකම් මත ටිරාන් අලස්ද හොරා පොලිස් සෙල්ලම කරමින් සිටී.

ජාතික බුද්ධි සේවාව මේවා ගැන නොදන්නවා නොවේ.එහෙත් ඒ වාර්තා ජනපති අනුර කුමාර දිසානායක ⁣⁣සහෝදරයා වෙත ඉදිරිපත් නොවේ.ඒ ජනපති සහෝදරයා මේ දූෂිතයන් ගැන මේ වන විටත් තබා ඇති සහෝදරාත්මක විශ්වාසය තුළ එම බුද්ධි තොරතුරු වාර්තා ඉදිරිපත් කරන්නන් කඩාකප්පල් කාරීන් ලෙස විනිශ්චය කෙරෙන බැවිනි.

බුද්ධි අංශ ගැන වචනයක්

හමුදා බුද්ධි අංශයේ බල අධිකාරියද ගොඨාභය රාජපක්ෂගේ සට්ටැඹියන් විසින් හසුරවන්නට පටන් ගෙන තිබේ.එහිදී ජාතික ජන බලවේගය⁣ට හිතැතිව සිටි හමුදා බුද්ධි නිළධාරීන්ට එරෙහිව විවිධ ආකාරයේ චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන් ගේ වෘත්තිමය භාවය කුඩු පට්ටම් කර දැමීම මේ ගෝඨභය රාජපක්ෂගේ සට්ටැඹියන්⁣ රැළ ගේ අවශ්‍යතාව බව අනාවරණය වී තිබෙි.මේ මැදිහත්වීම් වල අවසානය ඉතා ඛේදජනක විය හැකි බව අපගේ විහ්වාසයයි.යහපාලන ආණ්ඩුව බිඳ වැටීමට ලක් වූයේද මෙවැනිම හැඩයේ සැළසුම් තුළිනි.ඒ සැළසුම් වර්තමානයේදී වෙනත් හැඩයකින් සමාජගත වෙමින් පවතී.

ජානගත ලෙඩට බෙහෙත් නැත

ජාතික ජන බලවේගයේ ජවිපෙ කාඩරයේ සිතීම හා කෙරුවාව තුළ පවතින අනුන්ට ඇහුම්කම් නොදීමේ දුර්වලතාව ජානගත ලෙඩකි.ඔවුන් නිතරම සිතන්නේ අප තරම් නිවැරිදි මිනිසුන් ජාත්‍යන්තරයේවත් නැති විදියටය.

ජවිපෙ කාර්‍යාලයේ ස්ථාන ගත කළ බුද්ධි නිලධාරියා

එහෙත් ඒ පිළිබඳව මේ ලියුම්කරුගේ  අත් දැකීමක් මෙහි සටහන් කිරීම උචිතය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සම්බන්ධව  ජාතික බුද්ධි සේවාවේ පරණවිතාන නම් නිළධාරියකු සේවය කෙරුවේය.මේ ජාතික බුද්ධි සේවාවේ නිළධාරියා අම්බලන්ගොඩ පැත්තේ බව ලියුම්කරුට මතකය.ඔහු එම කාර්යාලයට සම්බන්ධ කරන ලද්දේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණය.එම බුද්ධි නිළධාරියාගේ පියා විශ්‍රාමින හමුදා සෙබළකු වීම මත මේ රාජකාරිය ඔහුට පැවරුණි.මේජර් ජනරාල්වරයාත් ඔහුත් අම්බලන්ගොඩය.

ඔහු වෙනත් නමකින් එම කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවය කෙරුවේය.මේ වන විට ඔහු ජාතික බුද්ධි සේවාවේ නැත.වැඩ වන්නේ එහෙමය.

අනුර සහෝදරයා පිටියට බැසීම

ජාතික ජන බලවේගය ආණ්ඩුව පිළිබඳව ජනතාව අතර මතු වෙමින් තිබෙන අප්‍රසාදය දුරු,කිරීම සඳහා ජනපති අනුර කුමාර සහෝදරයා පිටියට බැස ඇති බව දැක ගත හැකිය.එහෙත් මේ ක්‍රීඩාව අනුර කුමාර සහෝදරයාට හුදකලාව කළ හැකි නොවේ.රාජ්‍යය තුළ සිටින දූෂිතයන් රැළ දැන් පෙල ගැහී සිටින්නේ එක ගොඩකය.

එහි සිටින බොහෝ වුන් ජනපති අනුර කුමාර සහෝදරයාට ඉතා ලෙන්ගතු හා පක්ෂපාතී බව පෙන්වමින් සිටී.කය එතැනය.සිත රාජපක්ෂ පවුල අසලය.

මේ තක්කඩි සමූහයේ වැඩ ⁣සිද්ධ වන්නේ හීන් නූලෙනි. දිය යටින් ගින්දර ගෙන යාමට තරමේ නූල් සූස්තර කාරයන් වන මේ කණ්ඩායම ඇඟිලි ගනිමින් සිටින්නේ ආණ්ඩුවට කෙල වෙන දවස ලං වෙන තුරුය. ඒ අතරේ ආණ්ඩුව අප්‍රසාදයටත් අවමානයටත් ලක් වන ආකාරයට තුරුම්බු පිටියට විසි කරමින් සිටී.

