Tuesday, September 17, 2024

බංකොළොත් රටේ පිං ජනාධිපති රට සවාරි වලට කල වියදම, දූත පිරිස් වැය නැතිව ලක්ෂ 2000 පනී.

පිං ජනාධිපති ලෙස රනිල් රාජපක්ෂ විදේශ සංචාර සඳහා රුපියල් ලක්ෂ 1780 ක් වියදම් කර ඇති බව තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ලබා ගෙන ඇති විස්තර පෙන්නුම් කරයි. එසේ නමුත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඩුබායි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ගිය ජනාධිපති රනිල් රාජපක්ෂගේ සංචාරය පිළිබඳ සවිස්තරාත්මක මූල්‍ය තොරතුරු ලැබී නැත. එම තොරතුරු සහ ඉදිරිපත්ව නැති  තොරතුරු එක් කළ විට මෙම සම්පූර්ණ වියදම ලක්ෂ 2000හ පනිනු ඇත.

මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ යාපනයේ මාධ්‍යවේදයකු වන දිලීප් අමුදන් විසිනි.

රට ආර්ථික අරුබූදයක ගිලි ඇති අවස්තාවක රනිල් රාජපක්ෂ ටයදී ඇති බොහෝ විදෙස් සංචාර අත්‍යවශය ඒවා නොවන අතර එමගින් මෙරටට ලැබුණූ ප්‍රතිලාභයක් ද නැත.

මෙම තොරතුරු ඉල්ජාලා සිටි අවස්තිථාවෙහි දී  ජාතික ආරක්ෂාවට සම්බන්ධයැයි කියා ජනාධිපතිවරයාගේ ගමන් වියදම් පිළිබඳ නිශ්චිත තොරතුරු සැපයීම ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍යවේදි දිලීප් අමුදන් ඉන්පසු  අභියාචනයක් ජනාධිපති ලේකම්වරයාට, නම් කරන ලද නිලධාරියාට ගොනු කළ නමුත් එයද ජනාධිපති ලේකම්වරයා  විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මීට පෙර අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් වියදම් සඳහා තමාට ප්‍රවේශය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී, විධිමත් පැමිණිල්ලකින් පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ යුතුබවට තීන්දු කළ බව ඔහු අවධාරණය සිය අභියාචනයෙහි සදහන් කළේය. කෙසේ වෙතත්, මෙම පූර්වාදර්ශය සඳහන් කළද, ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී.

රනිල් රාජපක්ෂගේ  කාර්යාලය උත්සාහ කළේ එම තොරතුරු සැඟවීමටය. පාරදෟශ්‍යභාවය ගැන ලොරි ටෝක් දෙන නමුත් තමන් මහජන මුදල් වැය කරමින් කළ සංචාර පිළිබඳ තොරතුරු ලබා දීමට මැළිවිය.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ තමන් සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත් පිළිබඳ වාර්තා පමණක් බවයි.

 විදේශ කටයුතු අමාත්‍යාංශය සතු තොරතුරු තමන් සතුව නැති බවත් ඔවුහු කීහ.

කොමිසම  ඉන්නි පසු  ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත් පිළිබඳ විස්තර ලබා දෙන ලෙස නියෝග කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ නිව්යෝර්ක් සංචාරය පිළිබඳ තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව ආරක්ෂක නිලධාරීන් හැර ඔහු සමඟ පැමිණි අයගේ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හෙළිදරව් කරන ලදී.

ඊට ප්‍රතිවිරුද්ධව, රනිල් රාජපක්ෂ  සමඟ ගමන් කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත්තේ ජාතික ආරක්ෂාවයන තර්කයට මුවා වෙමිනි.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති තොරතුරු විමසූ විට අමාත්‍යාංශය මුලින් ඉල්ලා සිටියේ අයදුම්කරු වන දිලිප් අමුදන්ගේ ජාතික හැඳුනුම්පත් (NIC) අංකයයි. කෙසේ වෙතත්, එම ඉල්ලීම්කරු වන දිලීප් අමුතන්ට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශය පරීක්ෂනයක් ආරම්භ කර ඇති බවත් ඉන් පෙනී ගියේය, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව එවැනි තොරතුරු ලබා දීම අනවශ්‍ය බව පැහැදිලි කිරීමෙන් පසුව පවා, විදේශ කටයුතු අමාත්‍යාංශය දිලීප් අමුදන් ඉල්ලා සිටි තොරතුරු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටි තොරතුරු ලබා දීම මුලින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔවුන්ට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවට අභියාචනයක්  දිලීප්ගො අමුදන් විසින් ගොනු කරන ලදී. කොමිසමේ උපදෙස් අනුව අවසානයේ අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයාගේ විදේශ සංචාරවල ආහාර සහ නවාතැන් පිළිබඳ විස්තර ඇතුළු ඉල්ලා සිටි තොරතුරු අනාවරණය  කිරීමට විදේශ අමාත්‍යාංශයට සිදු විය.

ජනාධිපති රනිල් රාජපක්ෂගේ ගුවන් ටිකට්පත්වල මිල පහත පරිදි වේ.

2023 මැයි මාසයේ ජපාන සංචාරය – රුපියල් 3,176,988.50 ෙ

2023 මැයි මාසයේ ලන්ඩන් සංචාරය රුපියල් 4,028,800.00‍ෙ

2023 ජූලි මස ඉන්දීය සංචාරය රුපියල් 313,464.00

2023 ජූනි මස UK සහ ප්‍රංශ සංචාරය රුපියල් 11,145,500.00

2023 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කියුබා සංචාරය රුපියල් 23,646,817.00

2023 අගෝස්තු සිංගප්පූරු සංචාරය රුපියල් 3,561,500.00

2023 සැප්තැම්බර් ජර්මානු සංචාරය රුපියල් 5,398,300.00

2023 ඔක්තෝම්බර් මාසයේ චීන සංචාරය රුපියල් 6,293,418.00

2024 ජූලි මස ඉන්දුනීසියානු සංචාරය රුපියල් 5,682,635.59

කෙසේ වෙතත් රුපියල් මිලියන 178 ක වියදමට ජනාධිපති දූත පිරිස්හි ගුවන් ටිකට්පත් ගාස්තුව ඇතුළත් නොවේ.

එම වියදම් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් ගණන් බලා නොමැත. එවිට මෙම වියදම් අඩුම වශයෙන් දෙගුන වීමට ඉඩ තිබේ.

 

Archive

Latest news

Related news