සජිත් 43% ක් සමඟ ඉදිරියෙන්; අනුරට 30% රනිල්ට 20%යි – අයි.එච්.පී සමීක්ෂනය

261

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්‍ෂණයේට අනුව සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස  ඉදිරියෙන් සිටී. බවත් ඔහු සියයට 43 ක සහයක් ඇති බවත්  එම සමීක්ෂනය ලෙන්වා දී තිබේ. මේ බව දැක්වෙන්නේ අගෝස්තු 01දා  කරන ලද නිවේදනයකය.

ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  සියයට 30 ක සහයක් ඇති බව එම සමීක්‍ෂණය පෙන්වා දී තිබේ.

එනමුත් මෙම සමීක්ෂන ප්‍රතිඵල  දෝශ මායිම් තුල ඇති බවත් එය සඳහන් කරයි. එම දෝශ ආන්තිකය 1-11% දක්වා වේ.

එම නිවේදනය මෙසේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලැබෙන සහය සියයට 20 ක දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට ඇත්තේ සියයට 7 ක සහයකි.