හාල් හිඟය සහ ගුල්ලෝ: දැන ගියොත් කතරමග නොදැන ගියොත් අතරමග පුවත් 14/12/2024 Updated: 14/12/2024 By Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail (Sri Lanka brief/14.12.2024) සහල් හිඟය සහ ඊට ජාජබ ආණ්ඩුව මුහුණ දුන් අන්දම පෙන්නුම් කරන්නේ දැන ගියොත් කතරමග නොදැන ගියොත් අතරමග කතාවය. ආනයනික සහල් විශාල තොග දෙකක සැලකිය යුතු ගුණාත්මක පැන නැගී තිබෙන බව අද වාර්තා වේ. කිලෝග්‍රෑම් 50,000 ක් වූ පළමු තොගය ගුල්ලෝ ගසා ඇති බවත් වෙනම තොගයකින් තවත් සහල් කිලෝග්‍රෑම් 25,000 ක් නිෂ්පාදන තොරතුරු ලේබලවල විෂමතා සහිතව හඳුනාගෙන ඇති බවත් වාර්තා වේ. මෙම සහල් තොග දෙකම ආපසු හරවා යවන ලෙස රේගුව නියෝග කර තිබෙන බව නිව්ස් වයර් වාර්තා කරයි. එසේ නොවුව හොත් රේගුව විසින් මෙම සහල් රාජසන්තක කරනු ඇත. රාජසන්තක කරන සහල් වලට සිදු වන්නේ සත්ව ආහාර බවට පත්වීමය. සහල් ප්‍රශ්නයට ආණ්ඩුව මුහුණ දුන්නේ නොදැන ගියොත් අතර මඟ ක්‍රමයටය. ඒ බව කල් තියා කියා සිටීමට නම්බර්ස්ඩොට්එල්කේ නම් දර්ශකය සමත් විය. දෙසැම්බර් 03 දා තරම් මුලදී, වෙරිටා රිසර්ච් දර්ශකයක් වන Numbers.lk මෙසේ සඳහන් කළේ එහි එක්ස් අඩවියෙහිය. “ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සහල් ආනයනය ප්‍රායෝගික විසඳුම් සහ වඩා හොඳ සැලසුමක අවශ්‍යතාවය ඉස්මතු කරන බව පෙනේ. ⭕ නොවැම්බර් 20: සතොස සහ එස්ටීසී යන රාජ්‍ය ආයතන හරහා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා විය. මෙම ආයතනවලට ආනයනයන් ඵලදායී ලෙස හැසිරවීමට හැකියාවක් නොමැති බව ආණ්ඩුවට පැහැදිලි වූ විට මෙම ප්‍රවේශය ඉක්මනින් වෙනස් කරන ලදී. ⭕ නොවැම්බර් 29: සහල් හිඟය පිරවීම සඳහා සැපයුම්කරුවන්ට ආරාධනා කරමින් ආණ්ඩුව ටෙන්ඩර් ක්‍රියාවලියක් ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, දීර්ඝ හා සංකීර්ණ ක්‍රියා පටිපාටි හේතුවෙන් මෙයද ප්‍රායෝගික නොවන බව ඔප්පු විය. ⭕ දෙසැම්බර් 3: ඉහළ යන මිල ගණන්වලට සහ සැපයුම් හිඟයට මුහුණ දෙමින්, ආණ්ඩුව නැවතත් ගියර් මාරු කළේය. ටෙන්ඩර් කැදවීම නතර කර වහාම දෙසැම්බර් 20 දක්වා බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික ආයතනවලට අවසර දෙන බව කිවේදනය කරන ලදී. මෙය නම්‍යශීලී විසඳුමක් ලෙස පෙනුනද, ලබා දුන් කෙටි කාල රාමුව එය සාර්ථකවීම පිළිබඳ රතු එළි දැල්විණි. ⭕ ලබන සතිය වන විට එනම් දෙසැම්බර් 10දා වන විට පුද්ගලික ආනයනකරුවන්ට සැපයුම් සුරක්ෂිත කිරීමට සහ සැපයුම් සඳහා බෙදා හැරීමට කාල නියමය ඉතා දැඩි බව අවබෝධ වනු ඇත. එවැනි කෙටි දැනුම්දීමකින් ආනයනය කළ නොහැකි තරම්ය. ⭕ මීළඟට කුමක් ද? වත්මන් කාලරාමුව යටතේ අර්ථවත් ආනයනයන් සිදු විය නොහැකි බැවින්, ආනයන කාලය දීර්ඝ කිරීම, ජනවාරි මැද දක්වා, නොවැළැක්විය හැකි බව පෙනේ. මෙම වැරදි පියවර මාලාව