Saturday, April 27, 2024

“යුක්තිය” මෙහෙයුම: පොලිස් ඇමති ක්‍රියාකරන්නේ අධිකරණයට පිටින්, නැති ඒකාධිපති විධායක බලතල තියෙනවා වගේ! – නීතිඥ සාමූහිකය

Cartoon by @ChickeraGihan

ප්‍රමුඛ පෙළේ නීතිඥවරුන් සහ නීති විශාරදයන් විසින් අත්සන් කරන ලද  නීතිඥ සාමූහිකයේ ලිපියක් මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මන්ත්‍රීවරයා  යවමින් එය මෙසේ පවසයි.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අමාත්‍යවරයකු ලෙස ඒකාධිපති පාලනයක් ලෙස හඳුන්වන පාලන වර්ගයක විධායක බලතල ක්‍රියාත්මක කරනවා සේ ඔබ ක්‍රියා කිරීම අවාසනාවන්ත තත්ත්වයකි.  ජනාධිපතිවරයා සහ ඔබගේ සගයන්, විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා (ජ්‍යෙෂ්ඨ නීතීඥයින් සහ ජනාධිපති නීතීඥවරුන් යන දෙදෙනාම) ඔබගේ බල අපයෝජනය වලක්වා මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය නීතියේ ආධිපත්‍යයට සහ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරමින් සිදුකිරීමට ඉඩ සළසනු ඇතැයි අපි විශ්වාස කරමු. ”

එම ලිපියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් තිදෙනෙකු, මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනියක,  නීතිඥවරියක ද වන  කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරියක් ඇතුලු නීති ක්ෂෙත්‍රයේ ප්‍රවීනයින් පිරිසක් අත්සන් තබා ඇත.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත,

අප ඔබට මෙම ලිපිය ලියන්නේ නීතිඥ සාමූහිකයේ සාමාජිකයන් ලෙසය. එහි පිටපත් ජනාධිපතිට සහ අගමැති වෙත ද යවන්නෙමු. තවද මෙම ලිපිය ප්‍රසිද්ධ කරමු.

අප එසේ කරන්නේ “යුක්තිය” මත්ද්‍රව්‍ය විරෝධී  ව්‍යාපාරය තුළ ඔබ ඔබේ බලතල ක්‍රියාත්මක කරන ආකාරය දැඩි මහජන අවධානයට ලක්විය යුතු කරුණක් ලෙස අප සලකන බැවිනි.

මත්ද්‍රව්‍ය ගැටලුව  විසඳීමට  සහ ඔවුන්ගේ ජීවිත කෙරෙහි ඉන් ඇති කෙරෙන අහිතකර බලපෑම් ඉවත් කිරීමට ව්‍යාපාරයක් දියත් කිරීමට ඔබ ගත් තීරණය  රටේ පුරවැසියන් අනුමත කරනු ඇත.

මෙම මැතිවරණ වර්ශය එනතුරු නොසිට ඔබ බලයට පත් වූ විගසම ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ නම් වඩාත් හොඳ වනු ඇත. කවර අවස්ථාවක වුවද මෙම ව්‍යාපාරය නීතියේ ආධිපත්‍යයට අනුකූල විය යුතුය. එය, ඔබ නීතියෙන් පරිබාහිරව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන උද්‍යෝගිමත්, පෞද්ගලික මූලිකත්වයක් විය නොහැක. ඔබ මෙම  ව්‍යාපාරය මෙහෙයවන ආකාරය සහ මාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අදහස් මගින්  පහත සඳහන්   පරිදි පෙන්නුම් කරයි.

1)  ඔබේ අධිකාරිය සීමා කරනු ඇතැයි ඔබ සිතන ඕනෑම නීතියක් බාධක යැයි සළකා නොසලකා හැරීමට ඔබට සියලු  අයිතිනි තිබේ.

2) ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය ගැන අදහස් දක්වන හෝ විවේචනය කරන සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ලෙස ඔබ සලකයි. එසේ අදහස් දක්වන නීතිඥයින් ඔබ විශේෂයෙන් ඉලක්ක කිරීමට තෝරාගෙන ඇත.  ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් නීතිඥ වෘත්තියට එල්ල කරන ලද මෙම විසකුරු ප්‍රහාරයන්ට විරෝධය පළ කරමින් ප්‍රකාශයක් කර තිබියදීත්, ඔබ මේ ආකාරයෙන් ඔවුන් වෙත නැවත නැවතත් ඔවුන් නම් කර ඇත.

