Friday, January 24, 2025

සාදය හමාරයි: පිනට කෑ පාර්ලිමේන්තු දන්සැළ තොලොංචියි!

(Sri Lanka Brief/24.01.2025)  මහජන නියෝජිකයින් වශයෙන්  පත් වී මෙතක් කාලයක් මහජන මුදලින් රස බොජුන් කෑ පාර්ලිමේන්තු යුගය හමාර කිරීමට ජාජබ ආණ්ඩුව පිියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු ගෘහ පාලන කමිටුව ඊයේ මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගාස්තු රුපියල් 450 සිට රුපියල් 2,000 දක්වා සංශෝධනය කිරීමට තීරණය කළේය. ඉන ්අදහස් වන්නේ මෙකෙත් කල්  පාර්ලිමේන්තුවෙහි මංත්‍රිවරයකුගේ දවසක කෑමට මහජනයා රුපියල් 1,500ක් ගෙවූ බවයි!

සේනානයලා, බණ්ඩාරනායකලා සහ රාජපක්ෂලා මෙම මහජන මුදල් අවභාවිතය දිගටම පවත්වා ගෙන ගියහ.

කොළඹ වටිනාම පෙදෙසක අක්කරයක ඉඩමක  කොටි ප්‍රකෝටි ගණන් නිවසක සිය සිරිලිය ඇඹේනිය සමඟ මහින්ද රාජපක්ෂට ජවිත්වීමට රජයේ ධනය වැය කළ යුතු යැයි වීරවංශ- නාමල් රාජපක්ෂ යුග ගායනය ඇරඹී ඇත්තේ ද මෙම අවභාවිතය දුෂිතයින්ගේ ඇට මිදුලු කරාම දිවගොස් ඇති බැවිනි.

වළව්කාර ඉඩම් සහ බංගලා හිමි චන්ද්‍රිකා කුම්ාරතුංග ද ලැජ්ජාවක් නැතිව මහජනයාගේ මුදලින් තවම රජ සැප විදී.

මහජනයා ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නේ මෙම සියළු අවභාවිතයින් තොලොන්චි කර දැමීමටය.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී මෙම පියවර ගන්නා ලදී. ඒ අනුව උදෑසන ආහාරය, දිවා ආහාරය සහ සවස තේ මිල සැලකිය යුතු ලෙස වැඩි කිරීමට තීරණය කර ඇත.

සංශෝධිත මිල ගණන් අනුව, මන්ත්‍රීවරුන්ගේ උදෑසන ආහාර වේල රුපියල් 100 සිට රුපියල් 600 දක්වා ඉහළ යනු ඇත, දිවා ආහාරය රුපියල් 300 සිට රුපියල් 1,200 දක්වා ඉහළ යනු ඇති අතර සවස තේ සඳහා ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 200 දක්වා ඉහළ යනු ඇත.

 මේ  මන්ත්‍රීවරුන් භුක්ති විඳි එක් අනිසි  වරප්‍රසාදයක් පමණි. ආර්ථික අර්බූදයකට ලක්ව දුගී ජනයා එක් කෑම වේලක් පමණක් ගත් කාලයේ පවා මංත්‍රීවරුන් පාර්ලිමෙන්තුවේ මේ කෑම අවභාවිතය දිගටම ගෙන ගියහ.

මන්ත්‍රීවරුන් සඳහා උදෑසන ආහාර මෙනුවේ සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ; රතු බත්, පොල් සම්බෝල, පරිප්පු කරිය, මාළු හෝ කුකුල් මස් කරිය හෝ පිට්ටු, ඉඳිආප්ප, කිරිබත් හෝ පාන් වැනි අමතර අයිතම. පැපොල් සහ අන්නාසි වැනි පලතුරු අතුරුපස ලෙස පිරිනමනු ලැබේ.

සමහර විට දැන් පොල් සම්බෝලය ඉන් අයින් කරන්නට ඉඩ තිබේ. මන්ද යත් පොල් සම්බෝල කෑම පොල් අපතේ යැවීමක් බවට නියෝජ්‍ය කෘෂි ඇමතිවරයා කියා තිබෙන නිසාය.

එකී සුඛෝපභෝගී  ප්‍රසිද්ධ දිවා ආහාරය අතරට රතු බත්, සුදු බත්, ෆ්‍රයිඩ් රයිස්, කුකුල් මස් කරිය, මාළු, බිත්තර සහ ඇතැම් දිනවල ඉස්සන් ඇතුළත් වේ. මෙය විවිධ ව්‍යංජන අටක් දක්වා, සලාද වර්ග පහක් සහ සුප් දෙකක් සමඟ යුගලනය කර ඇත. දිවා ආහාරයේ අතුරුපස පලතුරු වර්ග තුනකින්, යෝගට්, ක්‍රීම් කැරමල් සහ සාගෝ පුඩිං වලින් සමන්විත වේ.

සවස තේ මෙනුවේ කෙටි කෑම වර්ග පහක්, ඇතැම් දිනවල කොත්තු, කෙසෙල් සහ තේ, කෝපි සහ කිරි තේ තෝරා ගැනීමක් ඇතුළුව විවිධ මෙනුවක් ද පිරිනමනු ලැබේ.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් සඳහා ගැලපීම් සිදු කරනු ලැබේ, එය පාර්ලිමේන්තුවේ සේවය කරන විධායක කාර්ය මණ්ඩලයට  මෙම වරප්‍රසාදය නොලැඹුණි..

Archive

Latest news

Related news