සුනන්ද දේශප්‍රිය.
දූෂණ සහ භීෂණකාරී ක්‍රියා පිළිබද නව ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති පරීක්ෂණ අඩාල කිරීම පිනිස පාර රාජ්‍යයේ සහ දේශපාලන බලවේග අතර සන්ධානයක් ඇතිව තිබෙන බවට දේශපාලන අංශ සැක කරයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත් වීමෙන් පසු ආරම්භ කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය කරගෙන යෑම කඩාකප්පල් කිරීමට ජාතික ජන බලවේගයට විරුද්ධ දේශපාලන බලවේග එක්සත් ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව දේශපාලන අංශ විශ්වාස කරති.
මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවේ හිටපු ප්‍රධානීන් දෙදෙනා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.
රවි සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාතාංශයේ ලේකම්වරයා වශයෙන් ද ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කිරීමට විරුද්ධවය.
මෙම ප්‍රතිප්‍රහාරයේ පළමු පියවර ලෙස රවි සෙනවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව දේශපාලන චෝදනා කිරීම ඇරඹී තිබේ.
මෙම ව්‍යාපාරය සදහා එකිනෙකාට විරුද්ධ දේශපාලන බලවේග එක්වී තිබේ.
මීට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීයේ යැයි යන චෝදනාව යටතේ, ගෝඨාභය ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකයකු ලෙස පත් කරන ලද ඉන්දුක ද සිල්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තා දෙක රනිල් රාජපක්ෂ ප්‍රසිද්ධ කළේ නැත.
එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව 2024 ජුනි 24 – 25 දිනවලටත් විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් වාර්තාව 2024 සැප්තැම්බර් 14දාත් හිටපු ජනාධිපති රනිල් රාජපක්ෂට භාරදී තිබේ. එනමුත් එම වාර්තා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදහන් වී ගම්මන්පිල අතට පත් වී තිබේ.
ඉන් එක් කමිටුවක් පිහිටුවන ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාර සහ පිල්ලෙයාන්ගේ ලෙකම්ව සිටි හන්සීර් අසාද් මවුලානාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශණය කර වාර්තා කිරීමටය.
මෙම වාර්තා දෙක ප්‍රසිද්ධ කරන බව දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂයේ ප්‍රධානියකු වන වර්ගවාදී දේශපාලනඥ ගම්මන්පිල කියා සිටී. ජනාධිපති කාර්යාල්යට ලැබී අතුරුදහන් වී ඇති මෙම වාර්තා දෙක ගම්මන්පිල වෙත ලබා දෙන ලද්දේ රනිල් රාජපක්ෂ විය හැකියැයි සැකයක් ද මතු වී තිබේ. එම වාර්තා දෙක ප්‍රයෝජනයට ගනිමින් රවි සහ ශානි විරොධී ව්‍යාපාරය දියත් කිරීමට ඉඩ ඇතයි ද කියවේ.
මේ අතර වීඩියෝවක් නිකුත් කරමින් ජවිපෙන් ඉවත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද රවි සහ ශානි වෙත ලබා දෙන ලද නව තනතුරු ප්‍රශ්ණ කර තිබේ.
සමගි ජන බලවේගයට සම්බන්ධ විවිධ පිරිස් ද මෙම ව්‍යාපාරයට එක්ව සිටිති.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම පිණිස පත් කරන ලද මලල්ගොඩ කොමිසම, ජනක් ද සිල්වා කොමිසම සහ පාර්ලිමෙන්තු කාරක සභාව යන කිසිවත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළේයැයි රවි සෙනවිරත්න හෝ ශානි අබේසේකරට චෝදනා කළේ නැත.
ජනාධිපතිවරණයට ආසන්න සමයෙහි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පාලිත සිල්වා විසින් කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දුක ද සිල්වා විසින් කොටුව මහේස්ත්‍රාත් වෙත පසුගිය ජනාධිපතිවරණයට දින 11ත් තබා සැප්තැම්බර් 10වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවක් ඉල්ලා සිටින්නේ රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවන ලෙසය.
මෙම පියර ගැනීම වැළකුණේ රවි සෙනවිරත්න විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසාය.