Friday, December 6, 2024

ඉන්දික ප්‍රභාත් ඝාතනය: බැලුම්ගලට විරුද්ධව බිරිඳගෙන් පැමිණිල්ලක්

(lankaskynews) නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩ සටහන මෙහෙවන වාමික නැමති පුද්ගලයා විසින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා දුන් තින්දුවට අභියෝග කරමින් ද , මගේ පෞද්ගලිකත්වයට සහ මගේ සැමියගේ කීර්ති නාමයට හානි වන අයුරින් ප්‍රකාශ කරමින් ද ඔහු මගේ සැමියා ඝාතනය කිරීමට ආදාළව තොරතුරු දන්නා බවට සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නැයි ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වන නාඔටුන්න ආරච්චිගේ පියුමි වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාර‍ියෙන් ඉල්ලා ඇත.

ඇය වින්දිතයන් ආරක්ෂා කිරීමේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය යටතේ රැකවරණ ලබන කාන්තාවකි.

මගේ සැමියා වන ඉන්දික ප්‍රභාත්ව නො; 213 වෙලේගෙදර බෙලිදෙණිය කෝට්ටගොඩ යන ලිපිනයේ සිටියදී 2022 ඔක්තෝම්බර් 12 වනදා රාත්‍රි 10 ට පමන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ගේ වටලා අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වන්නැයි අහුන්ගල්ලට රැගෙන‌ ගොස් වෙඩි තබා ඝාතනය කරන ලදි. එම ඝාතනය චේතනාන්විතව සිදු කළ ඝාතනයක් බව බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක පශ්චාත් මරණ පරික්ෂණ තින්දු ප්‍රකාශයට පත් කරමින් පැවසිය. ඉන්දික ප්‍රභාත්ට වෙඩි තබා ඝාතනය කළ පොලිස් විශේෂ බලකායේ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ ඔහුව මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පියුම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරීයට යවන ලද ලිපියේ සදහන් කොට ඇත.

මෙරට මුල්‍ය ක්ෂත්‍රයේ සම්බන්ධ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක මම විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමි. බැලුම්ගල වැඩසටහන මෙහෙවන චාමික විසින් සිදු කරන අවලාද හේතුවෙන් මා දැඩි මානසික පීඩනයකට මෙන්ම අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදු වී අති බව ඇය විසින් වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරීයට යවන ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

පියුම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරීයට යවන ලද ලිපිය පහතින් පල වේ.

ලංකා ස්කයි නිව්ස්

Archive

Latest news

Related news