මහින්ද රාජපක්ෂගෙන් ඉගේන ගන්න

මහින්ද රාජපක්ෂ ගේ වැඩ කිරීමේ කලාව මෙහිදී ජනපති අනුර සහෝදරයා ⁣ඉගෙන ගත යුතුය.ඔහු සිය ඇමති මණ්ඩලය පවා හසුරවන ලද්දේ තමන්ටම ආවේනික වූ දේශපාලනික ස්වරූපයකිනි.එහි හරි වැරැද්ද හෝ සාධාරණය විනිශ්චය කිරීමට කිසිවකුත් ප්‍රශ්ණ කිරීමක් නොවීය.ඒ බලාධිකාරිය රාජ්‍යය වෙත ගලා ආවේද සියල්ලන් තැති ගන්වමිනි.නඩුකාරයන් තීන්දු දුන්නේ රාජපක්ෂ උන්දැලාගේ අවශ්‍යතාව හඳුනා ගනිමිනි.⁣අමාත්‍යංශ ලේකම්ලා රාජකාරි කෙරුවේ රෙද්දේ රෙවීගෙනය.ආයතන සංග්‍රහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ රාජකාරියට අදාල නොවීය.රාජපක්ෂවරුන්ගේ තෘප්තිය පමනක් තමන්ගේ රාජකාරිය කරගන්නට  අමාත්‍යංශ ලේකම්වරුන් හැඩ ගැසුනි.

 මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවට නගින්නට පෙර තමන්ට මල් මාලය දාන කාන්තාවගේ නම පවා දැනුවත් සිටියේය.වේදිකාවෙන් බැස වඩා ගන්නා දරුවන් ගැන පවා ඔහු පෙර දනී.ඒ සියල්ල සංවිධානය වන්නේ පිටපතකටය.ඒ බව අහිංසක පාක්ෂිකයන් නොදනී.මෙවැනි පිටපතක රස මහින්ද රාජපක්ෂ විඳින්නේ තමන්ගේ සමීපතමයන් සමග ගල් අරක්කු වලින් තෘප්තිමත් වන රාත්‍රියේදීය.

බයිට්වීම

රැස්වීමට පෙර තමන්ට මල් මාලය දැමූ සොඳුරු යුවතිය ගේ  … පවා මහින්ද රාජපක්ෂ බයිට් එකට ගන්නේ ඒ හෝරාවේදීය.වටේ පිටේ සිටින අතවැස්සන් ඒ අසා සිනා සේ.ජාතියේ අප්පච්චී⁣ගේ කුපාඩි කෙරුවාව එහෙමය.⁣

මේ රංගනය ගැන ලියුම්කරු දන්නේ රාජපක්ෂවරුන් ගේ අතේ දුර සමීපතම කවය තුළ දීර්ඝ කාලයක් සිටි නිසා බවද සඳහන් කළ යුතුය.ලියුම්කරු ඔවුන්ගේ කවයෙන් එළියට බසින්නේ යහපාලනය ගෙන ඒම සඳහාය.

රාජ්‍ය මෙහෙයවීම පිළිබඳව මහින්ද රාජපක්ෂගේ මේ තක්කඩි ත්‍රාඩ කෙරුවාව ජනපති අනුර සහෝදරයා විසින් කළ යුතු යැයි අප මින් අදහස් නොකෙරේ.එහෙත් ඒ කෙරුවාව තූළ හැදෑරිය යුතු බොහෝ දේ පවතින බව නම් සඳහන් කළ යුතුය.

වෙස්සන්තර පාරමිතාවෙන් එළීයට එන්න

එහෙත් ජනපති අනුර සහෝදරයා මේ වන විට ගෙන යන වෙස්සන්තර පාරමිතාව දූෂිත රාජ්‍ය තුළ වැදගැම්මකට නැති බව නම් ලිවිය යුතුමය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින්  අභියාචනාධිකරණ සභාපතිගේ වෘත්තීය පැවැත්ම අභියෝගයට ලක් වී තිබියදී පවා ජනපති අනුර කුමාර සහෝදරයා නෑසූ කන්ව නිහඬව සිටීම ඉතා වැරදි පූර්වාදර්ශයකි.

නීතිපතිවරයාද විනිසුරුවරුන්ද සිය වෘත්තිමය දායකත්වය කිසිම පැකිලීමකින් හා හිරිකිතයකින් තොරව ගණිකා භාවිතයේ යෙදවීමට තරමට මේ නරක ආදර්ශය ප්‍රබලය.හරි නම් අනුර සහෝදරයා කළ යුත්තේ මේ අභියාචනාධිකරණ විනිසුරු පුකට පයින් ගසා එළවා දැමීය.එහෙත් මොහු තවමත් නඩු තීන්දු දෙමින් සිටින්නේ ජාතික ජන බලවේගයේ නපුසංක කෙරුවාවට අභියෝග කරමිනි.

