Tuesday, July 16, 2024

මං නීතිපති පත් කළේ මොහාන් පීරිස් සහ සරත් සිල්වා පත් කළ විදිහට! – රනිල් රාජපක්ෂ

නීතිපති දෙපාර්තමෙන්තුවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය වන අයේෂා ජිනසේන වෙනුවට වෙනත් අයකු නීතිපති  දූරයට පත් කිරීම සාධාරණ කරමින් රනිල් රාජපක්ෂගේ ලේකම් නීතිඥ සංගමයට ලිපියක් යවා තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබුණි. ඒ හිටපු නීතිපති සංජේ රාජරත්නම් විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහාය.

ඊට පිළිතුරු ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක  පිළිතුරු ලිපියක් මඟින් දන්වා ඇත්තේ එවැනි නිතියක් ව්‍යවස්ථාවේ නැති බවතය. තවද ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා  සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් නීතිපති ධූරය සඳහා පත් කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී ඊට උඩින් බවය.

පළමුවෙන් චන්ද්‍රිකා කුමාරතුංගට පක්ෂපාත වූ සරත් සිල්වා  පසුව ඇයට විරුද්ධව රාජපක්ෂගේ පැත්ත ගත්තේය. මොහාන් පීරිස් ඒ ජාතියේම බඩුවකි. රනිල් රාජපක්ෂ යටතේ පවා නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධනයේ ලංකාව නියෝජනය කරන්නේ මොහාන් පීරිස්ය.

සරත් සිල්වා සහ මොහාන් පීරිස් යන දෙදෙනාම දේශපාලන ඉත්තන් බවට පත් වූ අතර ප්‍රතිපත්ති විරහිතව නීති වෘත්තියේ යෙදුණි. ජනාධිපති සිරිසේන හමු වූ මොහාන් පීරිස් තමා අගවිනිසුරු ධූරයේ තබා ගන්නේ නම් අවශ්‍ය පරිදි අධිකරණ තිරණ ලබා දිය හැකි බව කීවේය. සරත් සිල්වා සුනාමි වංචා නඩුවෙන් මහින්ද රාජපක්ෂ අනීතිකව නිදහස් කළ බව සරත් සිල්වාම කියා සිටියේය.

මෙරට අධිකරණ ක්‍රමය අතිශය හැල්ලුවට ලක් කල දෙදෙනෙකු නම් සරත් සිල්වා සහ මොහාන් පීරිස්ය.

දැන් රනිල් රාජපක්ෂගේ ආදරශ වි ඇත්තේ එම දෙදෙනාය.

ලිබරල්කම  රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මෙන්න මෙවැනි විගඩම් වලටය.

සේ. පියවර්ධන

Archive

Latest news

Related news