Monday, October 28, 2024

ආරුගම්බේ තර්ජන කතාව සහ පාර රාජ්‍යය:  ප්‍රශ්ණ කිහිපයක්.

Image: Arugambe (c)sunandadeshapriya

(ශ්‍රී ලංකා බ්‍රීෆ්. 25.10.2024)

ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට කරන ලද අනතුරු ඇඟවීම මෙරට ක්‍රියාත්මක වන පාර රාජ්‍ය ජාලයක් විසින් දියත් කරන ලද්දක්ද යන ප්‍රශ්ණය අදාළ අංශ අතර පැන නැගී තිබේ.

ඉන් සමහරක් මෙසේය:

  1. මෙම ප්‍රහාරය දියත් කරනු ලබන්නේ  ගාසා තීරයෙහි ඊශ්‍රාලය විසින් කර ගෙන යනු ලබන යුද්ධයට විරුද්ධව බව කියනු ලැබේ. එම යුද්ධයට දැන් වසරකට වැඩි අතර මෙයට පෙර කිසිදු අන් රටක මෙවැනි ප්‍රහාරයක් සිදුව නැත. එසේ තිබියදී හදිසියේම මෙවැනි ප්‍රහාරයක් ලංකාවෙහි දියත් කිරීම සැළසුම් කිරීමට හේතුව කුමක්ද?

  2. මෙම තොරතුරු ලබා දී ඇත්තේ ඉන්දීය රෝ සංවිධානය විසින් රාජ්‍ය බුද්ධි සේවයට බව කියනු ලැබේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේශ් සලේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ හිතවතකු බව රහසක් නොවේ.  රාජ්‍ය බුද්ධි සේවයෙහි තවමත් සලේගේ හිතවත්තු සේවය කරති. රාජ්‍ය බුද්ධි සේවයට පසුගිය 07වන දින ලද එම තොරතුර  ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලබා දුන්නේ කවරකු විසින්ද? එය ලද විගස ආණ්ඩුවේ අදාල අංශ නොවිමසා ඇමෙරිකානු තානාපති කාර්යාලය සංචාරක තහනමක් ප්‍රකාශයට පත් කළේ ඇයි? මෙම තර්ජනය ඇත්තේ ඊශ්‍රායල් යුදෙව් ජාතිකයිනට පමණක් බව කියා තිබියදී, බටහිර රටවල්  සිය රටවල ජනයාට වහාම එවැනි තහනම් පැනවූයේ ඇයි?

  3. එවැනි අනතුරු ඇගවීමක් ප්‍රකාශයට පත් කළ විට එම රටවලිින් පැමිනෙන සංචාරකයිනට සංචාරක රක්ෂන ප්‍රතිලාභ නොලැබේ. දැනටමත් වාර්තාවන්නේ මෙරට පැවැත්වීමට නියමිත අන්තර් ජාතික සමුළුවක් සඳහා සහභාගි වීමට නියමිත වූ යම් යම් පිරිස් කොළඹට පවා නොපැමිණෙන බවයි.

  4. ඉන්දියාවෙහි ගෝව නගරයේ ආරුගම්බේ සංචාරක කලාපයට වඩා ඉතා විශාල ඊශ්‍රායල ජාතික කොළනියක් පවා තිබේ. එවැනි ප්‍රහාරයක් සඳහා ගෝව අතහැර මෙරට තෝරා ගැනීම තේරුම් කරන්නේ කෙසේද?

  5. මෙම බුද්ධි තොරතුර ලබා දුන් ඉන්දියාව, ස්වකීය සංචාරකයින්න්ට ශ්‍රී ලංකාව තහනම් කලාපයක් ලෙස නම් නොකළේ ඇයි? (මෙරටට සංචාරක තහනම් පැන වූ බටහිර රටවලින් මෙහි පැමිනෙන්නේ යුදෙව ජාතිකයින් නොවන බව කලින් සඳහන් කර ඇත.)

  6. මෙම ප්‍රහාරය එල්ල කිරීම සැළසුම් කරන බවට ඉන්දීය රෝ සංවිධානය දැනුම් දුන් පුද්ගලයින් අත්අඩංඟුවට ගත් නමුත් එම පුද්ගලයින් එවැනි ක්‍රියාවකට සූදානම් වූ බවට කිසිදු සාක්ෂියක් මේ තාක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව සත්‍යයක්ද?

  7. අනුර කුමාර ජනාධිපතිබවට පත්වීම නුරුස්නා පිරිස් විසින් මෙම කතාන්තරය නිර්මාණය කරන ලද්දේද? එමගින් ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් බව සංචාරක කර්මාන්තය කඩාකප්පල් කිරීම, පාර රාජ්‍ය සැළැස්මක් නොවිය හැකිද?

  8. මෙම තොරතුරු ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලබා දුන්නේ එම පාර රාජ්‍ය ජාලය විසින්ද?

  9. සුරේශ් සලේ සහ නිලන්ත ජයවර්ධන වැනි පාස්කු ප්‍රහාරයේ චූදිතයින් ඔවුන් දැරූ තනතුරු වලින් ඉවත් කිරීම නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව කියා සිටිමට මෙම කතාව හෝ සැළසුම සකස් කරන ලද්දේද?

  10. මෙම සැළසුම පිටුපස සිටින බවට කියැවෙන්නේ සහරාන් කණ්ඩායම මෙන් සංවිධිත කණ්ඩායමක් නොව විදේශීය රටකින් මුදල් ලබා ගැනීමට කරනු ලබන්නක් බව කියා තිබියදීත් බටහිර රටවල් මහා බිල්ලකු මවා පාන්නේ ඇයි?

යහ පාලන ආණ්ඩුව බිඳවැට්ටවීමට කරන ලද කුමංත්‍රණ පසුබිමෙහි වත්මන් ආණ්ඩුව පාර රාජ්‍ය ජාලයන් පිළිබඳව වඩා සැළකිළිමත් විය යුතු බව අදාළ අංශ පෙන්වා දී තිබේ.

Archive

Latest news

Related news