Thursday, July 18, 2024

පාස්කු ප්‍රහාර වගවීමෙන් දේශබන්දු නිදහස් කළ පොලිස් කොමිසමේ විමර්ශනය අනීතිකයි!

පාස්කු ඉරුදින සිදු කරන ලද ස්වයං ඝාතක බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් කොමිසම විසින් කරන ලද විමර්ශනය පාරදෘශ්‍ය නැති බව එවකට පොලිස්පති වූ සී.ඩී. වික්‍රමරත්න ලිපියක් මගින් නීතිපතිවරයාට දන්වා තිබේ.

එම පොලිස් කොමිසමේ විමර්ශනය කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රධානත්වයෙන් කරන ලද පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තවෙහි අඩංඟු නිර්දේශයක් අනුවය.

එම විමර්ශනය කළ පොලිස් කොමිසමේ එවකට සභාපති වූයේ කුප්‍රකට හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දුය. චන්ද්‍රා ප්‍රනාන්දු විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු ලෙස සේවය කළේය. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දැන් කුණූ කූඩයට ගොස් ඇති පලිගැනීම් කොමිසමේ සාමාජිකයකු ලෙසද සේවය කළේය.ගෝටා යටතේ පොලිස් කොමිසමේ සභාපතිවූයේ ඉන් පසුවය‍

දේශබන්දු පිළිබඳ විමර්ශනය සඳහා පත් කරන ලද්දේ නිලයෙන් එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ දේශබන්දුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල නිලධාරියෙකි. එනම් සබරගමුව සහ ඌව පලාත බාරව වැඩ බැලූ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නය.

පොලිස් නිලධාරයකුගේ විනය පරීක්ෂනයක් සදහා පත්කල යුත්තේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරියෙකි. එනමුත් චන්දා ප්‍රනාන්දුගේ කොමිසම පත් කළේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිලධාරියෙකි.

එම සාධකය මතම දේශබන්දු පිළිබඳව පොලිස් කොමිසම කල නිර්දේශ අවලංගු විය යුතුය.

ඊටත් අමතරව, පොලිස්පති වූ වික්‍රමරත්න විසින් 2023 මැයි 08 වන දින නීතිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් පෙන්නුම් කරන්නේ පොලිස් කොමිසම විසින් විමර්ශන ත්‍රි පුද්ගල විමර්ශන කමිටුව පත් කරන ලද්දේ චූදිත නිලධාරීන් චෝදනාවන්ට පිළිතුරු දීමටත් පෙර බවත් එය විනිවිදභාවයෙන් තොර ක්‍රියාවක් බවත්ය.

චන්ද්‍ර ප්‍රනාන්දු සාමාජිකයකු වු පළිගැනීම් කොමිසම තීන්දු දුන්නේ රටෙහි පවතින නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරය. එම කොමිසමේ තීන්දු කුණූ කූඩයට ගියේ එනිසාය.

පොලිස් කොමිසමේ සභාපති ලෙසද ඔහු දේශබන්දු සහ චූදිත අනෙක් පොලිස් නිලධාරීන් සම්බන්ධය පරීක්ෂන පවත්වා ඇත්තේ ද එලෙසය.

Archive

Latest news

Related news