Thursday, August 29, 2024

2024 ජූලි ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය: අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස කරට කර – අයිඑච්පී ස්ලොට්ස්

IHPහි ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි (SLOTS) 2024 ජුලි මාසයේ ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ MRP තාවකාලික ඇස්තමේන්තුවලින්, ජා.ජ.බ./ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක සහ ස.ජ.බ. නායක සජිත්  ප්‍රේමදාස කරට කර සටනක් සමග ඉදිරියෙන් සිටී.  දෙදෙනාම ලබා ඇත්තේ සියලුම  වැඩිහිටියන්ගෙන් 40%ට වඩා අඩු ප්‍රතිශතයකි.

ඒ අතරම, ජුලි මාසයේ දී දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහා  වන සහයේ  වර්ධනයක් දක්නට ලැබේ.  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා  වන සහයෝගය 4%හි නොවෙනස්ව පවතී.  එම පක්ෂය නාමල් රාජපක්ෂ එහි අපේක්ෂකයා ලෙස නම් කළේ සහ ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කලේ අගෝස්තු මාසයේදී පමණය. නාමල් රාජපක්ෂ ඉදිරිපත්වීමත් සමඟ පොදු ජන පෙරමුණේ ඡන්ද ඉහළ යනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති. එම ජන්ද රනිල් වික්‍රමසිංහට ලැබීමට තිබූ ඡන්ද විය හැකි යැයිද අනුමාන කැරේ.

මෙම ජනමත සමීක්ෂනයට විරුද්ධව ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටින පිරිස් අදහස් ප්‍රකාශ කර තිබේ. මෙවැනි සමීක්ෂන සැබැ තත්තවය පිළීඹිබු කරන්නේ ද යන්න ගැන විවිධ අදහස් තිබේ. බොහෝ යූ ටියුබ්කරුවන් දක්වන්නේ අනුර කුමාර සියයට 70 පමණ ඡන්ද ලබා ගනු ඇති බවයි. එවැනි අනාවැකි ද විවේචනයට හසුව තිබේ.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන රැස්වීම්වලට වඩා විශාල ජන පිරිස් අන්ර කුමාර දිසානායකගේ සහ සජිත් ප්‍රේමදාසගේ රුස්වීම්වලට එක් වන බව පෙනේ. රැස්වීම් අතින් මුල් තරන දරන්නේ ජාතික ජන බලවේගයය වුවද සමගි ජන බලවේගයේ රැස්වීම් ද ඊට නොදෙවෙනි තැනක් ගනී. ( ශ්‍රී ලංකා බ්‍රිෆ්)

අයිඑච්පී පුවත් පත් ප්‍රකාශය පහත දැක්වේ.

2024 ජුලි IHP MRP ජනාධිපතිපතිවරණ යාවත්කාලිනය

 

Archive

Latest news

Related news