Tuesday, May 21, 2024

බාලවයස්කාර දැරියන් හතර දෙනෙකු ලිංගික කෙළෙසීම් මොණරාගලින්

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, වෙදකුඹුර, කුඩාඔය සහ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශවලින් බාලවයස්කාර දැරියන් ලංගිකව කෙලෙසීම්  හතරක් අද වාර්තා වී තිබේ.

බුත්තල – කටුගහගල්ගේ ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියක් තරුණයෙකු විසින් පැහැරගෙන ගොස් කෙළෙසා කර ඇති අතර, අප්‍රේල් 19 වනදා පාසල් ගොස් අතුරුදන් වූ බවට ඇයගේ මව කළ පැමිණිල්ලේ විමර්ශනවලදී සැකකරු අප්‍රේල් 27 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.ඇය සිය වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතා සමඟ ප්‍රේම කරමින් ඔහු සමඟ පැනගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.25 හැවිරිදි තරුණයා ඇයව වැල්ලවාය ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් සතියක පමණ කාලයක් ද පසුව අවිස්සාවේල්ල ප්‍රදේශයේ ලැගුම්හලකදී ද ඇයව ලංගිකව කෙළෙසා ඇති බව වාර්තාවේ.බුත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මොණරාගල පොලිස් බල ප්‍රදේශයට අයත් වෙඩිකුඹුර ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් ඇගේ 17 හැවිරිදි පෙම්වතා අතින් ලිංගික  කෙළෙසිමට ලක්ව තිබේ..මෙම තරුණයා සමඟ ඇති සබඳතාව අත්හරින ලෙස තමන් තරුණියට අවවාද කළත් ඇය ඔහු සමඟ පැන ගිය බව ඇයගේ දෙමාපියන් පොලිසියට ප්‍රකාශ කෙර ඇත.ඔවුන් මැදගම ප්‍රදේශයේ නිවසක අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත. මොණරාගල පොලිසිය ය පරීක්ෂණ පවත්වයි.

තවත් සිද්ධියකදී කඩුආඔය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇතිලිවැව තෙලුල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් 22 හැවිරිදි තරුණයෙකු විසින් ලංගිකව කෙළෙසා කර ගැබ්කර තිබේ.බඩේ කැක්කුමක් ගැන ඇය පැමිණිලි කළ විට ඇය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය දරුවෙකු ප්‍රසූත කර ඇත.ඇය 2023 වසරේ ජුනි මාසයේ සිට මෙම තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇය නිවසේ තනිව සිටින අවස්ථාවලදී ඔහු ඇයව ලිංගිකව කෙළෙස‍ා කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විී තිබේ.කුඩාඔය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.කුඩාඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර තම 12 හැවිරිදි දියණිය ලංගිකව කෙළෙසූ කළ පුද්ගලයෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.47 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 ඔස්සේ ලැබුණු තොරතුරක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.තමන් නිවසේ තනිව සිටි අවස්ථාවක පියා තමන්ව කාමරයකට රැගෙන ගොස් ලිංගිකව කෙළෙසූ බව වින්දිත දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.ඇය ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන් මිතුරියකට හෙළි කර ඇත.

ඩේලි මිරර් වාර්තාවක් අසුරිණි.

Archive

Latest news

Related news