Friday, May 3, 2024

2023 වසරේ මෙරට අලි මරණ සංඛ්‍යාව 470 ක්

වන අලි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ආරක්ෂිත ප්‍රදේශ කළමණාකරන) මංජුල අමරතේ  පැවසුවේ, 2023 වසරෙහි වන අලි 470ක් මිය ගොස් ඇති බවය.

ඉන් අලි ඇතුන් 200ක් මිය ගොස් ඇත්තේ ඍජුවම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවත්ය.

වන අලි 83 දෙනෙකු වෙඩි තබා මරා දමා ඇති අතර  පුපුරණ ද්‍රව්‍ය “හක්ක පටස්” තැබීමෙන් 47 ක් ද, විදුලි උගුල් අටවා 66 ක් ද, තවත් හතර දෙනෙකු වස දමා මරා දමා ඇත.

වන අලි 70 දෙනෙකු රෝගාබාධ, ස්වාභාවික හේතූන් මත හෝ අනතුරුවලට ලක්ව මිය ගොස් ඇත.

දුම්රියට යටවූ වන අලි 23 දෙනෙකු ඊට ඇතුළත්.

සැප්තැම්බර් 27 වනදා වන අලි එකොළොස් දෙනෙකු දුම්රියට යටවී හෝ වෙඩි තබා ඝාතනය කර ඇති බවත්, එය මෙතෙක් දිනක් වාර්තා වූ වැඩිම ප්‍රමාණය බවත් ඔහු පවසා තිබේ.

ලොව සාපේක්ෂකව වැඩිම අලි මරණ වාර්තා වන රට ශ්‍රී ලංකාවය.

 

Archive

Latest news

Related news