Sunday, April 28, 2024

සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත.

මහේශ් හපුගොඩ.

උදේ අවදිවෙනකොටම අහන්න දකින්න ලැබුණේ තිගැස්සෙන සුළු ප්රවෘත්තියක්. ඒ පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්තගේ හදිසි මරණය.

කටුනායක අධිවේගේ සිද්ද වෙච්ච අනතුරක් පාදක කරගෙන මේ මරණය සිද්ද වෙලා තියනවා කියල ආරංචි උණත් සමස්තයක් විදියට සනත් නිශාන්ත පසුගිය කාලේ ගමන් කරපු වේගේ වැඩී.
මම පවා ඊයේ රෑ හිතින් සාප කලා ඔන්ලයින් පණතට පක්ෂව චන්දෙ දුන්න එවුන්ව මකබෑවෙන්න කියල. මිළියන ගණනක් එහෙම සාප කළාම ඒ සාපය වදිනවා කියලත් අපේ මූලාකෘතික විශ්වාසයක් තියනවා. ඒකෙ ඇත්ත නැත්ත මොකක් උණත් ඒක ඇත්ත වගේ වෙලා.
දේශපාලනය ඇතුලේ පිස්තෝල ඉනේ ගහගෙන, පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂ නායකට පවා තග දමමින් ගිය යම් ත්රාඩ අධිවේගයක් තිබ්බ මන්ත්රී කෙනෙක් තමයි සනත් නිශාන්ත කියන්නේ. ඒ ගමනේ අවසානය මීට වෙනස් එකක් වෙන්න කොහොමත් ඉඩ තිබ්බේම නැහැ.
සනත් නිශාන්ත ”පොහොට්ටු සංස්කෘතියේ” ඉතාම ඉදිරිපෙළ පිළිඹිබුවක්. හැම පොහොට්ටු මන්ත්රී කෙනෙක්ම සනත් නිශාන්ත වගේ නොවුනත් පොහොට්ටු දේශපාලනය සහ බොහෝවිට එක්සත් ජාතික පක්ෂය 1978න් පස්සේ උඩගෙඩි දුන්න ලුම්පන් පහල පංතික දේශපාලනය කාලයක් තිස්සේ වර්ධනය වෙලා ඒක ගම් සහ නගරවල ස්වභාවික වෙලා ඒ ඔස්සේ ඒක අතිරික්ත ප්රමෝදයක් දක්වා ගමන්කරද්දී ඒ ප්රමෝදය ඇතුලේ තමයි සනත් නිශාන්ත ඇතුළු බොහෝ පිරිසක් පාර්ලිමේන්තු යන්නේ.
සනත් කියන්නේ අර කිව්ව ත්රාඩ ලුම්පන් දේශපාලනයේ ඉතාම විවෘත ප්රතිපලයක්. හැබැයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සුදු ඇඳපු ගොඩක් බැනියම් සරම් සහ සාටක අස්සේ සනත් නිශාන්තල ඉන්නවා. එයාල සනත් නිශාන්තල පාවිච්චි කරනවා.
සනත්ල බයික්වල වැඩදමමින්, ඉනේ පිස්තෝල ගහගෙන යනඑක දකින්න ආස තවත් ඉතාම සුළු පිරිසක් පුත්තලමේ ඉන්නවා වෙන්නත් පුළුවන්.
සනත්ලට නිවැරදි වෙන්න, අර ඉහත කිව්ව ත්රාඩ දේශපාලන ගේස් එකෙන් (gaze) මිදෙන්න කාලයක් හෝ අවකාශයක් ස්වභාවධර්මයා දුන්නේ නැහැ වගේම තවත් බොහෝ අයට මේ දෛවය මේ විදියටම වැළඳගන්න සිද්ද වේවි.
සනත් ඉවර උනාටම ඉවර වෙන්න නැති මේ දේශපාලනය සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනි ඒ නිසයි.

නිවන් සුව පතන්නේ නැහැ. ඒ එහෙම පතන්න බැරි නිසා.

Mahesh Hapugoda.

සනත් නිශාන්තගේ මැරකම් දැක රට ගිය වෛද්‍යවරයකුගේ සටහනක්

මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.

මීට වසර බොහෝ ගණනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කළ නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ  ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කළේ නැත.

වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. “ෙසනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා” රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා  ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර  නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධව ය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කළ පහර දීම නිසාය.

මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලා ය. පුටු මේස පෙරලලා ය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.

ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.

සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.

අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි.  “A man’s got to know his limitations”

ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.

නූගත්, ජනප්‍රිය චරිත පාර්ලිමේන්තුවට පත්කර, ඉල්ලන් කන ජනතාවක් සිටිනතාක් කල්, අප රටට බුදු සරණයි , දෙවි පිහිටයි

LankaeNews

Archive

Latest news

Related news