Friday, July 26, 2024

පූජිත් ඉවත් කළේ එක පෑන් පහරින්; දිනේශ්ගේ පාර්ලිමේන්තු කතාව වලිගය පාගා ගැනීමක්!

පොලිස්පපතිවරයා ඉවත් කළ හැක්කේ පාර්ලිමෙන්තුවට පමණක් බැවින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ ශ්‍රේෂ්ඨාඨාධිකරණ තීන්දුව පිළි නොගන්නා බවට අගමැති දිනේශ් ගුණවර්ධන කළ කතාව කරුණූ නොදැන කරන ලද ප්‍රකාශයක් බව තතුදත් ආරංචි පෙන්වා දෙති.

දිනේශ් ගුණවර්ධන මෙසේ කී බව ලංකාදීපය වාර්තා කරයි.

“පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින්  වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නැති බව   අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී 25දා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණ ආපස්සට හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බව කී  අගමැතිවරයා පොලිස්පතිවරයෙකු කනෙන් අල්ලා එළියට දැමීමට කිසිවකුටත් නොහැකි බවද සඳහන් කළේය.

පොලිස්පති ධූරයේ කටයුතු තහනම් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.”

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පසු එවකට ජනාධිපති වූ සිරිසේන විසින් පූජිත් ජයසුන්දර ඉවත් කරන ලද්දේ එක පෑන් පහරිනි. පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිගෙන ඉල්ලා අස්වන්නේ නම් තානාපතිකමක් දෙන බවට සිරිසේනගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වහාම පූජිත් ජයසුන්දර පොලිස්පතිකමින් ඉවත් කරන ලදී.

ඊට විරුද්ධව පවරණ ලද මූලික අයිතිවාසිකම් පෙත්සම තවම අවසන් නැත.

දිනේශ්ට අනුව තවම පොලිස්පති දේශබන්දු වන නමුත් දේශබන්දු නම් එවැනි ධුරයක් තමන් තවමත් දරණ බව කියා නැත. අධිකරණ අපහාසයට හිරේ යාමට සිදු වන්නේ දිනේශ්ට  නොව තමන්ට බව දේශබන්දු දන්නවා ඇත.

Archive

Latest news

Related news