3)  ශ්‍රී ලංකා රාජ්‍යයට අදාළ වන ජාත්‍යන්තර නීතියේ  සම්මතයන්  සහ ප්‍රමිතීන්  පිළිපදින සේ කැරෙන ඕනෑම අනතුරු ඇඟවීමක් ඔබ නොසලකා හරින බව ඔබ ජාතික රූපවාහිනී ජාලවල නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඔබ ඒවා “විදේශීය සහ බාහිර බලපෑම්” ලෙස නොසලකා හරින බවත්, ජාත්‍යන්තර නීතියට සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ අදහස්වලට ගරු කරමින් ව්‍යාපාරය මෙහෙයවීමට ඔබ බැඳී නැති බවත් ප්‍රකාශ කර ඇත.

4)    ඔබ දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කළේ ඔහු මෙම යුක්තිය ව්‍යාපාරය ඵලදායි ලෙස මෙහෙයවීමට හොඳම පොලිස් නිලධාරියා වූ නිසා බව ඔබ පුන පුනා ප්‍රකාශ කර ඇත.                             

මෙම සෑම ප්‍රකාශයකින්ම පෙන්නුම් කරන්නේ, අප රටෙහි නීතියට සහ ව්‍යවස්ථාවට අනුව, වගකීමක් ඇතිව සහ මහජන භාරයක් ලෙස  අමාත්‍යවරයෙකුගේ  උසස් ධූරය දැරීමට ගෙන ඇති දිවුරුම ගැන ඔබ කිසිදු තැකීමක් නොකරන බව යැයි පෙන්වා දීමට කැමැත්තෙමු.

පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී පරම අභිමතය පිළිබඳ මූලධර්මයක් නොමැති බව අපේ රටේ ඉහළම අධිකරණය   වන ශ්‍රේෂ්ඨාධිකරණය නැවත නැවතත් අවධාරණය කර ඇත.  ඔබ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ විසම්මුතියේ නිදහසට සහ නීතිඥයින්ට ඔවුන්ගේ වෘත්තීය වගකීම් ඉටු කිරීමට ඇති අයිතියට ගරු කිරීමටබැදී සිටී.

ඔබේ ප්‍රකාශ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයින්ට ඇති අයිතිය පිළිගැනීමට ද එම ප්‍රකාශ අසමත් වේ. ඔවුන් එසේ කරන්නේ(විධායකයට හෝ ඇමතිවරයෙකුට නොව) යුක්තිය පසිඳලීමේදී අධිකරණයට ඇති  වෘත්තීය වගකීම්වලට අනුකූලව ය.

පොලිස්පතිවරයෙකු පත් කිරීමේදී ඔබට පුද්ගලිකව කිසිදු භූමිකාවක් තිබිය නොහැකි බව පෙන්වා දීමෙන් අපි මෙම ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමු.

ජාත්‍යන්තර නීතිය ප්‍රතික්ෂේප කිරීමකට සමාන ඔබේ ප්‍රකාශ මගින් ශ්‍රී ලංකා රාජ්‍යයේ සහ එහි රජය අනුමත කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් යටතේ ඇති බැඳීම් පිළිබඳ ඔබට ඇති විස්මිත නොදැනුවත්කමක් පෙන්නුම් කරයි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ජාතික දේශීය මට්ටමින් රාජ්‍යයන් විසින් ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීමේ ඉහළම ආයතනය වේ. මේ සම්බන්ධයෙන් ඔබ  කරන පහත් ප්‍රකාශ, ජනාධිපති නීතීඥ පදවිය ද දරන නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු ද වන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් වහා වැළැක්විය යුතුය.

