Monday, August 5, 2024

බුකියේ දැන්වීම් වියදම: ලක්ෂ 100කින් රනිල් රාජපක්ෂ දිනුම්

පසුගිය මාසය තුළ මෙටා වේදිකා හරහා දේශපාලන දැන්වීම් සඳහා වැඩිම මුදලක් වියදම් කළ දේශපාලනඥයා බවට  රනිල් රාජපක්ෂ  පත්ව තිබේ.

 Hashtag Generation විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව, වික්‍රමසිංහට සහාය දක්වන දේශපාලන ව්‍යාපාර සඳහා සාමූහිකව දළ වශයෙන් රු. ජූනි 30 සිට ජූලි 29 දක්වා මෙටා එනම් පේස් බුක් වෙළඳ දැන්වීම්  සඳහා පමණක්  රුපියල් මිලියන 5.1 (ලක්ෂ 51) හෝ ඩොලර් 17,000ක් වැය කර තිබේ.

ඩොලර් 13,093 ක මුදලකට දැන්වීම් 44 ක් ලබා ගනිමින් ‘රනිල් සමග එක්වන්න’ ෆේස්බුක් පිටුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ‘එජාප ස්වේච්ඡා සේවකයන්’ පිටුව දැන්වීම් අටක් සඳහා ඩොලර් 3,559 ක් වියදම් කර ඇත. මෙම දෙකෙහි එකතුව ද රුපියල් ලක්ෂ 50 පනී.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් පවත්වාගෙන ගිය දැන්වීම් 17ක් සඳහා ඩොලර් 661ක් වැය කර ඇත.

පළකරන්නාගේ පාක්ෂිකත්වය දැන ගැනීමට නොහැකි රනිල් රාජපක්ෂට පක්ෂ තවත් දැන්වීම් පෙස් බුක්හි පළ ව තිබේ.

ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට සහය පළ කරමින් දැන්වීම් 10ක් සඳහා ඩොලර් 2,323ක් වැය කර ඇති බව අනාවරණය වේ.

ජාතික ජන බලවේගය (NPP) පක්ෂය සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගත් අන්තර්ගතයන් සහිත පිටුවක් වන ‘Next Politics’ නම් ෆේස්බුක් පිටුව මෙම කාලය තුළ දැන්වීම් 54ක් සඳහා ඩොලර් 354ක් වියදම් කර ඇත.

 සමගි තරුණ බලවේගය , හිටපු  උප සභාපති රෙහාන් ජයවික්‍රම, Webnewslk සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට සම්බන්ධ පිටුවක් වන Glocal ද පෙස්බුක් දැන්වීම් පළ කර තිබේ.

Archive

Latest news

Related news