නන්දලාල් වීරසිංහ මහ බැංකුව කාර්ය මණ්ඩලයට ලොකුම හැන්දකින් බෙදා ගනී; නි.අධිපතිවරයකුට මසකට මිලියන 1.6ක් පුවත් 17/02/2024 Updated: 17/02/2024 By Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසිනි. මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56) ක වැටුපක් ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක වැටුප් වැඩිකර ඇත්තේ දෙගුණයකිනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප වූයේ රුපියල් 34,235කි. සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි. එහෙත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා එනම් රුපියල් 21570කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකි. (183388) කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇත. ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035කි. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් ලැබේ. පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් තිබේ. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර ඇත. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. මේ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000 කින් පමණ වැඩි වීමට නියමිතය. – අරුණ Tagsආර්ථික අපරාධගසා කෑමනීතියේ පාලනයප්රජාතන්ත්රවාදයමහ බැංකුවශ්‍රී ලංකාව Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail Archive June 2026 May 2026 April 2026 March 2026 February 2026 January 2026 Latest news පුවත් මෙම වෙබ් අඩවියේ සිංහල පිටුව තවදුරටත් යාවත් කාලීන නොවන බව සළකන්නග English site will be online. Sri Lanka Brief - 02/06/2026 පුවත් විශේෂාංග පෞද්ගලික තේ වතුවල සේවය කරන මලයියාහ දෙමළ කම්කරු ප්‍රජාව ලක්වන බරපතල ශ්‍රම අපයෝජනය ඇම්නෙස්ටි වාර්තාවක් දක්වයි Sri Lanka Brief - 29/05/2026 පුවත් තෙවරසක් තුළ බෞද්ධ භික්ෂූන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි 300ක්! Sri Lanka Brief - 28/05/2026 පුවත් ‘ට්‍රම්ප්’ මී හරකා බිලි පූජාවෙන් බේරා ගෙන බංග්ලාදේශ සත්වෝද්‍යානයට යවයි Sri Lanka Brief - 28/05/2026 Related news පුවත් මෙම වෙබ් අඩවියේ සිංහල පිටුව තවදුරටත් යාවත් කාලීන නොවන බව සළකන්නග English site will be online. Sri Lanka Brief - 02/06/2026 පුවත් විශේෂාංග පෞද්ගලික තේ වතුවල සේවය කරන මලයියාහ දෙමළ කම්කරු ප්‍රජාව ලක්වන බරපතල ශ්‍රම අපයෝජනය ඇම්නෙස්ටි වාර්තාවක් දක්වයි Sri Lanka Brief - 29/05/2026 පුවත් තෙවරසක් තුළ බෞද්ධ භික්ෂූන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි 300ක්! Sri Lanka Brief - 28/05/2026 පුවත් ‘ට්‍රම්ප්’ මී හරකා බිලි පූජාවෙන් බේරා ගෙන බංග්ලාදේශ සත්වෝද්‍යානයට යවයි Sri Lanka Brief - 28/05/2026