Wednesday, July 24, 2024

රනිල් රාජපක්ෂට සොහොන් ලකුණූ: ජන්ද ගුණ්ඩු ප්‍රජා උපදේශක කමිටුවලටත් අධිකරණ තහනමක්

අයිඑම්එෆ් හි ශ්‍රී ලංකා සුරතලා වන රනිල් රාජපක්ෂගේ අනීතික ක්‍රියා එන පිට එක බිඳ වැටෙමින් තිබේ.

ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරන ලද ප්‍රජා උපදේශක කමිටු (CAC) ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා යැයි ජනාධිපති රනිල් රාජපක්ෂගේ  උපදෙස් මත ප්‍රජා උපදේශක කමිටු පිහිටුවන ලදී.

අදාළ පළාත් පාලන බල ප්‍රදේශය තුළ එම කමිටු විසින් හඳුනාගෙන ඇති හදිසි සහ අවශ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් ප්‍රතිපාදන වෙන් කරන බව නිවේදනය කරන ලදී.

“උරුමය” ඉඩම් හිමි වැඩසටහන, නාගරික නිවාස හිමිකාරීත්ව වැඩසටහන, “කඳුකර දසකය” සංවර්ධන වැඩසටහන වැනි පළාත් පාලන මට්ටමින් කඩිනමින් අවශ්‍ය වැඩසටහන් සහතික කිරීම සඳහා එම කමිටු පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව එකල වාර්තා විය.

කෙසේ වෙතත්,ප්‍රජා උපදේශක කමිටු  පිහිටුවීම පිළිබඳව පාර්ශ්ව කිහිපයක් විසින් විරෝධතා මතු  කරන ලදී.  බොහෝ දෙනා චෝදනා කළේ ඉදිරි ජනාධිපතිවරණයේ වාසිය ලබා ගැනීම සඳහා රජය එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ රජයේ මෙම පියවර බිම් මට්ටමේ සංවර්ධන කටයුතු තවදුරටත් දේශපාලනීකරණය කිරීම අරමුණු කරගත් බවයි.

එබැවින් ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට රජය ගත් තීරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) විසින් ගොනු කරන ලද පෙත්සමක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් විය.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවන ලද ලිපියක් පැෆ්රල් සංවිධානය සිය පෙත්සමෙන් අවධාරණය කර ඇත.

මෙම නියෝගවලට අනුකූල වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දෙන ලෙස පැෆරල් සංවිධානය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

මේ අද දින රනිල් රාජපක්සගේ අනීතික ක්‍රියාවන්ට වැදුණූ දෙවන පහරය.

Archive

Latest news

Related news