Saturday, April 27, 2024

සිරා ආයෙත් රිරී ගා ගනී; ත්‍රස්තවාදි ක්‍රියා දැන වසං කිරීම ගැන හිරේ යැවිය යුතු නීතිය මෙන්න!

රිරී ගා ගැනීම සම්බන්ධයෙන් නම් දරා සිටින හිටන් සිරා යළිත් හත්පොළේ ගා ගෙන තිබේ.

ඒ පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීම මගිනි.

ඔහු මේ බව පවසා ඇත්තේ මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

තමා එම තොරතුරු හෙළිකරන්නේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් නම් පමණක් බවත් සිරිසේන අඟවා තිබේ.

විනිසුරුවරයකු ඉදිරියේ විනිසුරුවරයාගේ කාමරයේ දී දෙන  සාක්ෂි පවා රහසිගතව තබා ගන්නේ නඩු විභාගයට පෙර පමණි. සාක්ෂි සදාකාලිකව රහසිගතව තබා ගත හැකි ක්‍රමයක් නැත.

ඊටත් වඩා සිරිසේන මෙයට පෙර පාස්කු ප්‍රහාර විමර්ශන කොමිෂම ඉදිරියෙහි සාක්ෂි දුන් අතර එහි දී මෙවැනි කිසිවක් ප්‍රකාශ කළේ ද නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සිරිසේනට පවරන ලද සහ මිලියන සියයක දඩයක් නියම වූ නඩුවෙහිදී ද එවැනි කිසිවක් කීවේ නැත.

මැතදී තවත් මෙවැනිම ප්‍රකාශයක් කරමින් සිරිසේන කියා තිබුණේ පාස්කු ප්‍රහාර විමර්ෂන කොමිෂන් සභාව එවකට ජනපති වූ ගෝඨාභයට රහසිගත් වාර්තාවක් දුන බවය. ඒ වාර්තාව කොහිදැයි සිරිසේන ප්‍රශන කළේය.

300කට ආසන්න අහිංසක ජන පිරිසක් ඝාතනයට ලක් වූ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ක්‍රියා ගැන දැන දැන එය වසං කරගෙන සිටීම දඩුවම් ලැබිය හැකි වරදකි.

සිරා හිරේ යැවිය යුතු නීතිය:  අපරාධ නඩු විධි විධාන සංග්‍රහයෙනි.

මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම්ට නඩු පවරා ඇත්තේ සිය පුතුන් දෙදෙනාගේ ස්වයං ඝාතක ක්‍රියා ගැන දැන දැන එම තොරතුරු හෙළිදරව් නොකළේය යන චෝදනාව ද මතය.

යුද සමයේ බොහෝ දෙමළ පුද්ගලයින් එම චෝදනා මත අත්අ‍ඩංඟූවට ගන්නා ලදී. සිංහරායර් පියතුමා සහ නිර්මලා නිත්‍යානන්දන් 80 දශකයේ මුල් භාගයේ අත්අඩංඟුවට ගන්නා ලද්දේ ද ඒ අනුවය.

අපරාධ විධි විධාන සංග්‍රහයේ 21 වන වගන්තිය යටතේ මෙම වරද සම්බන්ධයෙන් වාරන්තුවක් නැතිව අත්අඩංඟුවට ගත හැකිය.

 පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් දැන් දැන හෙළිදරව් නොකළේය යන චෝදනාව මත හෙට අනිද්දාම සිරාට නඩු වැටෙනු ඇති අතර, එවිට සිදුවනු ඇත්තේ මඩු වළිගයකින් සිය කෙබර කට තලා ගැනීම පමණය.

සේ. පියවර්ධන

Archive

Latest news

Related news