2024 මාර්තු: සජිත් ප්‍රේමදාස (41%) සහ අනුර කුමාර (44%) අතර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පරතරය අඩුවේ – IHP සමීක්ෂණය

703

මාර්තු මාසයෙහි කරන ලද සමීක්ෂනයට අනුව සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිප්‍රායෙහි පරතරය සෑහෙන දුරට අඩු වී ඇති බව IHP ශ්‍රී ලංකා මත විමසුම්  සමීක්ෂණය පෙන්වයි. අනුර කුමාර 44 දක්වා අඩු වී ඇති අතර සජිත් ප්‍රේමදාස 41 දක්වා ඉහළ නැගී තිබේ.

තවද රනිල් රාජපක්ෂ පහළට යන අතර පොහොට්ටුව සුලු වශයෙන් වර්ධනයක් දක්වයි.

ජනාධිපතිවරණය සඳහා තවත් මාස පහක් පවතින බැවින් මෙම තත්වය වෙනස් වීමට ඉඩ තිබේ. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර පැවැත්වීමට නියමිත රූපවාහිනී විවාදය ද මෙම තත්වය වෙනස් කිරීමට බලපෑමට ඉඩ තිබේ.