Friday, May 17, 2024

කටුනායක ගුවන් තොටේ වීසා නිකුත් කිරීමේ බලය ඉන්දියානුවන්ට; වසරක ලාභය කෝටි 2000යි! දස වසරක ගිවිසුමක්!! (යාවත්කාලීනය)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩබැසීමෙන් පසු (on-Arival) වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දීය සමාගමක් විසින් පවරා ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුවය. පාර්ලිමේන්තුවෙන්ද අනුමත කිරීමෙන් පසුව බව Sulochana Ramiah M @sulorammohan සඳහන් කරයි.

2023 දෙසැමිබර් මාසයේ දී මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබේ.

වසර දහයකට මෙම ගිවිසුම  VFS Global නම් සමාගමට  දෙන ලද්දේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.

ඊයේ එනම් මැයි 01දා සවස 05ට පමණ ගුවන් තොටුපොළ වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් කණ්ඩායමක් මෙම වීසා නිකුත් කිරීම තමන් යටතට ගෙන තිබේ.

මෙම සමාගම ගොඩ බැසීමෙන් පසු නිකුත් කරන වීසා සඳහා තමන්ගේ වට්ටම වශයෙන් ඩොලර් 25ක් අමතරව අය කරයි. ඒ සම්මත ගාස්තුව වන ඩොලර් 75ට අමතරවය.

මෙලෙස වීසා නිතුක් කිරීම ඉන්දියානුවන්ට බාර දී ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වසර කිහිපයක් තිස්සේ එම ක්‍රියාවලිය සුමට ලෙස කළමනාකරණය කර තිබියදීය. විනාඩියක් තුළ එම වීසා ලබා දීමට ආගමන විගමන දෙපාර්තමෙන්තුව සමත් වී තිබුණි. නමුත් ඉන්දියානුවන් එය පවරා ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියෙහි වසී ලබා ගැනීමට පැය දෙක තුන ගත කිරීමට විදේශ සංචාරකයින්ට සිදුව තිබේ. ඉන් කළහකාරී තත්වයක් ද ඇතිව තිබේ.

ඉන්දීය සමාගම විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා නොගෙන on-Arival වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පාලනය භාරගෙන ඇත්තේ කුමන අමාත්‍යවරයාට හෝ අධිකාරියටද යන්න බරපතල ප්‍රශ්නයකට තුඩු දී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ ගුවන් තොටුපළේ දිගු පෝලිම් ය. තම බිරිඳගේ පැමිණීමේ වීසා බලපත්‍රය අවලංගු කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලාංකිකයෙකු ඉන්දීය වීසා නිකුත් කරන නිලධාරීන්ට දොස් පවරනු ඉන් එක් වීඩියෝවක දැක්වේ.

ඔහු කෑගසමින්, ඉන්දියානු ජාතිකයෙකු තම හෝ බිරිඳගේ වීසා තත්ත්වය තීරණය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු තමාගේ වීසා බලපත්‍රය තීරණය කිරීමට තමාට අයිතියක් ඇති බව කියා සිටිනු එහි දැක්වේ. ඔහු බදු ගෙවන්නෙකු ලෙස තමා  දළ වශයෙන් රු. සෑම වසරකම රුපියල් මිලියන 4 ක් ගෙවන බවද සඳහන් කරයි.

වීසා නිකුත් කිරීමට හැකියාව ඇති ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් තිබියදී වීසා නිකුත් කිරීමේ ක්‍රමය ඉන්දියානු සමාගමකට විකුණා ඇත්තේ එල්ටීටීඊයටකෝටි ගණන් මුදල් දුන් ඇමතිවරයා බවට ද සමහරු චෝදනා කරති.

වසරකට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මිලියන 03ක් මෙලෙස වීසා ලබා ගන්නේ නම් ඉන්දීය සමාගම ලබන ලාභය ඩොලර් මිලියන 66කි. එනම් රුපියල් මිලියන 20,000ක් තරම්ය.

වෙන කිසිදු රටක වීසා නිකුත් කිරීමේ බලය විදේශිකයින්ට පවරා නැතැයි ද වාර්තා වේ.

සියලු දේ පුද්ගලීකරණය කිරීමේ රනිල් රාජපක්ෂ නව ලිබරල්වාදයට අනුව මෙම පියවර ගෙන තිබේ. ඉන්දියානු සමාගම් වෙත තවත් මෙවැනි ව්‍යාපෘති ගණනාවක්ම ළගඳීම පැවරෙනු ඇතයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇති වූ කළබලකාරී තත්වයය යවතේ එම සාමගමේ නිලධාරීන් ඉවත්ව ගිය බව අරුණ පුවත්පත වාර්තා කරයි.

VFS Global යන මෙම සමාගම බොහෝ රටවල වීසා ඉල්ලුම්පත් බාර ගැනීමේ කාර්යය කරන නමුත් වීසා නිකුත් කිරිමේ බලය එම සමාගමට දී නැත. වීසා නිකුත් කරන්නේ අදාල රජයේ ආයතන මගිනි.

මෙහි හිමිකරුවන සුබින් කකාරියා ඉන්දීය ආණ්ඩුවේ සංචාරක ආයතන ගණනාවකම ඉහළ තනතුරු දරයි.

සේ. පියවර්ධන විසිනි

Archive

Latest news

Related news