Saturday, May 18, 2024

පළාත් පාලන මැතිවරණ කාලය බලාත්මක මෙම කාලයෙහි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සහනාධාර බෙදීම නීති විරෝධියි! කොමිසම සහ නිරීක්ෂකයෝ නිදි! 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කල් ගියද තවමත් “නෛතිකව ඡන්ද විමසීම් කාලය ”  තවමත් වලංගුව පවතීන  බැවින්  මෙම දිනවල රජයෙන් ලබා දෙන මූල්‍ය හෝ මූල්‍ය නොවන සහනනාධාර ,ප්‍රදාන හෝ බඩ ඉරිඟු නැතහොත් වෙනත් බෝග සදහා ලබා දෙන සහනාධාර යනාදිය ලබා දීමේදී දේශපාලනමය මැදිහත්වීම් හරහා සහනාධාර ලැබිය යුත්තන්ගේ නාමලේඛන සකස්කරන්නේ නම් එය රාජ්‍ය දේපළ අයුතු පරිහරණයක් බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

මේ අනුව රජය සංවර්ධන කටයුතු සඳහා එක් පළාත් පාලන බල ප්‍රදේශයකට රුපියල් මිලියන 10 බැගින් වෙන් කර තිබේ. එම අරමුදල් පළාත් ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි භාවිතා කරනු  ඇති අතර  ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයකු වන බැවින් මෙම පියවර කෙළීන්ම ජනාධිපතිවරණයට බලපායි.

මේ ආණ්ඩුකාරවරුන් දෙදෙනකු හැර අන් පිරිස දේශපාලනඥයින් වන අතර දෙදෙනකු සක්‍රීය දේශපාලනයයේ නිරත ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරීන් වන බවද  ප්‍රසිද්ධ කරුණකි.

තවද මෙම  සියලු ව්‍යාපෘති ජූලි 31 වන විට අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ. ඉන් ඍජුවම අදහස් වන්නේ  ජනධිපතිවරණය ඉලක්කක කර ගෙන මෙම මුදල් බෙදීම සිදු කරන බවයි.

රනිල් රාජපක්ෂගේ මෙම දූෂිත පිවර ගැත ඔහු පසු පස යන ඊනියා මානව හිමිකම් කල්ලි නිහඩය.

මෙම නීති විරෝධී පියවරයන් ගැන දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ,මැතිවරණ නිරික්ෂණ සංවිධාන හෝ මැතිවරණ බලධාරීන් වෙත පැමිණිලි කිරීමට පියවර ගත යුතු නමුත් ප්‍රධාන විපාක්ෂික දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන තරම්ය.

රනිල් රාජපක්ෂගේ මෙම නීති විරොධී ජන්ද අල්ලස් දීමේ පියවර කිසිවක් ගැන මැතිවරණ කොමිසම කට අරින්නේවත් නැත.

එමෙන්ම ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛනයක්  අනුව සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම, මූල්‍යමය සහනාධාර , සහල් සහනාධාරය, ඉඩම් අයිතිය පැවරීම් යනාදිය අධීක්ෂණය සඳහා ග්‍රාමීය කමිටු පත්කිරීම කිසිදු මහජන නියෝජිතයකු නොමැතිව පළාත් සභා පාලනය කරන ආණ්ඩුකාරවරුන් වෙත පැවරීමට යෝජිත බව පා.ම. ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

මේ සදහා යෝජිත මුදල රුපියල් මිලියන ලක්ෂ තුනකට වැඩිය.

ඩලස් අලහප්පෙරුම පෙන්වා දෙන්නේ එම මුදල මගින් කල් දමන ලද පලාත්පාලන මැතිවරණ පැවැත්විය හැකි බවයි. පැවැත්විය යුතු බවයි.

මෙතරම් විශාල මුදලක් දේශපාලන හෙංචයියන් වෙත ලබා බෙදා දීම පැහැදිලිවම මැතිවරණ නීතී කෙලෙසීමක් වන අතර ප්‍රජාතන්ත්‍ර විරෝධිද වේ.

එවැනි පිරිසක් අතට මැතිවරණ නීති බලාත්මක අවධියක  සහනාධාර බෙදීම බාර දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිදි වැද සිටින්නේ මන්දැයි දේශපාලන අංශ ප්‍රශ්ණ කරති.

ජනාධිපති රශ්ණයෙන් ගිනිකණ වැටී සිටින විපාක්ෂික දේශපාලන පක්ෂ ජන්ද ක්‍රීඩාවට මුල් තැන දි ඇති අතර  මැතිවරණ නිරීක්ෂක සංවිධාන ද මර නින්දක පසුවෙති.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරන ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ පැප්රල් සංවිධානය පමණකි.  තමන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලියා දන්වන බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම දූෂිත ක්‍රියාවලිය ඉද්රියට ගිය හොත් නිදහස් සහ සාධාරණ ජනාධීපතිවරණයක් පැවැත්වීම සිහිනයක් වනු ඇතයි දේශපාලන අංශ බිය පළ කරති.

මේ සම්බන්ධයෙන් වහාම මැතිවරණ කොමසාරිස්වරයා හමු වී සාකච්ඡා කිරීමට විපාක්ෂික දේශපාලන පක්ෂ වහාම පියවර ගත යුතුව තිබේ.

සේ. පියවර්ධන

මෙම ප්‍රශ්ණය විමසා බලන  පා.ම. ඩලස් අලහප්පෙරුමගේ වීඩියෝව පහත දැක්වේ.

Archive

Latest news

Related news