යෝෂිත ගැනීම නීතිපති ගේමක්

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය තුළ පවා ජාතික ජන බලවේගය අපහාසයට නින්දාවට පත් කිරීමේ සැළසුමක් වූ බව පවා පැහැදිලිව  දකින්නට තිබේ.දේශපාලනික බල පුළුවන්කාරකම මත වංචා දූෂණ සම්බන්ධයෙන් වූ පැමිණිලි වලට අදාල විත්තිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ඉක්මන් කරන ලෙසට ජනපති අනුර කුමාර සහෝදරයා නියෝග කළ බව පසුගියදා මාධ්‍ය වෙතින් අනාවරණය  කෙරිණි.නීතිපතිවරයාද ඔහුගේ ගෝලයන්ද පොලීසියද දඩි බිඩිස් මෙහෙයුමක යෙදෙමින් නඩු පැවරීම ආරම්භ කරන ලද බව දකින්නට ලැ⁣බේ.නුමුත් මේ දඩි බිඩිස් මෙහෙයුම හඳුනා ගත නොහැකි තක්කඩි කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙමින් පවතී.යෝෂිත රාජපක්ෂ හදිසියේම බෙලි අත්තට ගොස් අත් අඩංගුවට ගත යුතු තරමේ සැක කාරයෙකු නොවේ.ඔහු ඊට පෙර දිනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දීම⁣ට පැමිණ ගියේය.එහෙත් මේ කුමන්ත්‍රණයට ඒවා අදාල නොවීය.⁣අත් අඩංගුවට ගන්නා දින යෝෂිත රාජපක්ෂ බෙලි අත්ත යාමට පිටත් වන්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවක දැනුවත් කිරීමෙනි.ඔහු බෙලිඅත්තේ සිට රැගෙන ඒමට ඩුවෙල් ඒසී සුඛෝපබෝගී වාහනයක්ද සංවිධානය කෙරිණි.දවස සිකුරාදා දිනයක් විය.ඒ නිවාඩු දින දෙකක් බන්ධනාගාර ගත කරවීමේ අනිවාර්ය  අවශ්‍යතාව මතය.අනතුරුව නැවත අධිකරණය⁣ට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා සූදානමින් සි⁣ටියේය. සියල්ල සිදු වූයේ නාමල් රාජපක්ෂ හා පොදු ජන පෙරමුනේ නායකයන් රචනා කරන ලද නාට්‍යය පිටපත⁣ට අනුවය.

අනුර යාපා අත් අඩංගුවට ගැනීමෙි සිද්ධියද එවැනිම පිටපතකි.කුරුණෑගල⁣ට ගොස් ඔහු අත් අඩංගුවට ගත යුතු නොවීය.එම පැමිණිල්ලට අදාලව ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම් දීමට බොහෝ ඉඩ කඩ පැවතුනි.පොදු දේපල විෂයෙහි වරදකට ඇප මත මුදා හැරිය නොහැකි වුවද අනුර යාපාට අධිකරණයෙන් ඇප ලබා දුන්නේද කුමන්ත්‍රණ කාරී සැළසුමකටය.

ආන්නද විජේපාල බබා!

නීතිය හා සාමය අමාත්‍යංශයේ ඇමති ආනන්ද විජේපාල මේ සියලු කෙරුවාවන් හොඳින් දැන සිටියේය.එහෙත් සි⁣ටින්නේ නොදන්නා බබා ගානටය.ජාතික ජන බලවේගයට එරෙහිව ජනතා අප්‍රසාදයක් ඇති කරවීම මේ වාහේ ගේ ඕනෑ කම බව පෙනී යයි.මොහු ජනපති අනුර කුමාර සහෝදරයාට විශ්වාස වන්තයෙක් ව්ය හැකිය.⁣එහෙත් මොහු මේ වන වි⁣ට ජාතික ජන බලවේගය⁣ට ඡන්දය දුන් සැමගේම පිළිකුලට බඳුන් වී සිටී.

අවසානයේදී අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට ⁣අධිකරණයේ ඇප දීම පිළිබඳව පාඩමක් ජනතාව⁣ට කියා දීමේ තරම⁣⁣ට ජාතික ජන බලවේගය ආණ්ඩුව දෙකේ කොලයට වැටුණි.හරියට වැඩේ ගොඩ දැම්මා නම් ඒ ආකාරයට ජනතාවට  වග උත්තර බඳින්නට සිඳු වන්නේද නැත.අපට ලියන්නට ඇත්තේ ජනපති අනුර කුමාර සහෝදරයා තවමත් ප්‍රමාද නැති බවය.එහෙත් ජාතික ජන බලවේගය ආණ්ඩුව නැවත රී සෙට් කළ යුතුමය.

ලොකු කුමා විසිනි.

Archive

Latest news

Related news