Wednesday, October 16, 2024

රනිල් රාජපක්ෂගේ මාසයක ජල බිල ලක්ෂ පහ පනී!

පින්තූරය ඒඅයි නිර්මාණයකි.

පොහොට්ටු පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පත්කර ගන්නා ලද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එක් මාසයක් ඇතුළත රුපියල් පන්ලක්ෂ පනස්දහසක් ඉක්මවූ ජල ප‍්‍රමාණයක් පරිහරණය කර ඇති බව අනාවරණය වේ.

ඔහු භාවිතා කරන නිවාස දෙකක් සඳහා මෙසේ ජලය භාවිතා කර ඇත. කොළඹ 05 ඇජට් පාරේ පිහිටි නිවාසය සහ කොළඹ 05, ස්ටැන්මූර් ක්‍රෙසන්ට් පෙදෙසේ පිහිටි නිවාසය වෙනුවෙන් මෙලෙස ජලය ලබාගෙන ඇත. මෙම ජල බිල්පත් මහජන මුදලින් ගෙවීම විශේෂත්වයකි.

ඇජට් පාරේ නිවාසය සඳහා සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් 68171.55 මුදලක් ගෙවීමට තිබී ඇති අතර, ඔක්තෝබර් දෙවන සතිය වන විට එය රුපියල් 364768.20ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මේ අනුව එම නිවසේ ජල බිල්පත මාසයක පමණ කාලයක් තුළ 296576.65ක් වී ඇත. ස්ටැන්මූර් ක්‍රෙසන්ටර්හි නිවසේ ජල බිල්පත සැප්තැම්බර් අවසන් වන විට පැවති රුපියල් 1059.42ක මුදල ඔක්තෝබර් දෙවන සතිය වන විට රුපියල් 274549.56ක් දක්වා මාසයකට අඩු කාලයක් තුළදී රුපියල් 273490.14කින් ඉහළ ගොස් තිබේ.

එම නිවාස දෙකේම ජල බිල්පත් මාසයකට අඩු කාලයක් තුළ රුපියල් 570066.79ක් වී තිබේ. මෙම බිල්පත් මහජන මුදල් ගෙවන ඒවාය.

ලංකා ට්රුත් වෙතිනි.

Archive

Latest news

Related news