රතු එළියක්: මහේෂ් ඉන්දික ඝාතන නඩුව නීතිපති වසා දැම්මේ යුද නිලධාරීන් ජනපතිට කළ ඉල්ලීම නිසාද? බලපෑම් ගැන බිරිඳ අනුරට ලියයි! පුවත් 05/11/2024 Updated: 05/11/2024 By Sri Lanka Brief Share FacebookTwitterWhatsAppPinterestEmail වෙඩි තබා ඝාතනය කළ මහේශ් ඉන්දික. ( Sri Lanka Brief/05.11.2024) කටුවනගම ආචාරිගේ ඝාතනයට ආදාළව කිසිදු පුද්ගයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමානවත් සාක්කි හා කරුණු අනාවරණය වී නොමැති නිසා එම නඩුවට ආදාල වැඩිදුර නීතිමය පියවර ගැනීමට අපේක්ෂා නොකර බව නීතිපති වෙනුවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිෂ්ණා වර්ණකුල අත්සනින් බලපිටිය මහේස්ත්‍රාත්ට, අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපතිට සහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්ලපිටියට යන අයට ලිඛිතව දන්වා යවා ඇත. අහුන්ගල්ල රියෝ හෝටලය අසලදී 2022.10.12 වැනිදා පුද්ගලයකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවකු එනම්, මහේෂ් ඉන්දික දණගස්වා නළලට වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක මහතා 2022 නොවැම්බර් 10 දින ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කළේය. සැකපිට අත්අඩංගුවට ගත් කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැත්තා සඟවා තිබූ ගිනි අවි ඇතුළු අවි ආයුධ පෙන්වාදීම සඳහා අහුන්ගල්ල බණ්ඩාරවත්ත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී සඟවා තිබූ ගිනි අවියක් ගෙන වෙඩි තැබීමට උත්සාහ කිරීම නිසා ආත්මාරක්‍ෂාව සඳහා ඔහුට වෙඩි තැබූ බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි ලබාදී තිබිණි. කෙසේ නමුත් එම සැකකරුගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාර වලින් සිදුවූ තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලබාදුන් සාක්‍ෂි, වෛද්‍ය වාර්තා මෙන්ම ඉදිරිපත් වූ සෙසු සාක්‍ෂි අනුව එය ආත්ම ආරක්‍ෂාව සඳහා සිදුකළ වෙඩි තැබීමක් නොව හිතාමතාම සිදුකළ වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරයා එකී සැකකරුව අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා සම්බන්ධයෙන් එම නියෝගය කළේය. 2022.10.12 වැනිදා එම සැකකරු අත්අඩංගුවට ගත් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැබෑ සැකකරු පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන තිබූ බවත් විමර්ශන වෙනත් මගකට යොමු කිරීමේ අරමුණින් එම මරණකරු සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදී ඇති බවත් මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙන්වාදී තිබිණි. ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව ද අධිකරණ හමුවේ වෙනත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් නඩු කටයුතු කිහිපයක් තිබූ බවද ඒ. ආර්. 2049/2022 යන නඩු අංකය යටතේ පැවති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබිණි. තීන්දුවෙහි මෙසේ සඳහන් වේ: “අයි.