කාන්තා සනීපාරක්ෂක තුවා බද්ද කාලතුවක්කු උන්ඩ බද්දටත් උඩින්! ළමා මන්ද පෝෂනයෙන් ලංකාව 2!! පුවත් 12/03/2024 Updated: 10/03/2024 By Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail බදු ගැහුවා ඇත්ද? මා රට ගොඩ ගත්තා යැයි රනිල් රාජපක්ෂ පම්පෝරි ගහද්දී කාන්තාවන් සහ දරුවන් ගැන කළ සමීක්ෂණ වාර්තා ඊට හාත්පසින්ම වෙනස් බියකරු කතාවක් හෙළිකර තිබේ. ඉන් පළමුවැන්න නම් රනිල්ගේ අධික බදු ගැහිල්ල හේතුවෙන් වයස අවුරුදු 15 ත් 47 ත් අතර වයසේ කාන්තාවන්ගෙන් 40% ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී තමන් හදා ගන්නා සනීපාරක්ෂක නොවන භාවිතයන් සඳහා යොමු වී ඇති බවයි. 40% ක් යනු අඩකට ආසන්න ගණනකි. සනීපාරක්ෂක නොවන භාවිතයන් නිසා කාන්තාවන් ගැබ්ගෙල පිළිකා වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව විශේෂඥ මතයයි. කාලතුවක්කුවකට ගහන බද්දට වඩා වැඩි බද්දක් සනීපාරක්ෂක තුවා වලට.. බොහෝ රටවල බදු නොගහන භාණ්ඩයක් වන සනීපාරක්ෂක තුවා සඳහා රනිල්ගේ බදු ගැහිල්ල අම්මට සිරි බදු ගැහිල්ලකි. Public Finance.lk වෙබ් අඩවිය පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා මෙරට අය කෙරෙන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති මෙන්ම කාලතුවක්කු සඳහා පනවා ඇති බදුවලටත් වඩා ඉහළ අගයක් ගන්නා බවය. සනීපාරක්ෂක තුවා වැට් බදු, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු, සෙස් බදු, සමාජ ආරක්ෂණ බදු යන බදු වර්ග 4ටම යටත් වන බවත් සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 47.1% ක් වන බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි. දෙවැනි රෙකෝඩ් එක ලෝකයෙන්ම දෙක.. දෙවැනි සමීක්ෂන හෙළිදරව්ව නම් බ්‍රිතාන්‍යයේ පළ වන ලැන්සෙට් වෛද්‍ය සඟරාව සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලයයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ දරුවන් අතරින් වයසට සරිලන බර ප්‍රමාණයෙන් පසු නොවීමේ මන්දපෝෂණ තත්ත්වය ලෝකයෙන්ම දෙවෙනි තැන ලබා ගෙන ඇති බවයි. ලොව පුරා රටවල් 199 ක වයස අවුරුදු 5ත් 19ත් අතර ගැහැනු දරුවන් මිලියන 222ක ගෙන් නියැදි ලබා ගෙන පර්යේෂකයන් දහසකගේ පමණ කණ්ඩායමක් විසින් අදාළ සමීක්ෂණය සිදු කර ඇත. එයින් හෙළිවී ඇත්තේ මෙම වයස් කාණ්ඩයේ ශ්‍රී ලාංකික දැරියන් 410,000ක් අදාළ මන්දපෝෂණයෙන් පෙළෙන බව ය. මීට පෙර විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව හෙළිකර තිබුනේ මෙරට දරුවන් ලක්ෂ 09 කට වැඩි සංඛ්‍යාවක් උග්‍ර මන්දපෝෂණ තත්වයට ගොදුරු වී ඇති බවයි. මෙවැනි තත්ත්වයක් තුල තමන් රට ගොඩගත්තා යැයි වහසි බස් කියන රනිල් රාජපක්ෂගේ කටට රෙන්න ඕනෑ ය. (මාධ්‍ය වාර්තා ඇසුරිනි) ලංකා ඊ නිව්ස් වෙතිනි. Tagsප්රජාතන්ත්රවාදයබදුමානව හිමිකම්රනිල් දූෂණයශ්‍රී ලංකාවසිවිල් සමාජය Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail Archive March 2026 February 2026 January 2026 December 2025 November 2025 October 2025 Latest news පුවත් විශේෂාංග 2025 ජෙන් ඉසෙඩ් අරගලයට එරෙහි ප්රචන්ඩ මර්ධනයක් මුදා මැරිම: නේපාලයේ හිටපු අගමැති අත්අඩංගුවට Sri Lanka Brief - 28/03/2026 පුවත් විශේෂාංග නිදහසේ නාමයෙන් බෝම්බ: ඉරානයට එරෙහි යුද්ධය සහ එහි සීමාන්ත – ලයනල් බෝපගේ Sri Lanka Brief - 27/03/2026 පුවත් විශේෂාංග බාල ඖෂධ නඩුව: කෙහෙළිය ඇතුළු පිරිස මිලියන 225ක් දඩ. නඩු පවරන ලෙස අල්ලස් කොමිසමට ශ්‍රේෂ්ඨාධීකරණය නියෝගයක් Sri Lanka Brief - 27/03/2026 පුවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ සලේ: විමල් වීරවංශගේ භයානක හෙළිදරව්ව සහ ඉතිරි සැකකරුවන් දෙදෙනා – සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 27/03/2026 Related news පුවත් විශේෂාංග 2025 ජෙන් ඉසෙඩ් අරගලයට එරෙහි ප්රචන්ඩ මර්ධනයක් මුදා මැරිම: නේපාලයේ හිටපු අගමැති අත්අඩංගුවට Sri Lanka Brief - 28/03/2026 පුවත් විශේෂාංග නිදහසේ නාමයෙන් බෝම්බ: ඉරානයට එරෙහි යුද්ධය සහ එහි සීමාන්ත – ලයනල් බෝපගේ Sri Lanka Brief - 27/03/2026 පුවත් විශේෂාංග බාල ඖෂධ නඩුව: කෙහෙළිය ඇතුළු පිරිස මිලියන 225ක් දඩ. නඩු පවරන ලෙස අල්ලස් කොමිසමට ශ්‍රේෂ්ඨාධීකරණය නියෝගයක් Sri Lanka Brief - 27/03/2026 පුවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ සලේ: විමල් වීරවංශගේ භයානක හෙළිදරව්ව සහ ඉතිරි සැකකරුවන් දෙදෙනා – සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 27/03/2026