Thursday, July 25, 2024

පළාත් පාලන ඡන්දය කල්දැමීම නිසා මහජන මුදල් රුපියල් මිලියන 665ක් වතුරේ

2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ වියදම් ලෙස රු.655,096,226ක් මැතිවරණ කොමිසන් සභාව විසින් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 22 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම මැතිවරණය කල් දැමූවේ ජාතික ජන බලවේගය වැඩි ජයග්‍රහණයක් ලබා ගනු ඇතැයි තිබූ බිය නිසාය. එම මැතිවරණය කල් දමීමට හේතුව ලෙස  රනිල් රාජපක්ෂ කියා සිටියේ මුදල් නැති බවය. නමුත් මෑතදී ඔහු කියා සිටියේ ආර්ථිකය පණ ගැන්වීමට බාධාවක් විය හැකි නිසා එය කල් දැමූ බවයි.

එකල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණූ ආමෙරිකානු රාජළු නොවන මානව හිමිකම් සංවිධානයකට මෙරට ඇමෙරිකානු තානාපතිනිය ද කියා තිබුණේ පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගැනීමට ඉඩ තිබූ නිසා එය කල් දැමීම වඩා හොඳ බවයි.

පළාත් පාලන මැතිවරණ කල් දෑමීම අභියෝගවට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් තවම විභාග  වෙමින් පවතී. දැනට ඊට වසරක් ගත වී තිබේ.

2023 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වැනිදා වන විට රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ තිස් තුන් දහස් හාරසීය හැත්තෑ 02 ක මුදලක් (15,933,472) තවදුරටත් ගෙවිය යුතු වියදම් ලෙස පැවති බව එම විගණන වාර්තාවේ සඳහන් කරයි.

එම එකතුව මිලියන 665කි.

මැතිවරණ වියදමින් 15% ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා ද, 23% ක් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ද, 7% ක් ඉන්ධන සඳහා ද, 31% ක් මුද්‍රණ කටයුතු සඳහා ද, 7%ක් සංග්‍රහ කටයුතු දීමනා සඳහා ද, 4% ක් පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහාද වියදම් කොට තිබෙන බව එහි වාර්තා වේ.

අනෙකුත් කටයුතු සඳහා 13% ක් වැය කොට තිබෙන බවද සඳහන් වේ.

පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු මස 19 වැනි දිනෙන් අවසන් වූ අතර අදාළ නාම යෝජනා දැන්වීම 2023 ජනවාරි මස 04 වැනි දින ප්‍රදර්ශනය කර තිබූ බව විගණනය මගින් අනාවරණය කර  තිබේ.

මෙලෙස කාබානීසියා කරන ලද මුදල් කන්දරාවට වග කිව යුත්තේ රනිල් රාජපක්ධ සහ බැලයින්ය.

(වට්නිව්ස් හි ලිපියක තොරතුරුද ඇසුරු කරන ලදී)

Archive

Latest news

Related news