අනුර කුමාර දිසානායක මහතා
ජනාධිපති,
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
ත්රස්තවාදය වැළැක්වීමේ පනත, මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත සහ මර්දනකාරී නීති අහෝසි කිරීම
සිවිල් සංවිධාන, ජනමාධ්ය සහ වෘත්තීය සමිති 66 කින් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත, මර්දනකාරී අණපනත්වලට එරෙහි සංධානයක් ලෙස අප සාමූහිකය, පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළත්, අප එකමුතුවේ සාමාජිකයන් තනි තනිව මෙන්ම විවිධ සාමූහිකයන් ලෙස වසර ගණනාවක් තිස්සේත්, මෙරට ක්රියාත්මක මර්දනකාරී නීති අහෝසි කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කර ඇත්තෙමු.
ජාතික ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද පසුගිය කාලසීමාව පුරාම එවැනි නීතිවලට එරෙහිවත්, එම නීති අහෝසි කිරීම වෙනුවෙනුත් පෙනී සිටි බව අප දනිමු.
එවැනි පසුබිමක් තුළ, ඔබ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුවත්, වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවත්, අවස්ථා කිහිපයකදී අප සියලූ දෙනා විසින් වහා අහෝසි කළ යුතු නීතියක් ලෙස හදුනාගෙන සිටින ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්රතිපාදන භාවිත කර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු කර පසුව වෙනත් නීති රෙගුලාසි යොදා ගනිමින් වෝදනා ගොනු කර තිබේ