Thursday, May 2, 2024

ක්‍රම විරෝධීව සම්මත කළ මර්දනකාරී ඔන්ලයින් පනත උඩ ජනක රත්නායක උසාවි යයි – සුනන්ද දේශප්‍රිය

සිවිල් සමාජ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව කියන ජනක රත්නායක, පාර්ලිමේන්තුවෙහි ක්‍රම විරෝධී  ලෙස සම්මත කල මාර්ගගත ආරක්ෂණ පනත යටතේ සිවිල් ක්‍රියාකාරිනියකට සහ තවත් කිහිප දෙනකුට  විරුද්ධව අධිකරණය  හමුවට ගොස් තිබේ.

මෙම නඩුව පවරන ලද්දේ අප්‍රේල් 04 දාය.

දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන විසින් හෙළා දකින ලද මෙම පනත පාර්ලිමේන්තුවෙහි සම්මත කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද සංශෝධන ගණනාවක්ම ඇතුළත් නොකරය.

මහජන උපයෝගිතා කොමිෂමෙහි සභාපති ලෙස ගෝඨාභය රාජපක්ෂ සිය සිතැඟි පරිදි පත් කරන ලද ජනක රත්නායක එළඹෙන ජනාධිපතිවරණයට මෙරට ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා ඉදිරිපත් වන බව  ප්‍රකාශ කර තිබේ.

මෙම පනත මෙරට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට ගෙන එන ලද පනතක් බව බොහෝ විචාරකයින් විසින් පෙන්වා දී ඇත.

මහාජනයාගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින බව කියන පුද්ගලයකු මර්දනකාරී පනතක් පාවිච්චි කිරීම ප්‍රතිවිරෝධී භාවිතාවක් බව ජනමාධ්‍යවේදීහු ගණනාවක්ම ප්‍රකාශ කළහ.

ඔහු විසින් ඉදිරිපත් කරන චෝදනා සත්‍ය ද නැත්ද යන්න නොව ඔවුන් විසින් ප්‍රශ්න කරන්නේ මර්දනකාරී, ක්‍රම විරෝධීව සම්මත කළ පනතක් සිය ප්‍රයෝජනයට යොදා ගැනීම නිවරදිද යන්නයි.

මෙම පනත යටතේ පත් කළ යුතු කොමිෂන් සභාව පවා තවම පත් කර නැත.

මෙම පනතෙහි සුජාතභාවය යළිත් වරක් අධිකරණය හමුවෙහි උරගා බැලිමට මෙම නඩු විභිගය අවස්තාවක් වනු ඇතයි ප්‍රවීන නීතිඥයකු පැවසීය.

මෙම පනතට විරුද්ධව අන්තර් ජාල සේවා සපයන ආයතන විසින් දැක් වූ විරෝධය යථාර්ථයක් බවට පත් කරමින්, ජනක රත්නායක  විසින් එම ආයතන ද මෙම නඩුවට සම්බන්ධ කර තිබේ.

ඒ මෙසේය:

“තවද ඉහත අයැදීමට අමතරව 1 වන සහ/හෝ 2 වන සහ/හෝ 3 වන සහ/හෝ 4 වන සහ/හෝ 5 වන සහ/හෝ 6 වන වගඋත්තරකරුවන් විසින් 2024 අංක 9 දරණ පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරිම සිදු කිරිම කරනු ලබන්නේ 7 වන සහ 8 වන වගඋත්තරකරුවන් වශයෙන් දක්වා ඇති අන්තර්ජාල සේවා සපයන්නන් සහ/හෝ අන්තර්ජාල සේවා සපයන්නන් සහ/හෝ අන්තර්ජාල අතරමැදියෙකුගේ මාර්ග ගත ස්ථාන වලින් වන බැවින් එම සන්නිවේදනයන් දිගින් දිගටම සිදු කිරීම සහ/හෝ සංසරණය විම වළක්වාලීම උදෙසා එම වගඋත්තරකරුවන්ට අදාළව කොන්දේසි සහිත ආඥාවක් ලබා ගැනීමට පෙත්සමිකරුට නීතිමය අයිතියක් ඇති බවට පෙත්සම්කරු ප්‍රකාශ කර සිටියි.

