Sunday, April 28, 2024

ආර්ථික අපරාධකාර ඇමතියකු ගැන රනිල් රාජපක්ෂගේ කාර්යාලයට පැමිණිලි කළ ප්‍ර.ලේකම්වරියට දඩුවම් මාරුවක්!

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහනුවර දිස්ත්‍රික්කයේ දූෂිත ක්‍රියාවල නිරතවීම වැළැක්වීමට පියවර ගත් ගම්පොළ  උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ස්ථාන මාරු කර තිබේ.

ඇය මාරු කර ඇත්තේ “අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශයට ස්ථාන මාරු කරමි” යනුවෙන් නමුත් ඉන් අදහස් වන්නේ ඇය කිසිදු රාජකාරියක් නොමැති සංචිතයට මාරු කර ඇති බවයි.

2023 දෙසැම්බර් 22 දිනැති ලිපියක් මගින් ප්‍රාදේශීය ලේකම්  ආත්මා දිල්රැක්ෂි ජයරත්න මෙනවිය මහනුවර දිස්ත්‍රික් ලේකම් වෙත යවන ලද ලිපියක් මගින් එය ජනාධිපති ලේකම් සහ ලේකම් වෙත පිටපත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ඇත.

එම ලිපිය ලැබුණු වහාම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ අංශය) ගේ උපදෙස් මත බී.ජී.ජී. මිලින්ද, ජනාධිපති අතිරේක ලේකම් ෆලීල් ඒ මුබාරක් යන මහත්වරු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට උපදෙස් දී තිබුණේ උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරියගේ ලිපිය සම්බන්දයෙන් පියවර ගන්නා ලෙසයි.

එම ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝග ක්‍රියාවට නැංවීම වෙනුවටපළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න  2024 ජනවාරි 26 වැනි දින ලිපිය (පරි. එච්.ඒ./02/30/02/04/51) මගින් දිස්ත්‍රික් ලේකම් මහනුවර චන්දන තෙන්නකෝන් මහතාට ප්‍රාදේශීය ලේකම්වරිය වහාම අමාත්‍යාංශ සංචිතයට මාරු කරන ලෙස උපදෙස් දී ඇත.

” ජයරත්න මෙනවිය තම රාජකාරිය ඉටු කිරීමේදී කිසිවකුට නොගැලපෙන සෘජු ඉදිරි නිලධාරිනියකි. රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුවූ බව කියන අවස්ථා ගණනාවකදී ගම්පොල පොලිස් ස්ථානාධිපතිවරයාගේ අතවරවලට පවා ඇය ලක්ව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට එරෙහිව මාසයකට වැඩි කාලයක් පරීක්ෂණයක් ඉල්ලා සිටිය දී නිහඬව සිටි දිස්ත්‍රික් ලේකම්වරයා එදිනම (ජනවාරි 26) ප්‍රාදේශීය මාරු කිරීමට කටයුතු කිරීමට තරම් ඉක්මන් වූ ආකාරය පුදුමයට කරුණකි. අමාත්‍යාංශ ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝග දැඩි ලෙස නොසලකා හැර ඇති ආකාරයත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ සියලු දූෂිත ක්‍රියාවලට තර්ජනයක් වී ඇති මෙම නිලධාරිනිය ඉවත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා සූදානම් වූ ආකාරයත් මෙයින් පැහැදිලි වන්නේයැයි” යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් නිර්නාමිකව  මාධ්‍ය වෙත පවසා තිබේ.

ප්‍රාදේශී්‍ය ලේකම්වරිය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඉල්ලා සිටි එටමන්ම ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද ඉල්ලා සිටි පරීක්ෂණයක් ආරම්භ කිරීමට කඩිනම් පියවර නොගත් අතර ඇය අමාත්‍යාංශ සංචිතයට මාරු කළේ මන්දැයි  මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට තෙන්නකෝන් ඔහුට කිසිම අදහසක් ප්‍රකාශ කළ නොහැකි යැයිි ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

“අඛණ්ඩ පරීක්ෂණයක් පවතින විට, මට කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැක,” ඔහු පැවසීය.

මේ අතර අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගෙන් කළ විමසීමකදී කියා සිටි ඇත්තේ තමන් රැස්වීමක සිටින බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකි වූ බවත්ය.

“මේ රැස්වීමෙන් පස්සේ මම නිදහස් දින වැඩසටහන් රැස්වීමට සහභාගි වෙනවා. හවස මට කතා කරන්න. මම නිදහස් නම් මම ඔබට කතා කරන්නම්” යසරත්න කීවේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සඳහා සම්බන්ධ කර ගත් විට ඔහුද කියා ඇත්තේ රැස්වීමක සිටින බවයි.

ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා වෙත යවන ලද පණිවිඩයකට ඔහු ප්‍රතිචාර දක්වා නැත.

ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගන්නා ලද පියවර  ලංකා ඊ නිව්ස් ලිපියක කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර මෙසේ විස්තර කරයි:

ඇය කරන ලද “වරද” නම් රජයේ ඉඩම් සන්‍තකය ආපසු ගැනීම පණතේ බලධාරියා ලෙස රාජකාරී කරන්නට යාම ය.රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම බරපතල වරදකි.ඉස්සර අනවසරයෙන් රජයේ ඉඩමක් අල්ලා ගත් පසු ඊට එරෙහිව රාජකාරි කරන්නට තිබුණේ රජයේ ඉඩම් අනවසර අල්ලා ගැනීමේ ආඥා පනත නම් සුද්දගෙ කාලයේ නීතියකි. මේ නීතිය යටතේ අනවසරයෙන් අල්ලා ගත් එකාව එලවා දමා ඉඩම ආපසු රජය භාරයට ගන්නට වසර හය හතක් දිසා අධිකරණයේ නඩු කිව යුතු විය.මේ නිසා 1979, අවුරුද්දේ දී අනවසරයෙන් අල්ලා ගනු ලබන රජයේ ඉඩම් නිදහස් කර ගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත නම් විශේෂ නීතියක් සම්මත කෙරිණ.ඒ අනුව අනවසරයෙන් රජයට අයත් ඉඩමක් අල්ලා ගත් අයෙකුට දැන්වීමක් භාර දී මාස දෙකක් තුළ ඉඩම අතහැර යන ලෙසට නියම කිරීමට ප්‍රාදේශීය ලේකම් වරයෙකුට බලය ඇත.දැන්වීමේ සඳහන් කාලය තුළ ඉඩම අත හැර නොගියොත් මහේස්ත්‍රත් උසාවියෙන් ආඥාවක් ලබාගෙන අනවසරකරු ඉවත් කරවීමට ප්‍රාදේශීය ලේකම්ට බලය දී ඇත. දැන ගන්නට ඇති පරිදි ආත්මා දිල්රුක්ෂි ප්‍රාදේශීය ලේකම්වරිය වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ ප්‍රදේශයේ දේශපාලකයෙකුට ඉහත කී පරිදි අනවසරයෙන් සන්තකය දරණ රජයේ ඉඩමකින් ඉවත් වීමට දැන්වීමක් මගින් නියම කර ඇත.ඒ දැන්වීමේ පරිද්දෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත්වීම වෙනුවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ලේකම්වරයා දැන්වීම නිකුත් කළ ප්‍රාදේශීය ලේකම්වරිය එම තනතුරෙන් ඉවත් කර සංචිත ගත කිරීමට පියවර ගෙන ඇත.

එම ලිපිය මෙහි කියවිය හැක https://www.lankaenews.com/news/15314/si

 

Archive

Latest news

Related news