Friday, May 3, 2024

“පොලිස් කොමිසමට කරන්න පුලුවන් ලබ්බක් නෑ”! – පොලිස් පරීක්ෂක කරුණාරත්න, මට්ටක්කුලිය

අනීතික අත්අඩංඟුවට ගැනීමක් සම්බන්ධයෙන්, පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති ” පොලිස් කොමිසමට කළ හැකි ලබ්බක් නෑ” යැයි තර්ජනය කර ඇති බව එම කොමිෂම වෙත ලිපියක් යවමින් නීතිඥ නාමල් රාජපක්ෂ කියා   සිටී.

එම පොලිස් ස්ථානයේ සේවය කරන කැලුම් නම් සැරයන්වරයකු මාලිනී ජයශාන්ති නම් එම පැමිණිල්ලට අදාල කාන්තාව පොලිසියට බාර වන්නේ නම් මහාධිකරනයෙන් ඇප ලබා ගත හැකි පරිදි නඩුවක් පැවරිය හැකි බව ද සඳහන් කර තිබේ. පහත සඳහන් එම හඩ පටිය අවශ්‍ය අවස්ථවේහිදී පරීක්ෂනය සදහා ඉදිරිපත් කරන නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම අත්අඩංඟුවට ගැනීම සැළසුම් කර ඇත්තේ වැඩබලන පොලිස්පති දේශබන්දුගේ මත්කුඩු මෙහෙයුම සඳහාය.

නීතිඥ

නීතිඥ නාමල් රාජපක්ෂ

නාමල් රාජපක්ෂ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් කියා සිටන්නේ අති විශාල මුදලක් වියදම් කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශාල කුලියක් ගෙවාගෙන කොමිෂන් සභාවේ සාමාජිකයන්ට වරප්‍රසාද ලබා දෙමින් නඩත්තු කරමින් පවත්වාගෙන යන පොලිස් කොමිෂන් සභාව යුක්තිය මෙහෙයුම මගින් නීති විරෝධී අත් අඩංගුවට ගැනීම් වළක්වා ගැනීමට නොහැකි බව එම කොමිසමේ විමර්ශන නිලධාරීන්   ප්‍රකාශ කරන බවයි. පොලිස් කොමිෂන් සභාව අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම කොමිසමේ නිලධාරීන් බහුතරය පොලිස් නිලධාරීන් නිසාම වන බවද ඔහු තවදුරටත් සඳහන් කරයි.

නීතිඥ නාමල් රාජපක්ෂ විසින් පොලිස් කොමිසම වෙත යවන ලද  ලිපිය පහත දැක්වේ.

Archive

Latest news

Related news