Wednesday, July 17, 2024

මරා 987යි; සිරා 557යි – ජනපති අනුහසින් ගත් හෙලිකොප්ටර් චූන්!

(කාටූනය ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගන්නා ලදී.)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  2005 සිට 2015 දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ජනාධිපති වරප්‍රසාද යටතේ ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් ගුවන් ගමන් 978 ක් සිදු කර ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සිය පස් අවුරුදු ධුර කාලය තුළ 557 වතාවක් එලෙස හෙලිකොප්ටර් යොදා ගෙන ඇති  බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටතේ තොරතුරු අනාවරණය වී ඇත.

සිරිසේන බලයට පැමිණියේ මහින්ද රාජපක්ෂ අයුතු ලෙස මහජන මුදල් නාස්ති කිරිම ද නවත්වන බවට පොරොන්දු වෙමිනි.

රනිල් රාජපක්ෂ ද සිය දෙවසරක ධූර කාලය තුළ විදේශ ගුවන් ගමන් විස්සකට ආසන්න ප්‍රමාණයක යෙදී ඇති නමුත් එම තොරතුරු තවමත් නිල වශයෙන් හෙළිදරව් වී නැත. ඔහුගේ හෙලිකොප්ටර් භාවිතයද ඉතාම අධික බව තතුදත් ආරංචි මාර්ග පවසති.

 ගුවන් හමුදා මූලස්ථානයෙන් මුලින් ඉල්ලා සිටි තොරතුරු සැපයීමට ප්‍රතික්ෂේප කිරීමෙන් පසු  “අද” පුවත්පත විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනයකට ප්‍රතිචාර වශයෙන් මෙම දත්ත අනාවරණය ලබා ගැනීමට හැකි වී තිබේ.

මුලදී, මෙම තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලීම 2022 දෙසැම්බර් 5 වන දින ගුවන් හමුදා මූලස්ථානය වෙත යවා ඇතත්, එම තොරතුරු හෙළි කිරීමට ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරන ලදී. පසුව තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට කරන ලද එම අභියාචනයකට අනුව, කොමිසම විසින් 2024.01.04 දින අභියාචනා අංක RTIC/Apeal/398/2023 යටතේ ගුවන් හමුදා මූලස්ථානය වෙත නියෝගයක් නිකුත් කරන ලදී. එම නියෝගයෙන් පසුව, 2024 ජූලි 11 වන දින තොරතුරු ලබා දී ඇති නමුත් ලබා දී ඇත්තේ ඉල්ලා සිටි තොරතුරු වලින් කොටසක් පමණකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපති වරප්‍රසාදය යටතේ වසර පහක පාලන කාලය තුළ 557 වතාවක් අභ්‍යන්තර ගුවන් ගමන් කර ඇති බව එම තොරතුරු අනාවරණය කරයි. ඔහු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17 ක සම්පූර්ණ දුරක් ගෙවා ඇත

සාපේක්‍ෂව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය පාලන කාලය තුළ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් භාවිත කර ඇති අතර, එය වාර්ෂිකව ගුවන් ගමන් 111ක් ගොස් තිබේ. එය  රාජපක්ෂගේ වාර්ෂික ගුවන් ගමන් ප්‍රමාණය වූ  88 අභිබවා යෑමකි. 2005 සහ 2009 යුද්ධය පැවැති බැවින් එවකට ජනාධිපති වූ රාජපක්ෂ හෙලිකොප්ටර් භාවිතය සීමා කර තිබුණි.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම හෙලිකොප්ටර් ගමන් සඳහා මහජන මුදල් යෙදවීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව තිබේ.

( ඩේලි මිරර් පුවතක තොරතරුද ඇසුරිණි)

Archive

Latest news

Related news