පි. කොළඹගේ සාක්කිය අනුව මරණකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසෙන් සිටියදීත් බවත් පසුව ගිනි අවිය සොයා ගැනීම සදහා ඔහුව අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙනවිත් ඇත. මරණකරු මුලදී පෙන් වු ස්ථාන වල කිසිවක් හමු වී නැත. “සාක්කිකරු ඇතුළු නිලධාරින් උස් ගලක් ආසන්නයට මරණකරු මග පෙන්විම යටතේ ගොස් ඇති බවත් එම ස්ථානයේ සැකකරු දණ ගසාගෙන ගල සහ පොළොව සම්බන්ධ ස්ථානයේ ගුලක් පරික්ෂා කරන අයුරු දුටු බවත් එම අවස්ථාවේ සාක්කිකරු සිට ඇත්තේ මරණකරුට මිටර් දෙකක් පිටුපසින් බවත් මරණකරුට වම්පසින් පොලිස් කොස්තාපල් මදුරත් මරණකරුට ඉදිරියෙන් පොලිස් කොස්තාපල් 21470 සිට ඇත. පොලිස් පරික්ෂක මදුර සිට ඇත්තේ සාක්කිකරුට (කොළඹගේට ) මිටර් 03 ක් පමණ දුරින් බව සාක්කිකරු සදහන් කරයි . මරණකරු එම ගල් ගුහාවෙන් සුදු පැහැති කවරයක් එළියට ගන්නවා දුටු බවත් සැකකරු එම අවස්ථාවේ ගිනි අවියකින් වෙඩි තැබීමට පටන් ගත් බව සාක්කිකරු පවසයි . සැකකරු වෙඩි තබද්දි ,සාක්කිකරු අත තිබු පිස්තෝලයෙන් එක් උණ්ඩයක් සැකකරු දෙසට එල්ල කළ බවත් එහි දී සැකකරු අත තිබු ගිනි අවිය බිම වැටුණු බවත් සදහන් කරයි . වෙඩි ප්‍රහාරය එල්ල වෙනවාත් සමඟ රේනුක නිලධාරියා කොළඹගේ ගේ ඉදිරියට පැමිණි බවත් ඒ සමගම කොළඹගේ සැකකරු වෙත වෙඩි ප්‍රහාරයක් කළ බව සදහන් කරයි . කොළඹගේ මරණකරුට පිටුපසින් ස්ථානගත වි සිට ඇත. මරණකරු බෑගයේ තිබු ගිනි අවියක් රැගෙන වෙඩි තැබු බව සදහන් කර ඇත. ඒ අවස්ථාවේ කොළඹගේ ආත්මාරක්ෂාව සදහා සැකකරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පවසයි . මෙහිදී මතුවන ගැටළු වන්නේ පැ.සා .02 එනම් කොළඹගේ සැකකරුගේ පිටුපසින් සිට ඔහු දෙසට වෙඩි තැබුවේ නම් මරණකරුගේ පිටුපස තුවාල සිදු විය යුතුයි . නමුත් මරණකරුගේ පිටුපස දෙසින් තුවාල සිදු වීඇති බවට පශ්චාත් මරණ පරික්ෂණය අනුව පෙනී නොයයි . ඒ අනුව මා ( මහේස්ත්‍රාත්) මරණකරුගේ මරණ පරික්ෂණ වාර්තාව දෙස අවධානය යොමු කරමි. වෛද්‍යවරිය සාක්කිය අනුව පැහැදිලිව වන්නේ ගිනි අවියෙන් තබන ලද උණ්ඩය මරණකරුගේ නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය ,ගෙලෙහි මාංශ පේශී සහ රුධිර නාල දකුණු පෙනහැල්ල සහ අක්මාව පාසාරු කරගෙන ගොස් උදර කුහරයේ තුළ තිබි උණ්ඩයක් සොයාගෙන ඇත. සාක්කිකර පැ.සැ 02 කොළඹගේ පවසන අන්දමට ඔහු මරණකරුගේ පිටුපසින් සිට මරණකරුට වෙඩි තැබුවේ නම් නාසය අසලින් ආරම්භ වී ශරීරය තුළට උණ්ඩය ගියේ කෙසේද යන්න මෙහිදී පැහැදිලි සැකයක් මතු වේ . මරණකරුගේ හිස් කබලේ හෝ ශරිරයේ පිටුපස දෙස තුවාල නොමැති බවට පැහැදිලිව පෙනීයයි. ඒ අනුව වෛද්‍ය වාර්තාව සහ මරණකරුට තැබු වෙඩි උණ්ඩය ගමන් මාර්ය කෙරෙහි අවධානය යොමු කිරිමේදී පැහැදිලිව පෙනී යන්නේ මරණකරු දණ ගසා සිටියදී ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ආකාරයෙන් පැ.