පොලිස්පතිවරයෙකු පත් කිරීමේදී ඔබට පුද්ගලිකව කිසිදු භූමිකාවක් තිබිය නොහැකි බව පෙන්වා දීමෙන් අපි මෙම ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමු. එය ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයිත් දෙයකි. මීට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය මෑත නඩුවකදී, දේශබන්දු තෙන්නකෝන් වධහිංසා ක්‍රියාවන්ට පුද්ගලිකව වගකිව යුතු බවත්, ඔහුගේ පොලිස් නිලධාරීන් කණ්ඩායම විසින් වධහිංසා පැමිණවීම වැලැක්වීමට ඔහුගේ අණදීමේ වගකීම ඉටු කිරීමට අපොහොසත් වූ බවත් සොයා ගෙන ඇත. මෙම හැසිරීම වින්දිතයෙකුගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, ශ්‍රී ලංකාවේ වධහිංසා පනත යටතේ බරපතල සාපරාධී වරදක් ද වේ.

අපේ නීතියට අනුකූලව දේශබන්දු තෙන්නකෝන්ට නඩු පැවරීමේ අවශ්‍යතාව පිළිබඳව අපි නීතිපතිවරයාට කරුණු දක්වා ඇත්තෙමු. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ දක්වා අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අකර්මන්‍යතාවය මහජන අවධානයට ලක්විය යුතු කරුණකි. අපේ රටේ පොලිසියේ උසස් වෘත්තීය ප්‍රමිතීන් සහතික කිරීමේ වගකීම ඉටු කිරීමේදී ඔවුන් මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම මහජන විශ්වාසය කඩ කිරීමකි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ඔහුගේ තනතුරේ දිගටම කටයුතු කිරීම ඔබේ පුද්ගලික අනුමත කිරීම සහ ඔහු කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කිරීම, අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලි කරන ලද පරිදි නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ “ජනතාවගේ අධිකරණ බලය” ක්‍රියාත්මක කරන්නේ  එකී අධිකරණය බවත්, අධිකරණ පරිපාලනයේ වැදගත් ක්ෂේත්‍රය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතලවලට ගරු නොකර විධායක ශාඛාවේ කිසිදු අමාත්‍යවරයකුට ක්‍රියා කළ නොහැකි බවත් අපි මතක් කිරීමට කැමැත්තෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වධහිංසා පනත සහ අනෙකුත් නීති සහ අධිකරණ තීන්දු වල දක්වා ඇති පරිදි නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ “යුක්තිය” යන්නෙහි සැබෑ අරුත කරුණාකර තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අපි මෙම ලිපිය අවසන් කරන්නෙමු.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමාත්‍යවරයෙකු ලෙස ඔබ ක්‍රියා කරන්නේ ඒකාධිපති පාලනයක් ලෙස හැඳින්වෙන පාලන වර්ගයක විධායක බලතල ක්‍රියාත්මක කරන්නාක් සේ වීම කණගාටුදායකය. ජනාධිපතිවරයා සහ ඔබගේ සගයන්, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා (ජ්‍යෙෂ්ඨ නීතීඥයින් සහ ජනාධිපති නීතීඥවරුන් යන දෙදෙනාම) ඔබගේ බල අපයෝජනය වලක්වා මත් ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කරගෙන යාමට ඉඩ සළසනු ඇතැයි අපි විශ්වාස කරමු.

නීතිඥ සාමූහිකය වෙනුවෙන්

ජනාධිපති නීතිඥ රියන්සි අර්සෙකුලරත්න මහතා.
මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, නීතීඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති.
ජනාධිපති නීතිඥ,  උපුල් ජයසූරිය මහතා,  හිටපු සභාපති – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ජනාධිපති නීතිඥ,ජෙෆ්රි අලගරත්නම් මහතා, හිටපු සභාපති – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් මහතා
ජනාධිපති නීතිඥ, සාලිය පීරිස් මහතා,  හිටපු සභාපති – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා
ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා
මහාචාර්ය දීපිකා උඩගම, හිටපු සභාපතිනි – ශ්‍රී ලජකා මානව හිමිකම් කොමිසම
මහාචාර්ය කැමේනා ගුණරත්න
නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා
නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා
නීතිඥ අරමිසා ටාර්ගල් මෙනවිය
නීතීඥ මනෝජ් නානායක්කාර මහතා

(  පරිිවර්තනය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි).

Archive

Latest news

Related news