Friday, May 3, 2024

IHP ජනාධිපතිවරණ ජනමත විමසුම 2023 දෙසැම්බර්: අනුර 52න් 50%ට බසී. සජිත් 32න් 33%ට නගී %! රනිල්ට 10යෙන් 9%ට

2023 දෙසැම්බර් මාසයේදී  අයිඑච්පී IHP නම් ආයතන විසින් පවත්වන ලද ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය ඇස්තමේන්තු යාවත්කාලීන කිරීම පිළිබඳව මත විමසුමට අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ මනාප වලින් සියයට පනහක් ලබමින් ඉදිරියෙන් සිටින අතර සජිත් ප්‍රේමදාස මහතා සියයට තිස් තුනක මට්ටමෙහි සිටි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට කැමැත්ත දක්වා ඇත්තේ  9% ප්‍රතිශතයක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයාට 8%ක්  පමණි.

එම සමීක්ෂණ  වාර්තාව පෙන්වන්නේ ජාතික ජන බලවේගයේ නායකයා සඳහා වන සහයෝගය ලකුණු දාහතරකින් 2023 මැද භාගයේ සිට ඉහළ ගොස් ඇති නමුත් දෙසැම්බර් ඇස්තමේන්තු මගින් එහි පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරන බවයි. 2023 සැප්තැම්බර් මාසයේ සිට සමගි ජන බලවේගයේ  සජිත් ප්‍රේමදාස සඳහා සහාය ලකුණු තුනකින් වැඩි වී ඇති අතර ඉහළ එය ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් එම මාස හය තුළම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය දැක්වීම අඩුවී ඇත.

මෙම යාවත්කාලීනය සියලුම වැඩිහිටියන් සඳහා වන අතර 2023 දෙසැම්බර් මාසයේ සිදු කළ සම්මුඛ පරීක්ෂණ 522ක් ඇතුළුව 2021 ඔක්තෝබර් සිට 2024 ජනවාරි 7 දා දක්වා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය 14,941ක දත්ත භාවිත කරමින් සංශෝධිත MRP ආකෘතියක් මත රඳා පවතී.  එහි අවිනිශ්චිතතාවය ගණනය කිරීම සඳහා පුනරාවර්ථන සියයක් සිදු කරන ලදී. දෙසැම්බර් සඳහා දෝෂාන්තිකය 1-4%  ලෙස තක්සේරු කෙරේ.

IHP MRP මෙයට ටපර කරන ලද ඡන්ද අභිප්‍රාය ඇස්තමෙන්තු සඳහා පහත සබැදියන්ට පිවිසෙන්න.

SLOTS  වාර්තාව 2023-06.
https://www.ihp.lk/publications/docs/SLOTSReport202306.pdf

IHP මාධ්‍ය ප්‍රකාශය 2023-16.
https://ihp.lk/news/pres_doc/IHPPressRelease20230526.pdf

IHP මාධ්‍ය ප්‍රකාශය 2023-19.

https://ihp.lk/news/pres_doc/IHPPressRelease202306302.pdf

IHP මාධ්‍ය ප්‍රකාශය 2023-23.
https://ihp.lk/news/pres_doc/IHPPressRelease20230728.pdf

IHP නිවේදනයක් ඇසුරිණි.

(c)srilankabrief

Archive

Latest news

Related news