Friday, October 18, 2024

ඇලෝෂියස් සමග හිරේ ගිය දිනේන්ද්‍ර ජෝන් දිලිත්ගේ පක්ෂයේ ප්‍රබලයෙක්…

වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් W.M මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් සමග සිරදඬුවම් ලබා දුන් අනෙක් පුද්ගලයා පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.

දිනේන්ද්‍ර ජෝන් නැමති එම පුද්ගලයා හිටපු ඇමති රවී කරුණානායකගේ සමීපතම ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට ඔහු දිලිත් ජය වීරගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව මේ වනවිට කරුණු තහවුරු වී තිබේ.

මේ වනවිට W.M මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් සමග වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරුවෙකු ලෙස ඔහුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර ඇරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

ලංකා ට්රුත් වෙතිනි.

Archive

Latest news

Related news