Monday, August 19, 2024

තණමල්විල සමූහ ළමා ස්ත්‍රී දූෂනය වසං කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා කොටු වේ! අපරාධය ගැැන ඡන්ද වේදිකා නිහඬයි!!

16 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම පෙන්නම් කරන්නේ අප සමාජය පිරිහී අැති අන්දමත් සහ බලවතුන් විසින් ස්ත්‍රිය පහත් කොට සහ ලිංගික මෙවළමක් ලෙස සැළකීමත් බව ස්ත්‍රී ක්‍රියාකාරිනියෝ පවසති. මෙම දැරිය දෙවසරක් පුරා එක දිගට ලිංගික කෙළෙසීමට ලක් කිරීම වසං කිරීමට පාසලේ, පෙලිසියේ සහ රෝහලේ බලධාරීන් කටයුතු කර තිබුණි.

කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයකු මෙම සිදුවීම ප්‍රසිද්ධියේ හෙලා දැක නැත්තේ ඡන්ද අඩුවෙතැයි බියෙන් බව ද ක්‍රියාකාරිනියෝ පවසති.

පසුගිය සතියේ හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා තම දියණිය පරීක්‍ෂා කළ අවස්ථාවේදී ඔහුට බැන වැදී තර්ජනය කරන අයුරින් ක්‍රියා කළ බවට පාසල් සිසුන් 22 දෙනෙකු අතින්  ලිංගික කෙලෙසීමකට ලක්වූ තණමල්විල දැරියගේ මව පොලිසියට සහ ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර තිබුණි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ කෝපයෙන් පසු තම දියණිය මානසිකව ව්‍යාකූල වූ බව දැරියගේ මව පැවසුවේය. මව පැවසුවේ අධිකරණ වෛද්‍ය නිලධාරියා දැරිය බොරු කී බවට චෝදනා කළ බවයි.

අධිකරණ වෛද්‍ය නිලධාරියා සෙනසුරාදා අත්අඩංගුවට ගත් අතර පසුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ තුනක ඇප මත මුදා හැරිණි.

මීට පෙර මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් 20කට අධික පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර පරිවාස භාරයට පත් කරනු ලදී.

එමෙන්ම සිද්ධිය වසන් කළ බව කියන සිද්ධියට අදාළ දැරිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සිව් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

Archive

Latest news

Related news