පුවත් රනිල්ගේ රශ්නේ සාගලටත් ගහලා; රථ පෙළ වීඩියෝ කළැයි සිසුවෙකු අල්ලයි By Sri Lanka Brief - 05/07/2024 496 FacebookXWhatsAppPinterestEmail රනිල් සහ ජීවමාන මනෝකාය සාගල මහමඟ ගමන් කරමින් තිබූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහමඟ ගමන් ගන්නා රථපෙළක් වීඩියෝ කිරීම තහනම් කළ හැකි කිසිදු නීතියත් ලංකාවේ නැත. සාගල රත්නායක රනිල් පසුපස යන නිලධාරියකු මිස මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයකු නොවේ. සාගල රත්නායකට ජීවිත අවදානමක් ඇතයි කිසිදු වාර්තාවක්ද නැත. එවැනි පුද්ගලයතුට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම අයුතු සැලකීමකි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි තරුණයෙක් බන ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ. කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත. සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වි අයි පි රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කල බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාදීපයට පවසා තිබේ. මෙවැනිි අනීතික අත්අඩංගුුවට ගැනීම් ගැන පොලිස් ප්‍රධානීන් වගකිව යුතුය.