7 වග උත්තරකරු

WhatsApp LLC

Headquarters

1 Meta Way,

Menlo Park,

California 94025,

United States of America.

8 වන වගඋත්තරකරු

Google LLC, D/B/A

Youtube

Headquarters

901 Cherry Avenue,

San Bruno,

California 94066

United States of America.”

ඔහු විසින් දක්වා ඇති අනෙක් වග උත්තරකරුවන්ට විරුද්ධව පනතෙහි පහත සඳහන් වගන්ති යටතේ පියවර ගන්නා ලෙස ජනක රත්නායක ඉල්ලා සිටී.

ගරු අධිකරණයට ඉහත කරුණු සනාථ කිරිමට 2024 අංක 9 දරණ මාර්ගත ක්‍රම වල සුරක්‍ෂිතතභාවය පිළිබඳ පනතේ 20 වගන්තිය පහත උපුටා දක්වන බව පෙත්සමි කරු ප්‍රකාශ කර සිටියි.

(1) (මෙි වගන්තියේ “ඉලක්ක ගත තැනැත්තා” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙනත් යමි තැනැත්තකුට හිරිහැර කිරීමේ චේතනාවෙන්, ඉලක්කගත තැනැත්තාගේ හෝ ඉලක්ක ගත තැනැත්තාට සම්බන්ධ තැනැත්තෙකුගේ යමි පෞද්ගලික තොරතුරක් පළ කිරීමෙන් සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉලක්ක ගත තැනැත්තාට හෝ වෙනත් යමි තැනැත්තකුට හිරිහැරයක් සිදු කරවන, ප්‍රකාශයක් සිතාමතා ම සිදු කරන හෝ සන්නිවේදනය කරන ශ්‍රි ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින තැනැත්තකු වරදක් සිදු කරන අතර වරදකරු කරනු ලැබු විට වසර පහක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමටකට හෝ රුපියල් ලක්‍ෂ පහක් නොඉක්මවන දඩයකට හෝ යටත් විය යුතු අතර, දෙවන වර හෝ තදනන්තරව වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාරගත කිරිමෙි කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩය යන දඩුවම් දෙකම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකිය.

(2) මේ වගන්තියේ කාර්යය සඳහා

අ) පෞද්ගලික තොරතුරු යන්නෙන් යම් තැනැත්තකු විසින් පෞද්ගලික ලෙස තබා ගත යුතු බවට සාධාරණ ලෙස අපේක්‍ෂා කරනු ලැබිය හැකි යමි ඡායාරූපයක්, හඩ පටයක හෝ වීඩියෝ පටයක විස්තර ඇතුළු පුද්ගලික තොරතුරු අදහස් වන නමුත් එයට වෙනත් යම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සාක්‍ෂි විය හැකි යම් තොරතුරු ඇතුළත් නොවේ, සහ

ආ) හිරිහැර කිරීම යන්නෙන් යම් තැනැත්තකුට තර්ජනය කිරීමේ, තැති ගැන්වීමේ හෝ පීඩාවට පත් කිරීමේ හෝ යම් තැනැත්තකුගේ අභිමානය උල්ලංඝනය කිරිමේ හෝ බියගන්වන සුලු, අවමන් සහගත, එදිරිවාදි, නින්දා සහගත හෝ වරදකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ බලපෑමක් ඇති හෝ ඒ සියලු බලපෑම් ඇති යම් ක්‍රියාවක් හෝ හැසිරීමක් අදහස් වේ.”

නඩු ගොනුව සම්පූර්ණයෙන් පහත දැක්වේ.

MC COLOMBO – Janaka Rathnayake – V4

Archive

Latest news

Related news