Sunday, April 28, 2024

ශ්‍රී ලංකාවේ බහුමාන දිළිඳුම ජනගහනය උතුරු – නැගෙනහිර; නුවරඑළියත් නරකම එකක් – UNDP

දිස්ත්‍රික්ක වශයෙන් වැඩිම බහුමාන දිළිදුකම ඇත්තේ මුලතිව්හි ය. යූඑන්ඩීපී වාර්තාවට අනුව, “මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රධාන අවධානය යොමු වන්නේ ගෘහ ණය ගැන නොව, විශ්වාසදායක ජල මූලාශ්‍රයක්  නොතිබීමටය”.

ණය සම්බන්ධ  දිළිදුකම දිස්ත්‍රික්ක දෙකෙහිම අවදානම් සැලකිය යුතු සාධකයක් ලෙස පවතන අතර   පංනීය ජල ප්‍රශ්නය ණයට වඩා ප්‍රමුඛත්වය ගනී. සමහර ප්‍රදේශවල ජලය පානය කිරීමට අපහසු ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිවෙස් වෙනත් ප්‍රදේශවලින් ජලය සොයති.

මුලතිව්හි බහුමාන දිළිදුකමෙහි දර්ශකය MPI  72.4% කි.ජාතික දර්ශකය  55.7% කි.

යාපනයේ, 2022 ඔක්තෝම්බර් වන විට කුටුම්භවලින් 42%ක් ඔවුන්ගේ ආදායමේ අඩුවීමක් වාර්තා කර ඇත. ඊට අමතරව, කුටුම්භවලින් 81.4%ක් වාර්තා කළේ අවම වශයෙන් එක් සාමාජිකයෙකුට යම් ආකාරයක සමාජ ආරක්ෂණයක් ලැබෙන බවයි.

2022 ඔක්තෝම්බර් මාසයේ සිට ආදායම් අඩුවීමක් දක්නට ලැබුණු බැවින් කුටුම්භවලින් 47%කගේ ආදායම අඩුවීමක් වාර්තා වූ කිලිනොච්චියේ සහ 67%ක් අනාරක්ෂිතව සිටි මුලතිව්හි තත්ත්වය වඩාත් දරුණු විය.

මන්නාරමේ, සමීක්ෂණයට ලක් කළ කුටුම්භවලින් 54%ක් 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ආදායම්වල තියුනු අඩුවීමක් අත් දැක ඇත. තවද පුද්ගලයෙකු රැකියා දෙකක් කිරීමෙන් පසුව පවා උපයා ගත් හැක්කේ රුපියල් 30,000 කට ආසන්න වැටුපකි.

වවුනියාවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 42.4%ක් ණය වී ඇතැයි වාර්තා විය. මෙයින් 36.4% ක් බැංකුවලට ණයගැති බව වාර්තා කර ඇති අතර 19.8% ක් පෙන්නුම් කළේ තමන් මූල්‍ය සමාගම්වලට ණය වී ඇති බවයි. ඔවුන්ගෙන් 68%ක් 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ආදායම්වල අඩුවීමක් අත් දැක ඇත.

ජාතික MPI දර්ශකයට අනුව බහුමාන වශයෙන් දිළිඳු දිස්ත්‍රික්කවලින් එකක්  එන නුවරඑළිය,   අනුවර්තන ධාරිතාවයෙන් ද නරකම වේ. එහි ජල මූලාශ්‍රය (සියයට 58.5 අවදානම් සහ අහිමි) සහ ණය තත්ත්වය (සියයට 47.2 සහ අවදානමට ලක්විය හැකි සහ අහිමි) දර්ශක පෙන්වයි.

මොනරාගල දිසාවෙහි බහුමාන දිළිදුකමෙහි MPI දර්ශකය 55.4කි.

මොනරාගල දිසාවෙහි කුටුම්භවලින් 71%ක් 2022 ඔක්තෝබර් වන විට ඔවුන්ගේ ආදායමේ අඩුවීමක් වාර්තා කර ඇත.

මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාසවලින් 22%ක් දෛනික වැටුපක් ලැබූ බව වාර්තා කළ අතර 40%ක් මාසිකව වැටුප් ගෙවූ බව වාර්තා කළහ.

 මොනරාගල ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 44.3% ක් ණය වී ඇති බව වාර්තා විය. මෙයින් 52.9%ක් බැංකුවලට ණයගැති බව වාර්තා කළ අතර 38.1%ක් පෙන්වා දුන්නේ උකස් කළ භාණ්ඩ තිබීම නිසා ණය වී ඇති බවයි. ගෘහ ණය සඳහා ප්රධාන හේතු අතර නිවසක්/ගොඩනැගිල්ලක් තැනීම හෝ අලුත්වැඩියා කිරීම, ආර්ථික ක්‍රියාකාරකම් (වැඩ) සඳහා සහ මූලික පරිභෝජනය සඳහා (ආහාර, ඉන්ධන, ගෘහ භාණ්ඩ ආදිය) ඇතුළත් වේ.

බස්නාහිර පළාත අඩුම MVI අගයන් වලින් එකක් වනමුත්  වැඩිම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ එහිය. මධ්‍යම පළාත ඒ  අනුව දෙවැනිය.

අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ සංඛ්‍යාව විශ්ලේෂණය කිරීමේදී, ගම්පහ සහ කොළඹ වැඩිම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සංඛ්‍යාවක් සිටින අතර, පිළිවෙලින් එම ප්‍රමාණය මිලියන 1.37 ක් සහ මිලියන 1.23 ක් වේ.

මෙම සාධකය අවධානම් මට්ටම පමණක් නොව, එක් එක් පළාත්වල අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ විශාලත්වය ද සලකා බැලීමේ වැදගත්කම අවධාරණය කරයි.

යූඑන්ඩීපී වාර්තාවෙනි.

 

Archive

Latest news

Related news