Friday, December 6, 2024

වෛද්‍ය සාෆි ශිහාබ්දීන් සියළු චෝදනාවලින් නිදහස් : වර්ගවාදය ඇවිල වූ අදත් රඟන දුෂ්ඨයින් මෙන්න!

(Sri Lanka Brief/06.11.2024) වසර ගණනාවක පදනම් විරහිත චෝදනා විඳදරා ගැනීමෙන් පසු ඔහුගේ නම නිදොස් කරමින් වෛද්‍ය සාෆි ශිහාබ්දීන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

මෙම ජයග්‍රහණය ඔහුට සහ ඔහුගේ පවුලේ අයට පුද්ගලික වන නමුත්, ජාතිවාදී, ඉස්ලාම් විරෝධී වෛරය පතුරවන්නන් පිළිබඳව විමසා බැලීමේ අවශ්‍යතාවයද එයින් අවධාරනය කරයි.

එම චෝදනා ඉදිරිපත් කළ දුෂ්ඨයින් සහ ඔවුන් දැන් සිටින කොහිදැයි බලමු.

2019 දී, සිංහල මව්වරුන් 4,000 ක් වඳ කළ බවට වෛද්‍ය සාෆි ශිහාබ්දීන්ට ව්‍යාජ චෝදනා එල්ල කරන ලදී, එය වාර්ගික වෛරය අවුලුවාලන පදනම් විරහිත ප්‍රකාශයක් බවට පත් විය. මුස්ලිම් විරෝධී වර්ගවාදී දේශපාලන ව්‍යාපාරයක් ඒ වන විටත් දියත් කර තිබූ  ප්‍රධාන දේශපාලන නායකයින්, මාධ්‍ය ආයතන සහ විවිධ පුද්ගලයින් විසින්  මෙම චෝදනා දියත් කළේය.  එය භයානක අවිශ්වාසයේ සහ වර්ගවාදී දේශපාලන රැල්ලකට මඟ පෑදිය.

මෙම චෝදනා බොරු බව මුල සිටම පෙනී ගිය අතර පැලෝපීය නාලය වසා දැමීමට ශල්‍ය වෛද්‍යවරයකුට රහසිගත අවස්ථාවක් නොලැබෙන බවට බොහෝ සාක්ෂී ඉදිරිපත් විය.

පහත දැක්වෙන්නේ මෙම සාපරාධී චෝදනා ඉදිරිපත් කරනලද අයවලුන් සහ ආයතනයන්ය.

1. වෛද්‍ය සරත් වීරබණ්ඩාර: ජාතිවාදී උන්මාදයක් අවුස්සමින් සාක්‍ෂි නොමැතිව පැමිණිලි එක දිගට දිරිමත් කළ කුරුණෑගල රෝහලේ එවකට අධ්‍යක්ෂවරයාය. ඔහු තවමත් සේවයේ යෙදී සිටී.

2. අතුරලියේ රතන හිමි: විමර්ශන සඳහා ප්‍රසිද්ධියේ ඉල්ලා බොරු ප්‍රචාර ගෙන ගිය අන්තවාදී   භික්ෂුවය. එකල ඔහු  බොද් බල සේනාව නියෝජනය මංත්‍රීවරයා  ද විය.

3. වෛද්‍ය චන්න ජයසුමන: මෙම පදනම් විරහිත චෝදනා විස්තාරණය කිරීමට, වැරදි තොරතුරු පතුරුවා හැරීමට ඔහුගේ සමාජ මාධ්‍ය දරුණු ලෙස භාවිතා කළේය. වෛද්‍ය ජයසුමන ගෝඨාභයගේ ප්‍රධාන පෙළේ සහායකයකු විය.

4.එකල රාජපක්ෂවාදීන් සහ වර්ගවාදීන් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මංත්‍රීවරු ද පරීක්ෂණ සඳහා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිමින් ඇවිලෙන ගින්නට ඉන්ධන වත් කළහ. විමල් වීරවංශ කුරුනෑගල රෝහලට ගොස් එහිදී පවා වෛරය ඇවිලවීමට ක්‍රියා කළේය.

5. නාමල් රාජපක්ෂගේ ප්‍රචාරකයකු වන  ඉරාජ් වීරරත්න උමතුව තවත් වැඩි කරමින් ගිනිදැල් කිරීමට ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව භාවිතා කළේය.

6. හේමන්ත රන්දුණු හරහා දිවයින පුවත්පත වෛද්‍ය ෂාෆිට චෝදනා කරමින් මුල් කතාව පළ කිරීමත් සමඟ බියකරු දුරාචාරාත්මක මාධ්‍ය  කාර්යභාරයක් ඉටු කළේය. මෙම අභූත චෝදනාව ඉදිරිපත් කිරීම ගැන දිවයින පුවත්පත සහමුලින්ම වගකිව යුතුය.

7. දිලිත් ජයවීරට අයත් දෙරණ රූපවාහිනිය මෙම අසත්‍ය ප්‍රකාශ පුන පුනා පුනරුච්චාරණය කරමින් අවිශ්වාසය සහ බිය  උත්සන්න කළේය.

මෙම චෝදනා සක්‍රීයව ප්‍රවර්ධනය කළ අය අතර අරගලයේ නායකයකු වීමට තැත් කළ පැතුම් කර්නර් සහ ඥණසාරගේ වර්ගවාදී බොදු බල සේනාව  ද විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පසුව සොයාගනු ලැබුවේ සියලු චෝදනා පදනම් විරහිත ඒවා බවත්, අනවසර වඳ කිරීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය. එහෙත් මේ බොරු පතුරවන අයට කිසිදු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු නොවිය. ඔවුන්ගේ ක්‍රියාවන් වෛද්‍ය ෂාෆිට පමණක් නොව සමාජ සංහිඳියාවට සදාකාලික හානියක් සිදු කළේය. එනමුත් එම පුද්ගලයින් අදද එළෙසම වැජඹේ.

2024 වෙත වේගයෙන් ඉදිරියට යමු:

මෙම දේශපාලන චරිත බොහොමයක් දැන් ඉදිරි මැතිවරණ සඳහා සර්වජන බලය නම් නව දේශපාලන සන්ධානයක  නමින් එක්ව සිටී. මෙම සන්ධානයට දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සහ චන්න ජයසුමන ඇතුළත් වේ.

දේශපාලන බලය සොයන සියලුම ජාතිවාදීන් එක පිළිවෙළකට ගෙන ආ  එය ජාතිවාදය වපුරන පක්ෂයකි.

වෛද්‍ය සාෆි ශිහාබ්දීන් නිදොස් කොට නිදහස් කිරීම මගින් අපට පෙනෙන්නේ පාලනය නොකළ, භේදකාරී වාචාලකමේ අන්තරායන් පිළිබඳ භයානක සෙවනැළිය.

ශ්‍රී ලංකාවෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීමක් නොමැතිකම රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයකි.

වෛද්‍ය සාෆි ශිහාබ්දීන්  වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනා දැන් මෙම සහසික අපරාධයේ වගඋත්තරතරුවන් පිටුපස හඹා යා යුතුය.

Archive

Latest news

Related news