Thursday, May 2, 2024

යුද්ධාවසානයෙන් පසුත් ඉහළ යන ශ්‍රී ලංකා ආරක්ෂක වැය: නිල ඇඳුම් සහ ආහාර සඳහා පමණක් වැය රුපියල් බිලියන 75 කින් වැඩි වේ!

2024 අයවැය ඇස්තමේන්තු මත පදනම්ව, ආරක්ෂක අංශයේ නිල ඇඳුම් සහ ආහාර වේල් සඳහා වන වියදම් විශාල වශයෙන් රුපියල්   බිලියන 75 කින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය 2022 ට සාපේක්ෂව සියයට 258 ක වැඩිවීමකි.

වෙනත් වචන වලින් කිවහොත්, පුද්ගලික ආදායම් බද්දෙන් ලැබෙන ආදායමෙන් සියයට 40 ක් නිල ඇඳුම් සහ ආහාර වේල සඳහා වන ආරක්ෂක අයවැයේ මෙම වැඩිවීම සඳහා අරමුදල් සැපයීම සඳහා පමණක් භාවිතා කිරීමට පුරෝකථනය කර ඇත.

 

ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කළ ප්‍රතිපාදනවලට වඩා සැලකිය යුතු ලෙස වැඩි මුදලක් වෙන්කර තිබේ. පසුගිය වසර දෙක තුළ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල දෙගුණයකටත් වඩා වැඩි කර තිබේ.

ඉහත සංඛ්‍යා ලේකන publicfinance.lk වෙතිනි.

2022 වසර සඳහා වන මුළු අයවැයෙන් 7%ක් වැය කළේ ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ස දහාය. එයින් 60%ක් වැටුප් ගෙවීමටය. ශ්‍රී ලංකාව වැඩිම හමුදා සෙබල සංඛ්‍යාවක් ඇති රටවල් දහයෙන් එකකි. පුරවැසියන් 100 කට සොල්දාදුවන් 1.5ක් පමණ සිටින රටකි. ඒ අනුව රවෙල් 200ක් ගත්තොත් ශ්‍රී ලංකාව පළමු 10 ය අතරට වැටේ.

මෙම සංඛ්‍යා ලේඛන වෙරිටේ ෆැක්ට්ස් චෙක් අඩවියෙනි.

2009 වර්ශයේ මැයි මාසයේදී යුද්ධය අවසන් විය. ඉන් පසුව පවා යුද බලය ඉහළ ගොස් ඇති සැටි ලෝක බැංකුව දක්වා ඇති පහත වගුවෙන් පෙනේ.

සේ. පියවර්ධන විසිනි.

 

 

 

Archive

Latest news

Related news