කොස්තාපල්වරයෙකුට සහ බිරිඳට කළ අගතියට පොලිස් ලොක්කන්ගේ පුද්ගලික මුදලින් ලක්ෂ 20ක වන්දියක්

264

මත්ද්‍රව්‍ය චෝදනා ලැබු සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන්නැයි, කරනු ලැබූ නීති විරෝධී බලපෑමකට අවනත නොවී ඒ සම්බන්ධව විමර්ශන කිරීමේ හේතුවෙන් පලිගැනීමක් ලෙස කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටියට එරෙහිව ව්‍යාජ නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර බිරිඳ ද අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවකට අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය (ජනවාරි 31 වැනිදා) තීන්දු කරනු ලැබීය.

ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයනේ එවකට අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්.අමරසිරි , එවකට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලිසියේ අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන්ට එක්ව සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 20 ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබීය.

එම වන්දි මුදල (ජනවාරි 31 වැනිදා) දින සිට මාස හයක කාල සීමාවක් තුළ ගෙවා අවසන් කළ යුතු යැයි නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය රජය විසින් රුපියල් 25000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියම කළේය.

BBC SInhala