(පුස්තකාල ජායාරූපයකි)
(Sri Lanka Brief/ 05.01.25) නිසි කළමනාකරණයක් නොමැතිව වන අලින් පළවා හැරීමේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පිළිවෙත දැන් අර්බූදයක් බවට පත්ව තිබේ.
අලි මිනිස් ගැටුමට නිසි විසඳුමක් ලබා දීම වෙනුවට හදිසි සහ ජනප්‍රිය විසදුම් සෙවීම ආණ්ඩුවේ පිළිවෙත බව පෙනේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රාවස්තිපුර, තඹුත්තේගම, විලච්චිය, මොරගොඩ සහ තන්තිරිමලේ වැනි ප්‍රදේශවලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ගෙනයාමට ගත් අසාර්ථක උත්සාහයකින් පසු, ඇතුන් සහ පැටවුන් ඇතුළු අලි ඇතුන් 150ක් පමණ ඔයාමඩුව ප්‍රදේශයේ සිරවී කුසගින්නේ සිටින බව වාර්තා වේ. කලින් වාර්තා වූයේ එලෙස සිරවී සිටින්නේ වන අලි ඇතුන් 50ක බවය.
සත්ව ජනගහනයේ මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ බව අනාවරණය කරන ලදී.
තමන්ගේ ඉඩම් වල දී වන සතුන්ගෙන් වගා රැක ගැනීම සඳහා ඕනෑම පියවරක් ගත හැකි බවට කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත ප්‍රකාශ කිරීමෙන් පසුය.
ඔයාසඩුවෙහි අලි අර්බූදය ගැන ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.
වගා රැක ගැනීමට සවිකරන ලද අනවසඑ විදුලි රැහැන් වැදී තවත් තරුණ අලියකු ඊයේ මිය ගොස් තිබේ. මේ මෑතදි එලෙස මරා දනම ලද තෙවන අලියාය.
සත්ව ජනගහනයේ මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ මණ්ඩලයේ උපදේශකයෙකු වන වෛද්‍ය චමිත් නානායක්කාර පවසා ඇත්තේ, සතියකට වැඩි කාලයක් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළේ ආහාර නොමැතිව අලි ඇතුන් සිර කර තබා ඇති බවයි.
බොහෝ අලි ඇතුන් ප්‍රදේශයෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් NLDB ගොවිපළ පරිශ්‍රය තුළ සිරවී සිටිති. ඔවුන්ගේ සිරගත කර තිබීම නිසා රාත්රියේදී ආහාර ලබා ගැනීමට හෝ ස්වාභාවික සංක්‍රමණ මාර්ග අනුගමනය කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත.
තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අලි ඇතුන්ට ගොවිපළෙන් පිටව ගොස් ඔවුන්ගේ ස්වාභාවික සංක්‍රමණය නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන ලෙස වෛද්‍ය නානායක්කාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
“අලි ඇතුන් විල්පත්තුවට පලවා හරිනු ලැබුවහොත්, එවැනි විශාල රංචුවකට ඇති ආහාර ප්‍රමාණවත් නොවිය හැකි අතර එය මාරාන්තික විය හැකිය. ඔවුන් පලවා හැරීමට රතිඤ්ඤා භාවිතා කිරීම හානිකරය. එය අලි බිහිරි කිරීමට හෝ අන්ධ කිරීමට සහ තුවාල ඇති කිරීමට හේතු විය හැක. පැටවුන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි අතර අවුල් සහගත තත්ත්වය තුළ මිය යා හැකි යැයි,” ඔහු පැහැදිලි කරයි.
ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන එම සංගමය එය පශු වෛද්‍යවරුන්, පරිසරවේදීන්, සත්ව විද්‍යාඥයින් සහ අදාළ සත්ව සුභසාධන සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කරයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නැවත ස්ථානගත කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිගත් නමුත් ඒවා විසඳීමට උත්සාහ කරන බව අවධාරණය කළේය. නිලධාරීන් දේශපාලන බලය අතට ගෙන ක්‍රියා කරන බවට චෝදනා එල්ල වී තිබේ.
“අපගේ අවසාන ඉලක්කය වන්නේ විල්පත්තුවේ අලි ඇතුන් නැවත පදිංචි කිරීමයි,” එම කිලධාරියා පැවසුවේ අලි ඇතුන් වහාම අනතුරේ සිටින බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමිනි.
අලි ඇතුන්ගේ චලනයන් නිරීක්ෂණය කිරීමට සහ තවදුරටත් සහාය ලබා දීමට ගුවන් හමුදාව සිකුරාදා සිට ගුවන් සමීක්ෂණ සඳහා සහාය වීම ආරම්භ කරන බව ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ කරන එම නිලධාරියා කියා තිබේ.
(ඩේලි මිරර් හි පළ වූ වාර්තාවක කරුණූ ඇසුරු කරන ලදී – ශ්‍රී ලංකා බ්‍රීෆ්)