සා -02 කොළඹගේ මරණකරුට වෙඩි තබා ඇති බවයි .” එම තීන්දුවට අනුව මරණකරුට වෙඩි තැබු පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කරන ලදී. එසේ නමුත් අධිකරණ තීරණය අනුව නඩු විභාගයක් පැවැත්වීමට අනවශය බවට නීතිපති විසින් ඊයේ එනම් 04දා යවන ලද ලිපිය මෙසේය. එය අනුර කුමාර ආණ්ඩුව යටතේ ගන්නා ලද තීරණයකි. බලපිටිය අධිකරණයේ ඒආර් 2049 /22 යටතේ පැවැති නඩු තීන්දුව මෙසේ සඳහන් කරයි: පසුගිය දිනක ජාතික ආරක්ෂක කමිටුව රැස් වු අවස්ථාවේ ජනාධිපති අනුර දිසානායකගෙන් පොලිස් විශේෂ බලකායට එරෙහිව අපරාධ නඩු සහ මානවහිමිකම් නඩු 17 ක් දමා අති බවත් එම නඩු ඉවත් කර දෙන්නැයි ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලා සිටි බවත් පසුව ජනාධිපතිවරයා නීතිපතිට ඒ ගැන සොයා බලා පියවර ගන්නැයි උපදෙස් දුන බව මාධ්‍ය වාර්තා කර තිබේ. මහර බන්ධනාගාරයේ රැදවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති ගැටුමෙන් රැදවියන් 11දෙනෙක් මරා දැමු අතර තුවාල ලැබු රැදවියන් ගණන 111 කි. මෙම මරණ 11 බැලු බැල්ලමට අපරාධයක් බවට සාධාරණ සැකයක් උද්ගත ඇති බැවින් , අපරාධ නඩු සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව සුදුසු කඩිනම් පියවර ගෙන ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට වැලිසර මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය. මැත දී එම නඩුවද නීතිපති විසින් වසා දමන ලදී. එම සිදුවීම මෙහි කියවිය හැක: නිතිපතිවරයා මහර සමූහ ඝාතනයේ ලිපිගොනු වැසීමට ගත් තීන්දුව සිරකරු ඝාතනයන්ට මුක්තිය ලබා දීමක්! මහේෂ් ඉන්දිකගේ බිරිඳ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මේ සම්බන්ධයෙන් යවා ඇති ලිපිය පහත පළවේ. Tagsඅධිකරණ ස්වාධිනත්වයනීතියේ පාලනයමානව හිමිකම්වගවීමවංචා දූෂණශ්රී ලංකාව Sri Lanka Brief Share FacebookTwitterWhatsAppPinterestEmail Archive December 2024 November 2024 October 2024 September 2024 August 2024 July 2024 Latest news ජනාධිපතිවරණය 2024 රනිල් රාජපක්ෂගේ අනීතික මත්පැන් බලපත්‍ර සෝලිය: අල්ලස්, දූෂණ සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම කෙටියෙන් Sri Lanka Brief - 06/12/2024 පුවත් ජාජබ සහ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵල: මිථ්‍යාව සහ යථාර්ථය – සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 05/12/2024 පුවත් මිලිටරි බුද්ධි ප්‍රධානියා ඉවතට; උද්ඝෝෂනය තුල පිහි ඇනුම පාර රාජ්‍ය ගේමක්? Sri Lanka Brief - 04/12/2024 පුවත් සංවර්ධන නිලධාරී උද්ඝෝෂනයේදී පොලිසියට පිහි පහර දුන්නේ මිලිටරි ඒජන්තයෙක්ද? Sri Lanka Brief - 04/12/2024 Related news ජනාධිපතිවරණය 2024 රනිල් රාජපක්ෂගේ අනීතික මත්පැන් බලපත්‍ර සෝලිය: අල්ලස්, දූෂණ සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම කෙටියෙන් Sri Lanka Brief - 06/12/2024 පුවත් ජාජබ සහ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵල: මිථ්‍යාව සහ යථාර්ථය – සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 05/12/2024 පුවත් මිලිටරි බුද්ධි ප්‍රධානියා ඉවතට; උද්ඝෝෂනය තුල පිහි ඇනුම පාර රාජ්‍ය ගේමක්? Sri Lanka Brief - 04/12/2024 පුවත් සංවර්ධන නිලධාරී උද්ඝෝෂනයේදී පොලිසියට පිහි පහර දුන්නේ මිලිටරි ඒජන්තයෙක්ද? Sri Lanka Brief - 04/12/2024