Saturday, August 31, 2024

අප්පච්චි මළා රට එළදෙනුන් දොවා ගත් හැටි: ලක්ෂ 98 පුද්ගලික ගිනුමට!

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා බව කියමින් විදේශීය කිරි දෙනුන් ආනයනය කිරිමට බැසිල් රාජපක්ෂ ආරම්භ කළ ව්‍යාපෘතිය 2015 – 2019 කාලයේ ද දැඩි වංචා සහ දූෂණ සහිතව රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ ක්‍රියාත්මක විය.

එම ආණ්ඩුවේ සිටි ඇමති පි. හැරිසන් සහ ඔහුට පසුව එම ඇමති ධුරයට පත් කළ විජිත් විජයමුනි සොයිසා එම ව්‍යාපාතිය මුවාවෙන් මූල්‍ය අපරාධ සිදු කළ ආකාරය හෙළි කරනු ලැබ තිබේ. ගණකාධිකාරි ඇන්ටන් පෙරේරා අදාළ තොරතුරු හෙළි කළේ ජාතික ජන බලවේගයේ විගණන හා ගණකාධිකාරිවරුන්ගේ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ය. ඔහු එහිදී වැඩි දුරටත් හෙළි කළ කරුණු පහත දැක්වේ.

“රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අධ්‍යයනයක් කළා. එහි සමස්ත කරුණු පිළිබඳව විග්‍රහයක් කරන්න අවස්ථාවක් නැහැ. නමුත් දේශපාලන සමස්තය ගැන කරුණු දෙක තුනක් ගත්තාම අවබෝධයක් ලබාගන්න පුළුවන්. එහි 27වැනි පිටුවේ “කිරි නැති හන්දා රට කිරි දීලා…” කියන හැඳින්වීම යටතේ සඳහන් කර තිබෙන්නේ රටට අවශ්‍ය කිරිවලින් 35%ක් පමණක් රට තුළ නිපදවන බවයි. මිල්කෝ ආයතනයේ යන්ත්‍ර සූත්‍ර වසරේ වැඩි කාලයක් අක්‍රීයව තබන බවත් කිරි ආනයනය සඳහා වසරකට ඩොලර් බිලියන 282ක් පිටරටට ඇදී යන බවත් සඳහන් කර තිබෙනවා.

2015දී දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණෙන් විදේශ කිරි ගවයන් ලංකාවට ගෙන ආවා. කිරි ගවයන් 5000ක් ගෙනාවත් එයින් වැඩි සංඛ්‍යාවක් විවිධ රෝගාබාධ නිසා මිය ගියා. පී. හැරිසන් ඇමතිවරයා මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් මෙහෙය වූවා.

එසේ තිබියෙදී 2018 මැයි මාසයේ තවත් කිරි ගවයන් 5000ක් ගෙන එන්න ඩොලර් මිලියන 11කට වැඩි මුදලක් වෙලාඩ් සමාගමට ගෙව්වා. නමුත් එක හරකෙක් වත් ආනයනය කළේ නැහැ. ඒ ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉන්නවා. මේ සංකල්පයට ගාමිණී විජිත් විජිතමුණි සොයිසාත්, පී. හැරිසන් ඇමතිවරයාගෙන් පස්සේ ඒ අමාත්‍ය ධුරයට පත් කළා.

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් මුදල් රුපියල් ලක්ෂ 98ක් පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවෙන් බැරකර තිබෙනවා. මේ සල්ලි බැරකර තිබුණේ ජී.ඩබ්.ඩබ්. සොයිසා කියන නමට. ඒ පිළිබඳ විමර්ශනවලදී හෙළිවුණේ ගාමිණී විජිත විජයමුණි සොයිසා ඇමතිගේ ගිණුමක්. සොයිසා ඇමතිවරයා කිරි ගවයන් 50දෙනෙක් ලබාගෙන තිබුණා.

රුපියල් ලක්ෂ පහක් වූ එක් කිරි ගවයෙක් සහනාධාර මුදලක් යටතේ ලබාදුන්නේ රුපියල් ලක්ෂ දෙකකට. ඒ සොයිසත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායමේ ඉන්නනවා.

බැඳුම්කර මුදල් වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කණ්ඩායමේ කිරි ගවයන් ආනයනයට සම්බන්ධ පී. හැරිසන් සහ ගාමිණි සොයිසා යන දෙදෙනාම සිටිනවා. ඒ අතින් ඔවුන් හොඳම ටීම් එක බව අපි පිළිගන්නවා, රටේ ඉතිරි ටිකත් හොඳටම විනාශ කරන්න.

ලංකා ට්රුත් ලිපියකිනි.

Archive

Latest news

Related news