නන්දලාල් වීරසිංහ මහ බැංකුව කාර්ය මණ්ඩලයට ලොකුම හැන්දකින් බෙදා ගනී; නි.අධිපතිවරයකුට මසකට මිලියන 1.6ක් පුවත් 17/02/2024 Updated: 17/02/2024 By Sri Lanka Brief Share FacebookTwitterWhatsAppPinterestEmail පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසිනි. මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56) ක වැටුපක් ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක වැටුප් වැඩිකර ඇත්තේ දෙගුණයකිනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප වූයේ රුපියල් 34,235කි. සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි. එහෙත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා එනම් රුපියල් 21570කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකි. (183388) කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇත. ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035කි. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් ලැබේ. පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් තිබේ. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර ඇත. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. මේ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000 කින් පමණ වැඩි වීමට නියමිතය. – අරුණ Tagsආර්ථික අපරාධගසා කෑමනීතියේ පාලනයප්රජාතන්ත්රවාදයමහ බැංකුවශ්‍රී ලංකාව Sri Lanka Brief Share FacebookTwitterWhatsAppPinterestEmail Archive December 2025 November 2025 October 2025 September 2025 August 2025 July 2025 Latest news පුවත් දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සියලුම ප්‍රධාන රජයේ ආයතන වෙත නිකුත් කළා! – ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය Sri Lanka Brief - 12/12/2025 පුවත් විශේෂාංග දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ලාංකිකයන්ට ආධාර සඳහා එක්සත් ජාතීන් සහ මානුෂීය හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් ඉල්ලයි. Sri Lanka Brief - 12/12/2025 පුවත් සුළි කුණාටුව, ජල ගැලීම සහ නූගත් පාඩම් -සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 12/12/2025 පුවත් කබ්රාල්ට දුන් රුපියල් කෝටි 184 ක වන්දි තීරණය රනිල් රාජපක්ෂට පෙර නිමිත්තක්ද? Sri Lanka Brief - 10/12/2025 Related news පුවත් දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සියලුම ප්‍රධාන රජයේ ආයතන වෙත නිකුත් කළා! – ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය Sri Lanka Brief - 12/12/2025 පුවත් විශේෂාංග දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ලාංකිකයන්ට ආධාර සඳහා එක්සත් ජාතීන් සහ මානුෂීය හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් ඉල්ලයි. Sri Lanka Brief - 12/12/2025 පුවත් සුළි කුණාටුව, ජල ගැලීම සහ නූගත් පාඩම් -සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 12/12/2025 පුවත් කබ්රාල්ට දුන් රුපියල් කෝටි 184 ක වන්දි තීරණය රනිල් රාජපක්ෂට පෙර නිමිත්තක්ද? Sri Lanka Brief - 10/12/2025