Wednesday, December 4, 2024

සංවර්ධන නිලධාරී උද්ඝෝෂනයේදී පොලිසියට පිහි පහර දුන්නේ මිලිටරි ඒජන්තයෙක්ද?

පින්තූර අනුග්‍රහය The Island ඇසුරෙනි.

(SriLanka Brief/0412.2024) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙසැම්බර් 02 වැනිදා පැවති පැවති  උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාවයේ නිරත සංවර්ධන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් පුද්ගලයෙකු හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බවට පසුව හඳුනාගෙන ඇති බව ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

දි අයිලන්ඩ් වාර්තාව

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් ඉල්ලා සිටියේ තමන් ගුරු වෘත්තියට අන්තර්ග්‍රහණය කරන ලෙසයි. පසුගිය රජයන් රැකියා විරහිත උපාධිධාරීන් විවිධ දෙපාර්තමේන්තුවලට පත් කළේ දේශපාලන පියවරක් ලෙස කිසිදු නිශ්චිත රැකියා සැළැස්මක් නොමැතිවය.

පොලිසියට භාරදුන් පුද්ගලයා අතුරුදන්ව ඇති බවත් ඔහු පොලිස් අත්අඩංගුවේ නොසිටි බවත් විරෝධතාකරුවෝ පැමිණිලි කළහ. එම පුද්ගලයා විරෝධතාවය අතරතුරදී කළහකාරී ලෙස හැසිරී තිබේ.

තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා සිටින පිරිස් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ස්ථානයේ යොදවා සිටි පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කළ බවට චෝදනා කරන බව ද පොලිසිය ‘ද අයිලන්ඩ්’ වෙත ප්‍රකාශ කර ඇත.

උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI) සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු එම පිහි ඇනුම් වලින් තුවාල ලැබූහ. එම සිදුවීම ආණ්ඩුව යොදා ගත්තේ උද්ඝෝෂකයින් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණූ බව පෙන්වීමටය.

එම පුද්ගලයා අත පිහියක් තිබූ බව සටහන් වෙබ් අඩවිය වාර්තා කරයි.

නව අණ්ඩුව යටතේ පවා සාමකාමී පෙළපාලිකරුවන් අපකීර්තියට පත් කිරීමට හමුදා බුද්ධි කඩාකප්පල්කාරීන් යොදවා ඇත්දැයි දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.

මෙවැනි හමුදා බුද්ධි නිලධාරීන් සාමකාමී උදඝෝෂන අතර රංගවා කලබල ඇති කරවන බව රහසක් නොවේ. එවැනි නාදුනන පිරිස් මෙයට පෙර අවස්ථාවලදීද උද්ඝෝෂන කරුවන් විසින් අල්ලා ගෙන තිබේ.

Archive

Latest news

Related news