Tuesday, December 3, 2024

රනිල්- දිනේශ් හවුලේ දේශබන්දු නාඩගම සහමුලින්ම අනීතකයි. දේශබන්දුට හිරේ ලගින්නත් වේවි! සුනන්ද දේශප්‍රිය

පසුගිය 24දා මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින් පොලිස්පති වූ දේශබන්දු තෙන්නකොන්ට වාරණ නියෝගයක් පැනවීය.

නීතියේ අධිපත්‍යි ඇති රටක නම් සිදු විය යුත්තේ එම තීන්දුව පිළිගෙන අඩුම වශයෙන් වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමයි.

ඒ වෙනුවට රනිල් සහ රාජපක්ෂ කල්ලිය තීරණය කර ඇත්තේ එම තීන්දුව පිළිනොගැනීමටත් වැඩ බලව පොලිස්පතිවරයකු පත් නොකිරීමටත්ය.

රාජපක්ෂ පවුලේ සුරතලකු වන අගමැති දිනේශ් ගුණවර්ධන පොලිස්පතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව රජය ප්‍රතික්ෂේප කරන බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම කතාව පාර්ලිමෙන්තුවෙන් පිටත දී කළ හොත් දිනේශ් ගුණවර්ධනටද අධිකරණ අපහාසය වෙනුවෙන් කල්දේරම් බත් කෑමට සිදුවනු ඇත.

 තවද පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් නිකුත් කරන ලෙස ගුණවර්ධන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පොලිස්පති ධූරය පුරප්පාඩුවක් නොමැති බැවින් ( එනම් දේශබන්දු තවමත් පොලිස්පති බැවින්) වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම ජනාධිපතිවරයාට බාධාවක් බව ගුණවර්ධන  කීවේය.

රනිල් රාජපක්ෂ ආණෟඩුවේ ස්ථාවරය විධායක බලය සහ අධිකරණය අතර දැන් ඇති කර ඇති ගැටුමක් එළඹෙන ජනාධිපතිවරනයේ දී රනිල් රාජපක්ෂට මහත් පාඩුවක් බවට පත් වනු ඇත. මන්ද යත් අධිකරණ තීන්දු පිළි නොගන්නා පුද්ගලයකු ජනාධිපති කිරීමට සිහිමොලේ ඇති කිසිවතු ඡන්දය නොදෙන නිසාය.

මෙවැනි පූර්වාදර්ශ ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙරට විනාශ මුඛයට ගෙන යාමේ මූලිකයකු වූ යැංකි ඩිකී යැයි නම් ලද ජේ.ආර්. ජයවර්ධනය පාලනය යටතේ පමණි. ජනාධිපති චූරයට පත්වූ වහාම ඔහු සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව විනිසුරියන් ඉවත් කර තමාගේ සිතැඟි පරිදි නව ශ්‍රේෂ්ඨධිකරණයක් පත් කළේය.

රනිල් රාජපක්ෂ ජූනියර් යැංකි ඩිකීය. ඇමෙරිකානු තානාපතිනියගේ දේශපාලන සුරතලා ඔහුය. ඇමෙරිකානු පාලනය යටතේ පවතින මූල්‍ය අරමුදල රනිල් රාජපක්ෂ හිස් මුදුණින් පිළිගනී.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මෙම අනීතික දේශපාලනය ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය මුහුණ පොතෙහි දීර්ඝ අදහස් දැක්වීමක් කර තිබේ.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන බවට රජය කරන ප්‍රකාශය සත්‍ය නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41J වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බල ප්‍රදේශය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තියේ විධිවිධානවලට යටත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් 2002 දී තීරණය කළේ ව්‍යවස්ථා සභාවට මුක්තියක් නොමැති බවයි.

  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායකයේ දිගුවක් බවට කරන ප්‍රකාශය සත්‍ය නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සිටි පමණින් එය පාර්ලිමේන්තුවේ දිගුවක් වන්නේ නැත. එය විධායක කාර්යයක් ඉටු කරයි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක මණ්ඩළය පිළිබඳ VIIA පරිච්ඡේදය ඇත්තේ විධායකයේ පරිච්ඡේද අතර ය. ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර මේ සම්බන්ධයෙන් පැහැදිලිව තීරණය කර ඇත.

  3. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය නිර්දේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකරයි. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා පුද්ගලයෙකු නම් කරන්නේ ජනාධිපතිවරයා වන අතර ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරයි. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සමස්ත තර්කයම කැරකුණේ එම පත්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොතිබීම යන කාරණය වටාය. ජනාධිපතිවරයාගේ පත්කිරීම් මහ බලතල සහ යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය හැර අනෙකුත් සියලුම බලතල පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරන ලද 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් පසු මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වේ.

  4. කථානායක ලෙස අනුර බණ්ඩාරනායක විසින් දෙන ලද තීන්දුව පොලිස්පතිවරයාට අදාළ නැත. ඒ අගවිනිසුරු සරත් සිල්වා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම කථානායකවරයාට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අදාළවයි. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙනි. පොලිස්පති පත්කිරීම පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධයක් නැත.

  5. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියෙන් ඇත්තේ සපයා ඇති ප්‍රමාණයට පමණි. නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මුක්තිය ලබා දීම හෝ එය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් කිරීමක් සිදු නොවේ.

