Tuesday, September 17, 2024

රනිල් රාජපක්ෂ වේදිකාවේ සිටි හොර බෙහෙත් කෙහෙළිය දිවි නසා ගන්න යනවලූ!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 08වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ම ඇප මත මුදාහැරීමට මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය  පසුගිය 11වන දින නියෝග කළාය.

අත්අඩංඟුවට පත්වන තුරුම ඔහු සිටියේ රනිල් රාජපක්ෂ තුරුල්ලේ ඔහුගේ දේශපාලන වේදිකාවේය.

ඊට හේතුව වශයෙන් දැක්වූයේ අවුරුදු 71 වයසේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  සැලකිය යුතු රෝගවලින් පීඩාවිඳින බව අධිකරණයට නිරීක්ෂණය වන බවත් ඔහු දැනට මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටීම බැහැර කළ නොහැකි කරුණක් බවත්ය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමකට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

ඒ අනුව සැකකරුවන් දැඩි මානසික ආතතියකට ලක්වී ඇති බවත් දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ පා ඇති බවත් නිගමනය කළ මහෙස්ත්‍රාත්වරිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇපයක් මත කෙහෙළිය  මුදා හැරුණි.

හිටපු සෞඛය ඇමතිවරයකු මානසික පීඩනයට ලක් වී දිවි නසා ගැනීමට යෑම අරුම පුදුම කතාවති. කෙහෛළිය රඹුක්වැල්ල පෙනී සිටියේ කිසිවකුට බය නැති යකඩයකු මෙන්ය.

හොර බෙහෙත් ගෙනැවිත් රොගීන් මිය යාමට සැළැස්වූ කෙහෙළියට විරුද්ධව විපකෂය ගෙන ආ විශ්වාෂ භංග යෝජනාව පැරදවීමට අද රනිල් රාජපක්ෂ වේදිකාවේ සිටින හොර ගැන්සියම ඡන්දය දුන්හ. සිරගත නොවුණේ නම් අද කෙහෙළිය රනිල් රාජපක්ෂ  වේදිකාවේ රඟන මහ පොරෙකි.

පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙන්වා දුන්නේ 2019 වසරේදී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් පැරණි එවා බවත්ය. තවද වර්තමාන රෝගී තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දීමට සැකකරු අසමත් වී ඇති බවද ඇය පැවසීය.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  සැකකරුවන් සම්බන්ධව රජයේ වෛද්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළාය.

එමෙන්ම 8වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර 10කදී ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුළදී එම රෝගවලින් නොපෙළෙන බවත් ඇය පැවසුවා ය.

එබැවින් අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයට යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ නිසා ජීවිත අවදානම් තත්ත්වයට පත් කිරීම සහ රජයට කෝටි ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  විමර්ශන කටයුතු ආරම්භ කර කෙහෙළිය ඇතුලු පිරිසක් අත්අඩංඟුවට ගත්තේය.

අංගොඩ මානසික රෝහලේ සිටිය යුතු කෙහෙළිය දැන් සුව පහසු ඇතිව සිය නිවසේ කාලය ගත කරයි. සිය සෞඛ්‍ය ඇමතිවරයා වූ  ඔහු බැලීමටවත් රනිල් රාජපක්ෂ ගොස් නැත.

කෙහෙළියට වැළදුණූ ආතතිය ළගදීම රනිල් රාජපක්ෂ හැත්තටම වැළදීමට නියමිතය.

ජනමාධ්‍ය වාර්තා ද ඇසුරිණි.

Archive

Latest news

Related news