Friday, July 19, 2024

බංගලාදේශයේ ජන අරගලය: පින්තුර කතාව සමඟ කෙටි සටහනක්

ඡායාරූපය: රනිල් රාජපක්ෂ මෙන්ම ෂික් හසීනාද අරගලකරුවන්ට එරෙහිව පොලිස් බලය කැඳවූ හැටි!

ජුලි මස මුල සිට, බංග්ලාදේශයේ සිසුන් 1971 සිට පවතින මතභේදාත්මක නීතියක් වන කෝටා නීතියට එරෙහිව උද්ඝෝෂණ කරමින් ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කළහ. එහි මූලිකත්වය ගත්තේ අග නුවර වන ඩැකා සරසවියේ සිසු-සිසුවියන්ය.

මෙම ශිෂ්‍ය අරගලය යම් දුරකට 2022 අප්‍රේල් මාසයේ ආරම්භ වී ජූලි මාසයෙන් අවසන් වූ ජන අරගලයට සමානත්වයක් දක්වයි.

ලාංකික ජන අරගලයේ මේ හා සමාන පින්තූරය ඔබට මතකද?

මෙම කෝටා නීතිය පවසන්නේ කුමක්ද?

1971 දී, බංග්ලාදේශයේ නිර්මාතෘවරයා වන ෂීක් මුජිබර් රහ්මාන් සිවිල් සේවා තනතුරු  අඩක් කුසලතා මත නොව  කාන්තාවන්ට සහ අඩු සංවර්ධිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට අනුග්‍රහය දක්වන කෝටා ක්‍රමයක් මගිනි.

එය ඉතා මතභේදාත්මක නීතියක් බවට පත්ව තිබේ.

බංගලදේශ නිදහස් අරගලය අවසන් වී දැන් 50කට වැඩි නමුත් තවමත් එම සටන්කරුවන්ගේ මී මුණුපුරන්ට පවා වරදාන තිබේ.

රජයේ රැකියාවලින් 56% විවිධ කෝටා යටතේ වෙන් කර තිබේ. 1971 දී බංග්ලාදේශයේ නිදහස වෙනුවෙන් සටන් කළ අයගේ දූ දරුවන් සහ මුණුබුරන් සඳහා සිවිල් සේවා තනතුරුවලින් 30%ක් වෙන් කර තිබීම ප්‍රධාන ප්‍රශ්නයයි. ඉතිරි සියයට 26 කාන්තාවන් සඳහා 10%, ඌන සංවර්ධිත දිස්ත්‍රික්ක සඳහා 10%, ආදිවාසී ප්‍රජාවන් සඳහා 5% සහ ආබාධිතයන් සඳහා 1% වෙන්කර තිබේ.

2018 දී මෙවැනි ශිෂ්‍ය අරගලවලින් පසු ෂික් හසීනාගේ ආණ්ඩුව කොටා ක්‍රමය අහෝසි කලේය. එසේ නමුත් 2024 ජනවාරියේදී මහාධිකරණය එම කෝටා ක්‍රමයම යළි පිහිටුවන ලෙස නියෝග කළේය.

සිවිල් සේවා රැකියා ස්ථාවරය. ජීවිත කාලය පුරාම රැකියාව සහතික කරයි. නමුත් සිසුන් තර්ක කරන්නේ පාලක පක්ෂය වන අවාමි ලීගයේ ආධාරකරුවන්ට අනුග්‍රහය දැක්වීම සඳහා කෝටා පද්ධතිය දූෂිත කර ඇති බවයි. එහි පාරදෘශ්‍ය බවක් නැත. ෂික් හසීනාගේ පාලනය රදා පවතින්නේ මර්දනය සහ හමුදාව මතය.

එරට උගත් තරුණ තරුණියන් අතර විරැකියාව මහත් ප්‍රශ්නයකි.

අරගලයේ ස්ත්‍රී සහභාගිත්වය! 

රැකියාවලින් 94%ක් කුසලතා මත ලබා දී ඉතිරිය වාර්ගික සුළුතරයන්ට  සහ ආබාධ සහිත පුද්ගලයන්ට පමණක් සීමා කිරීමට ශිෂ්‍ය සටන්කාමීන්ට අවශ්‍යය.

ජූලි මස ආරම්භයේ සිට, බංග්ලාදේශයේ වඩාත්ම කීර්තිමත් ඩැකා විශ්ව විද්‍යාලයෙහි සිසු-සිසුවියන් මෙම නීතියට එරෙහිව විරෝධතාවක් දියත් කළේය.

මෙරට 2022 මැයි 09 දා රාජපක්ෂ බැලයින් ගෝටා ගෝ ගමට පහර දුන් පරිදි   අවාමි ලීගයට පක්ෂපාතී ආධාරකරුවන් මැදිහත් වී සරසවිය ඇතුළු වී සිසුන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දුන්හ. ඊට ප්‍රතිචාර වශයෙන් උද්ඝෝෂණය උත්සන්න විය.

රාජපක්ෂ මැරයින් සහ ෂික් හසීනාගේ මැරයන් එක හා සමානය.

එතැන් පටන් ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහය පළ කරමින් අගනුවර අනෙකුත් විශ්වවිද්‍යාල අරගලය පිවිසියහ. රජය ඩැකා සරසවි වසා දැම්මේය.

උසස් පාසල් සිසුන් ද විරෝධතාවලට සම්බන්ධ වූ අතර පසුව රට පුරා අනෙකුත් සරසවි  ද වසා දමන ලදී.

මර්දනකාරී පාලකයෝ එකිනෙකාගෙන් ඉගෙන ගනිති: ඩැකා සරසවියට එවූ ගුවන් හමුදා හෙළිකොප්ටරයක්

රනිල් රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩි වූ වහාම අරගල බිමට ආයුධ ගත් ගුවන් හමුදා හෙළිකොප්ටර් යැවූ පරිදී, ෂික් හසීනා ද ඩැකා සරසවියට හෙළිකොප්ටර් යැවූයේය.

මර්දනකාරී පාලකයෝ එකිනෙකාගෙන් ඉගෙන ගනිති.

එමෙන්ම සිසු අරගල ද සමාජ අසාධාරණයට විරුද්ධ නැගිටීමක ලක්ෂණ ද උකහා ගනිමින් සිටියේය.

Bangladesh students attacked during Dhaka protest - BBC News
ෂික් හසීනාගේ ලයිෂන් මැරයෝ

සිසුන්ට එරෙහි රජයට හිතවත් ආධාරකරුවන්ගේ ප්‍රහාර පවතින අතර වඩ වඩාත් ප්‍රචණ්ඩ විිය.

දැනටමත් සිසුන් 06 දෙනෙකු මරා දමා ඇති අතර සිය ගණනාවකට තුවාල සිදු කර තිබේ.

ඩැකා සරසවි සිසුන් ජූලි 18වන දින රටපුරා වැඩ වර්ජනයක් කරන ලෙස ඉල්ලා සිටියේය.

ෂික් හසීනා සියලු සමාජ මාධ්‍ය වසා දමා මර්දනය උත්සන්න කළේය.

A prelude to the creation of Bangladesh | Sri Lanka Guardian

අවසානයේ දී ෂික් හසීනාට සිය පිළවෙත වෙනස් කිරීමට සිදුව තිබේ. ඇය සිය නීතිපතිට උපදෙස් දී ඇත්තේ 2024හි දී කෝටා ක්‍රමය යළි පිහිට වූ මහාධිකරණ තීන්දුවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

ඡායාරූප අන්තර් ජාලයෙනි.

සුනන්ද දේශප්‍රිය.

Archive

Latest news

Related news