  6. අප දකිමින් සිටින්නේ විධායකය විසින් අධිකරණ තීන්දුවකට අවනත නොවීම සඳහා දරන සාහසික උත්සාහයක් සහ උසාවිය විසින් වළක්වන ලද අයෙකු තනතුරේ එල්ලී සිටීමට දරන උත්සාහයකි.

  7. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ලබා දී ඇති අතුරු නියෝග අවලංගු කිරීමට අගමැතිට හෝ කථානායකට නීත්‍යානුකූල අයිතියක් නැත.

  8. පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා හරින්නේ නම්, නියමිත කාලය තුළ ඔහු අපහාස කිරීමේ චෝදනාවකට ලක්වීමට විවෘත වනු ඇත. තෙන්නකෝන් මහතාගේ නියෝග මත ක්‍රියා කරන ඕනෑම පොලිස් නිලධාරියෙකුද නීති විරෝධී නියෝග මත ක්‍රියා කරන අතර ඔවුන්ටද ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ.

සාලිය පීරිස් තවදුරටත් කියා සිටින්නේ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බවයි. එය පැහැර නොහැරිය හැකි එකකි.

ඔහු මේසේ සඳහන් කරයි.

මැතිවරණ පෙත්සම් වලට යටත් වන බවට තම “නීති කණ්ඩායම” උපදෙස් දී ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට සහභාගී වීමෙන් වළකින බව රනිල් වික්‍රමසිංහ කථානායකවරයාට දන්වා ඇතැයි පුවත් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය තමාට පිළිගැනීමට තරම් හැදියාවක් හා ගෞරවයක් නොමැති උසාවි නියෝගය මග හැරීමේ තවත් නිර්ලජ්ජිත උත්සාහයකි. එමගින් කියන්නේ ප්‍රධාන නිලධාරියෙක් ඉල්ලා අස් වුහහොත් මියගියහොත් ඒ අනුව මැතිවරණය අවසන් වන තුරු පත්වීම් දෙන්නේ නැහැ කියන එකද? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ එක රට වටේ යමින් ඡන්දෙට බලපාන පරිදි මිනිස්සුන්ට ඉඩම් බෙදන එකත් නවත්වන බවක්ද?

“මෙය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ යුතුකම පැහැර හැරීමකි. වෙනත් කිසිවකුට කළ නොහැකි ව්‍යවස්ථාපිත කාර්යයන් ජනාධිපතිවරයාට තිබේ. ඔහුට මෙම රාජකාරි ඉටු කිරීමට නොහැකි නම් ඔහු තාවකාලිකව ඉල්ලා අස්විය යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර දී ඇති පරිදි අගමැතිවරයාට තම රාජකාරිය කිරීමට ඉඩ දිය යුතුය.”

ජේ.ආර් ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසළකා පණ්ඩිත ඒකාධිපතියකු සේ ක්‍රියාකිරීමට ගොස් ඇණ ගත් සැටිද සාලිය පීරිස් සිය මුහුණ පොතේ දක්වා තිබෙන්නේ මෙසේය.

“ උසාවි නියෝග මගහැරීමට ඉහළම මට්ටමේ දේශපාලනඥයන් දරන උත්සාහයන් අලුත් දෙයක් නොවේ. 1980/81 කාලයේ කලවාන පාර්ලිමේන්තු මන්ත්‍රී අබේරත්න පිලපිටිය මහතා අභියාචනාධිකරණය තීන්දුවකින් ඉවත් කිරීම එවැන්නකි. ඉන් පසු මන්ත්‍රීවරයා කතානායකවරයාගේ තීන්දුවක් ලබා ගත්තේ අධිකරණ තීන්දුවකින් තමා නෙරපා හැරියත් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අයිතියක් ඇති බවටයි.

“කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණ නියෝගය මත පදනම්ව කලවාන ආසනය සඳහා අතුරු මැතිවරණය පැවැත්වීය. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන පැහැදිලිවම මැතිවරණ කොමසාරිස්වරයාගේ එම ප්‍රතිචාරය බලාපොරොත්තු නොවූ එකකි. එබැවින් ඔහු  ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේ කලවාන ආසනය නියෝජනය කිරීමට මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ දෙවැන්නා මන්ත්‍රීවරයාට අතුරු මැතිවරණයේදී තේරී පත්වීමට ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධනයකි. එම සංශෝධනය හදිසි පනතක් ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය සැලකීය. ඊට විරුද්ධව එක් පාර්ශ්වයක් ලෙස සූර්යා වික්‍රමසිංහ මහත්මිය සමඟ නීතිඥ මණ්ඩලයේ නිර්භීත නායකයෙකු වන රාජ නීතිඥ එස්. නඩේසන්  නියෝජනය කළ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය  පෙනී සිටියේය. මෙම සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කළේය. එවිට ජේ.ආර්.ජයවර්ධන පස්සට ගියේය. අබේරත්න පිලපිටිය මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය. අතුරු මැතිවරණයෙන් ජයගත් කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම විපක්ෂයේ බංකුවල තමාට හිමි නිසි අසුන් ගත්තේය.”

රනිල් රාජපක්ෂ ද මෙම දේශබන්දු නාඩගම කටා පුක බිම අන්නවා ගන්නා බවට සැකයක් නැත.

Archive

Latest news

Related news