Monday, October 28, 2024

පාස්කු 21දා පල්ලිවල ආරක්ෂාව තරකරන ලෙස රවි සෙනවිරත්න දැන්වූවා – ඩීඅයිජී නන්දන මුණසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමෙන් පසු 2019 ජූලි 08 වන දින පොලිස්  එවකට බස්නාහිර පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ නන්දන මුණසිංහගෙන් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී මෙවන් සිල්වා විසින් ප්‍රශ්ණ කර සටහන් කර ගන්නා ලද ප්‍රකාශය අනුව, 2019 අප්‍රේල් 21 වන දින කතෝලික දේවස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිට තිබේ.

SIU/65/2019 දරණ එම ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

“2029.-4.19 වන දින ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුව, පසු දින පල්ලිවලට ආරක්ෂාව තර කිරීම සුදුසු බව දන්වා සිටින ලදී. එවිට මා අසා සිටියා එසේ දැනුම් දෙන්නේ ඇයිද යන්න. එහිදී ඔහු කියා සිටියා මුස්ලිම් අන්තවාදීන්ගෙන් කතෝලික පල්ලි වලට හා ඉන්දියානු සහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් පාස්කු ඉරිදා දින වැඩිපුර බැතුමතුන් සංඛ්‍යාවක් දේවසථානවලට එකතු වන බැවින් එම ප්‍රහාරය දියත් ළ හැකි බවයි. එහිදී ඔහු සඳහන් කළේ බාස්කු බරුදිව වැඩිපුර බැතිමතුන් පල්ලි වලට එක්වන බැවින් එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බට අනුමාන කරන බවයි.”  ( නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් දෙන ලද ප්‍රකාශය.)

එම ප්‍රකාශයෙහි ඔහු වැඩිදරටත් ප්‍රකාශ කරන්නේ 20වන දින බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වූ දේශබන්දු තෙන්නකෝන් නිවාඩු ලබා ගොස් සිටි බැවින් ඒ වෙනුවට වසන්ත වික්‍රමසංහ නම්  නිලධාරියා එම ප්‍රදේශය ආවරණය කළ බවයි. ඔහු ප්‍රදේශයේ කතෝලික පල්ලිවලට ආරක්ෂව සපයා ඇති බව තමාට දැනුම් දුන් බවයි.

එසේ නමුත් එවැනි කිසිදු ආරක්ෂාවක් සපයා තිබුණේ නැත.

තමා ඊට වඩා පසුවිපරමක් නොකළේ එවකට සිටි සියළුම උසස් නිලධාරීන් 30 අව්රුදු යුද්ධ කාලයේ අත්දැකීම් තිබූ අය නිසා කළ යුත්තේ කුමක්දැයි විස්තරාත්මක උපදෙස් දීමක් නොකළ බවය.

ප්‍රකාශය ලබා දීමෙන් පසු ඊට තවත් පිටුවක් එක්කරමින් නන්දන මුණසිංහ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රම්ත විමර්හන එකකය, සහරාන් ඇතුලු සැකකරුවන් අත්අඩංඟුවට ගත්තේ නම් එම ප්‍රහාරය සිදු නොවන බවයි. ඔහුගේ ප්‍රකාශය සහ මෙම දෙවැනිවර කරන ලද ප්‍රකාශය අතර වෙනසක් තිබේ. එය ඇඟ බේරා ගැනීමට කරන ලද ප්‍රකාශයක් ලෙස පෙනෙන්නේ, කලින් තමා නොදැන සිටියේ යැයැ කීයා ඇති කරුණූ උඩ මෙම ප්‍රකාශය කර ඇති නිසාය. කලින් ඔහු කියා ඇත්තේ ප්‍රහාරය සිදුවන තුරුම තමාට සහරාන් කණිඩායම ගැන කිසිදු තොරතුරක් ලබා නොදී තිබූ බවයි.

කිසිදු තොරතුරක් නොදැන සිටි බව කියන නන්දන මුණසිංහ අනෙත අතට  කියන්නේ සහරාන් කණ්ඩායම පදිංචි ස්ථාන දැන දැනත් ඔවුන් අත්අඩංඟුවට ගෙන නැති බවයි. සහරාන් ප්‍රහාරයට සූදානම් වන කාලයෙහි කිසිදු අවස්ථාවක සිය බිරිඳ පදිංචි නිවසේ සිටියේ නැත.

රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධී අධ්‍යක්ෂක මණ්ඩලය හැරුණ විට නන්දන මුණසිංහ යටතේ බස්නාහිර බුද්ධි අංශය නම් වෙනම ඒකකයක් තිබියදීත් රාජ්‍ය බුද්ධි සේවය එයට සහරාන් කණ්ඩායම පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දී නැත. එමෙන්ම පොලිස්පතිවරයා ද මෙම තොරතුරු සන්නිවේදනය කර නැති බව මෙම ප්‍රකාශයෙන් පෙනේ.

 

 

 

 

Archive

Latest news

Related news