අවධාරනය කරන්නේ ප්‍රායෝගික උපදෙස් සහ සැලසුම් නොමැතිකමයි. සතොස, එස්ටීසී වැනි රාජ්‍ය ආයතන එම කාර්යයට නුසුදුසු බව හඳුනා ගැනීමට රජයට සති දෙකක් ගත විය. යථාර්ථවාදී උපාය මාර්ග නොමැතිව, මෙම ප්‍රතිපත්ති ආපසු හැරවීම් අර්බුදයට එකතු කරනු ඇත.” තවද එය සඳහන් කළේ මෙළෙස හදිසියේ ආනයනය කරන සහල් වලින් පෙර අත්දැකීම් අනුව විශාල කොටසක් සත්ව ආහාර බවට පත්වන බවත් ය. එමෙන්ම ආනයනය කරන නාඩු සහල් වලට ලාංකිකයින් අකමැති බවද මෙයට පෙර අත්දැකීම් වලින් පෙන්වා තිබෙව බවය. දෙසැම්බර් යනු වරායේ ගොඩබෑම් අධික වන මාසයකි. සහල් ආනයන වහාම නිකුත් කරන ලෙස ආණ්ඩුව වරාය අධිකරියට සහ රේගුවට දැනුම් දුන්නේය. එවිට අනෙක් ආනයන් තව දුරටත් හිර වේ. දැනුම් තේරුම් ඇති නිලධාරීන්ට සවන් දීමට ආණ්ඩුව සූදානම් වුයේ නම් ගුල්ලන් ගැසූ සහල් ගෙන එම වැළැක්වීමටත් කල් තබාම සහල් ආනයනට නිදහස දීමටත් තිබුණි. දැනවත් ආණ්ඩුවට මොළය පෑදේවා! සේ. පියවර්ධන Tagsනීතියේ පාලනයප්රජාතන්ත්රවාදයවංචා දූෂණශ්රී ලංකාවසහල් හිඟයසිවිල් සමාජය Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail Archive May 2026 April 2026 March 2026 February 2026 January 2026 December 2025 Latest news පුවත් විශේෂාංග ගෞරව ප්‍රණාමය: සුරියා වික්‍රමසිංහ -යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් – ලයනල් බෝපගේ Sri Lanka Brief - 01/05/2026 පුවත් විශේෂාංග අරගලයෙන් ඉදිරියට – 21 වැනි සියවසේ දෙවැනි කාර්තුවේ ලංකේය වාම දේශපාලනයේ ඉදිරි දිශානතිය Sri Lanka Brief - 01/05/2026 පුවත් විශේෂාංග ඉලපත මඩ ගොහොරුවේ ගෑවෙන විට: දූෂණ විරෝධය, දේශපාලන බිඳෙන සුලු බව සහ ඉන්දියාවේ ආම් ආද්මි (AAP) පක්ෂයෙන් උගත හැකි පාඩම් (01) – ලයනල්... Sri Lanka Brief - 30/04/2026 පුවත් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම: හිටපු නාවික හමුදාපති විජේගුණරත්නට එරෙහිව නැවත චෝදනා ගොනු කිරීමට අධිකරණය නියෝග කරයි. Sri Lanka Brief - 29/04/2026 Related news පුවත් විශේෂාංග ගෞරව ප්‍රණාමය: සුරියා වික්‍රමසිංහ -යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් – ලයනල් බෝපගේ Sri Lanka Brief - 01/05/2026 පුවත් විශේෂාංග අරගලයෙන් ඉදිරියට – 21 වැනි සියවසේ දෙවැනි කාර්තුවේ ලංකේය වාම දේශපාලනයේ ඉදිරි දිශානතිය Sri Lanka Brief - 01/05/2026 පුවත් විශේෂාංග ඉලපත මඩ ගොහොරුවේ ගෑවෙන විට: දූෂණ විරෝධය, දේශපාලන බිඳෙන සුලු බව සහ ඉන්දියාවේ ආම් ආද්මි (AAP) පක්ෂයෙන් උගත හැකි පාඩම් (01) – ලයනල්... Sri Lanka Brief - 30/04/2026 පුවත් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම: හිටපු නාවික හමුදාපති විජේගුණරත්නට එරෙහිව නැවත චෝදනා ගොනු කිරීමට අධිකරණය නියෝග කරයි. Sri Lanka Brief - 29/04/2026