Thursday, July 25, 2024

ඇමති මණ්ඩලයට අධිකරණ තීන්දු වෙනස් කරන්න බැහැ; දේශබන්දු දැන් පොලිස්පති නොවෙයි – සාලිය පීරිස්

පොලිස්පතිවරයාගේ ස්ථාවරය සහ එහි නීතිමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගය හොඳින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළ සිය තීන්දුව ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව  පුවත්පත් වාර්තා කරයි.

අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද දේශබන්දු තෙන්නකෝන් මහතාට නඩු අවසන් තීරණය වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් දැන් තහනම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මකයි.

කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කළ නොහැක. තෙන්නකෝන් මහතාට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැක.

ඕනෑම පාර්ශ්වයක් විසින් අධිකරණ නියෝගය නොතකා හැරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අධිකරණයට අපහාස කිරීමක් වන අතර ඒවාට නීතිමය බලයක් නොමැත.

සාලිය පීරිස්ගේ FB සටහනකි.

Archive

Latest news

Related news